පොළොන්නරුවේ මිලියන 12000 වකුගඩු මහ රෝහල.. මුල්ගල් සරුසාරෙට පැලවෙයි..- මෙන්න අලුත්ම තත්වය

August 29, 2017 at 3:24 am | lanka C news
පොළොන්නරුවේ මිලියන 12000 වකුගඩු මහ රෝහල.. මුල්ගල් සරුසාරෙට පැලවෙයි..- මෙන්න අලුත්ම තත්වය

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වී සති කිහිපයකින් කියා සිටියේ චීන රජය විසින් රුපියල් කෝටි 1200 (මිලියන 12000) වියදමින් පොළොන්නරුවට වකුගඩු රෝහලක් ලබා දෙන බවත් ඉතා ඉක්මනින් එහි ඉදිකිරීම් අවසන් කර රෝගීන්ට සියලු පහසුකම් සපයන බවත් ය.

කෙසේ වෙතත් අද වන විටත් රෝහලක් ඉදිකිරීමට ගඩොලක්වත් තබා නැති බවත් වකුගඩු රෝගීහු පවසති. මේ ගැන සොයා බැලීමට පොළොන්නරුවට ගිය අපට දක්නට ලැබුනේ ඒ සත්‍යයක් බවයි. බෝඩ් ලෑල්ලක් හැර වෙන කිසිවක් එහි නොවීය. මෙහි දැක්වෙන්නේ ඊයේ දිනයේ ලබා ගත් ජායාරූපයි.

මේ ගැන අදහස් දැන ගැනීමට පොළොන්නරු රෝහලේ වකුගඩු රෝග සායනයට පැමිණි රෝගීන් කිහිප දෙනකු සමග අපි සාකච්ජා කළෙමු. ඇලහැර සිට පැමිණි ජේ.එම්. උක්කුබන්ඩා (61) මහතා ප්‍රකාශ කලේ ‘අපි මේ ලඟදි දැක්කා රාජිත මහත්තයා කියනවා වකුගඩු ලෙඩ්ඩු අඩු වෙනවා කියල. අනේ මන්ද මහත්තයෝ ඒ සිංගප්පුරුවේ වෙන්න ඇති මෙහෙනම් වෙන්න බෑ’ යනුවෙනි.

මැදිරිගිරියේ සිට පැමිණි ජයන්ත දිසානායක (47) මහතා මෙසේ ප්‍රකාශ කළේය. ‘දැන් ඔය චීනෙන් දෙනවා කිව්ව කෝටි දාහේ ඉස්පිරිතාලේ කෝ. මේ අසරණ අපිවනේ රවටන්නේ. දැන් ඔය රටේ හැම මගුලක්ම පරක්කු වෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව නිසා කියන්නේ. මේකත් එහෙම වෙන්න ඇති මයේ හිතේ’

76 views