පොහොර හොදයි කී සැණින් ගොඩබානු.. නැතොත් චීනය සමග ගණුදෙනු අවදානමේ.. මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කරනවා.. – චීන සමාගමේ සැර ලිිපිය මෙන්න..

October 26, 2021 at 10:02 pm | lanka C news
පොහොර හොදයි කී සැණින් ගොඩබානු.. නැතොත් චීනය සමග ගණුදෙනු අවදානමේ.. මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කරනවා.. – චීන සමාගමේ සැර ලිිපිය මෙන්න..

චීන කාබනික පොහොර තොගය මෙරටට සපයන ක්වින්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම අද (26) නිවේදනයක් නිකුත් කර තිබේ.

එම පොහොර තොගය සඳහා සැප්තැම්බර් 17 වැනිදා ණයවර ලිපිය විවෘත කර තිබූ බවත්, ණයවර ලිපියේ සඳහන් භාරදීමේ දිනයට අනුකූලව සැප්තැම්බර් 23 වැනිදා තොගය නැව්ගත කිරීම සිදු වූ බවත් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

පොහොර තොගය නියමිත පරිදි බාරගැනීම වැළැක්වීම සඳහා ගැනුම්කරු විසින් කෘත්‍රිම බාධාවක් නිර්මාණය කළේ යැයි සැකකිරීමට හැකි සාධාරණ හේතු පවතින බවද එම සමාගම පවසයි.

ඒ අනුව දෙපාර්ශ්වයම පිළිගත් තුන් වැනි පාර්ශ්වයකින් යළි පරීක්ෂණයක් කළ යුතු අතර, පොහොර තොගයේ අර්විනියා බැක්ටීරියාව ඇතැයි ඉන් තහවුරු වුවහොත් ගිවිසුම අවසන් කරමින් පොහොර තොගය ඉවත් කරගත යුතු බවත්, එසේ නොමැති බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාව කොන්දේසි විරහිතව කඩිනමින් ගෙවීම් සිදුකර තොගය ආනයනය සඳහා පියවරගත යුතු බවත් සමාගමේ නිවේදනයේ සඳහන්.

එසේම බැක්ටීරියාව නොමැති බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වහාම අදාළ ප්‍රවෘත්තිය නිවැරදි කළ යුතු බවත්, සාවද්‍ය පුවත පළකිරීම ගැන නීතිමය තත්ත්වය සොයාබලන බවත් එහි දැක්වේ.

එමෙන්ම මහජන බැංකුව ණයවර ලිපියේ බැඳී සිටින කොන්දේසිවලට අනුකූලව සහ අන්තර්ජාතික වෙළෙඳ නීතිවලට අනුව කටයුතු නොකරන්නේනම් , එම බැංකුව චීනයේ අසාදුලේඛනයට ඇතුළත් කිරීමට හෝ චීන ආයතන එකී බැංකුව සමඟ ගනුදෙනු කිරීම වැළැක්වීම සඳහා යෝජනා කරන බවත් ක්න්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම පවසයි.

එම කරුණ සුදුසු ලෙස නොවිසඳුණහොත් එය ශ්‍රී ලංකා රජයෙ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කීර්තිනාමයටද බල පා හැකි බවත්, එය ඉදිරියේදී චීන සමාගම් සමඟ ගනුදෙනු කිරීමේදී අවදානමක් ගෙන දිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්ය.

මේ අතර පැවති ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ, මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර සිටියේ මෙවන් අදහසකි.

“දැන් චීනයේ සිට ආනයනය කළ ක්ෂුද්‍ර ජීවීන් සහිත පොහොර නැව ලංකාව ආසන්න මුහුදේ සැරිසරමින් තිබෙනවා. ඊයේ දිනයේ කෘෂිකර්ම ඇමතිවරයා රාජ්‍ය ඇමතිවරයා සහ නිලධාරීන් පිරිසක් චීන තානාපතිවරයා හමුවී තිබෙනවා. එහිදී චීනය හා ලංකාව යන රටවල් එකඟ වන තුන්වන පාර්ශ්වයකින් පොහොර සාම්පල් පරීක්ෂාවට ලක්කිරීමට එකඟතාවක් ඇති වී තිබෙන බවට ආරංචි ලැබී තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන සේවයේ වාර්තා නොසලකා එවැනි තීරණයකට පැමිණියහොත් අතිශය බරපතළයි. අපට මතකයි කලින් චීන තානාපති කාර්යාලය මෙයින් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න පවා මතු විය හැකි බවට නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ අනුව මේ සැරසෙන්නේ කුමකටද යන්න පැහැදිලියි. ඔවුන් සූදානම් වන්නේ ක්ෂුද්‍ර ජීවීන් සහිත පොහොර තොගය ගොඩබෑමටයි. ආණ්ඩුව හොර ගල් ඇහිළීමෙන් තොරව මේ පිළිබඳ සත්‍යය හෙළිදරව් කළ යුතුයි. තමන්ගේ නිලධාරීන් ආරක්ෂා කර ගනිමින් කටයුතු කර ගැනීම ආණ්ඩුවේ වගකීමක් වනවා.”

මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කර සිටියේ මෙවන් අදහසකි.

“ප්‍රමිතියෙන් අඩු මෙම කාබනික පොහොර රැගත් නෞකාව කොළඹ වරායට ඇතුළු කිරීම වළක්වන ලෙස දැනටමත් වරාය අධිකාරියේ සභාපතිතුමා නිහාල් කැප්පෙටිපොළ මහතා දැනුම් දී තිබෙනවා. එම නිසා ඒ නැව ශ්‍රී ලංකා වරාය තුළට ඇතුළු කිරීම දැනට නවත්වලා තියෙනවා. මෙම ප්‍රමිතියෙන් අඩු පොහොර ලබාගැනීමට ශ්‍රී ලංකා රජය සුදානම් නොමැති බව පැහැදිලිවම මේ වන විට දැනුම් දීලා තියෙනවා.”

ක්වින්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම නිකුත් කළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

– Ada derana

101,369 views

25 Comments to “පොහොර හොදයි කී සැණින් ගොඩබානු.. නැතොත් චීනය සමග ගණුදෙනු අවදානමේ.. මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කරනවා.. – චීන සමාගමේ සැර ලිිපිය මෙන්න..”

  1. Citizen says:

    Accept it and dump it in the sea in front of international media…..

    • වැංග්ලුං - සාරභූමි says:

      රතු,කොල,කහ,නිල් සහෝදරවරුනී..
      ලංකාවේ මුලු කෘෂි පද්ධතියම පාහේ Genetically Modified මොන්සැන්ටෝ බීජ වලින් ආක්‍රමණය වන තෙක් ඔබලා සිටියේ මර නින්දේද..?
      Genetically Modified මොන්සැන්ටෝ භෝග කවදා හෝ විනාශ කර මේ බිමෙන් නැති කල යුතුය.අප නොදනී..සමහර විට මේ ඉන්දියාානු සහ චීන පොහොර වල ඇති ස්වභාවික ක්ෂුද්‍ර ජීවීන් Genetically Modified මොන්සැන්ටෝ භෝග වලට නම් හානිකර ඇති.අපේ දේශීය බීජ සහ භෙෘ්ග ස්වාභාවික ශක්තියෙන්ම එවාට ඔරොත්තු දෙනු ඇත.
      (ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා Genetically Modified මොන්සැන්ටෝ භෝග ගැනත්,තවදුරටත් ‌ලංකාවේ එම බීජ සහ භෝග වගා කිරීම ගැනත් තම පක්ෂයේ ස්ථාවරය වහාම රටට එලිදරව් කල යුතුය.)

  2. A Sri Lankan says:

    A very good lesson for our legislators and politicians.

    The Chinese mean business and no nonsense.

    If this is the noise for a consignment of fertiliser you can imagine what’s on the way with the Chinese when the Hambantota and Port City are in operation.

  3. saman says:

    මරු මරු මරු, ජය වේවා මහ රජාණනි. මොනව උනත් අපිට ඉන්න අපේම කියල රටක් හැඩුවා. ජාතික ආරක්ෂාව තර කලා. තව මොනවද? වස විස නැති ආහාර දෙනවා.

  4. Jayalath says:

    ඉස්සර වෙලාම ලංකාවට අවේ චීන restaurant කාරයෝ , ලංකාවේ හිටපු බල්ලෝ ටිකක් නම් නැති උනා , ඊට පස්සේ ආවේ චීන ගණිකාවෝ , උන් මේකේ ඇවිල්ල “තවාන්” (Brothals ) හැම තැනම දැම්මා . ඊට පස්සේ Casino වලට චීන්නු අරක් ගත්තා .ඔහොම ඉන්න ගමන් 30 අවුරුදු යද්දෙන් පස්සේ මානව හිමිකම් ගැන ජාත්‍යන්තර බලපෑම් එන කොට දෙවි වරු වගේ UNO එකේ මානව හිමිකම් මන්ඩලේ දී සයයෝගය දීල අපේ රට කරවපු උන්ගේ කනෙන් රිංගල හොඳ හිත දින ගත්තා. ඊට පස්සේ හම්බන්තොට වරායා, මත්තල ගුවන් තොටු පලවල්ද, Highways හදන්න නොමසුරුව අධ්පොලියට සල්ලි නයට දීල අපේ හැත්ත අවනත කරගෙන නය උගුලක පැටලෙව්වා. යහ පාලන හැත්තත් නයට ගත්ත. PORTCITY හදන්න සල්ලි වියදම කරලා ශ්‍රී ලංකා පොළවෙන් කොටසක් හෙමින්ම ගත්තා. ඊට පස්සේ ලංකාවේ එක එක ප්‍රශ්නගත PROJECTS ගොඩක් පටන් ගත්තා . ඉස්සෝ වගාව,වැව් කැනීම, පාරවල් සැදීම, වැනි විවධ ව්‍යාපාර වල යෙදෙන්නට පටන් ගත්තා . Corona වසංගතය ලෝකයට බෝ කලේ චීනයේ wuhan නගරයෙනි. චීනය අපටද Corona දායාදයක් ලබා දුන්නේය. දැනට 100000 පමණ අධික චීන ගොත කරුමයන් ලංකාවේ වෙසෙති. ඉන්පසු COVID එන්නතෙන් චීන්නු අධික ලාබයක් ලැබූහ.දැන් චීනයේ නාගරික ගූ වලින් සැදූ bactiria සහිත පොහොරක් බලන් හෝ ගොඩ බෑමට සුදානම් වේ. අන්තිමට අපට කන්නට වෙන්නේ චීන ගූ ය. දැන් අපට වෙන්නේ චීන ගූ රස කර කර කෑමය!

  5. rata perata says:

    hereafter we can call our country as “CHI LANKA” . well done decision makers in this country. excellent attempt . entire nation should salute you all.

  6. CHAMEE says:

    Please pay the money and send back the cargo.
    This is not a big money when compare our other corruptions.

  7. Juam diesel says:

    Company eka kiyanawanam 3rd party company ekakin me pohora pass wuna kiyala lankawath 3rd party company ekakin test keruwanam iwarane.
    Meke tiyena widihata matanam penne lankawe un anagena wage. Test eka hariyata karala nati seen ekak tiyenne. Kohomath ape unge kata witarane. Wada naane. Erwin kiyala wena bacteria eka detect karan wage

  8. Athula says:

    කොහොමද චීනේ මානව දයාව ඔය පටන් ගත්ත විතරයි..

  9. sam says:

    Ship name changed ” Hippo Spirit” to “Seiyo Explorer” ????????