පෝලිම් නැතිව තෙල් ගහන්න ආ පොලිසියට විරෝධය… පොලිසිය ඉවත් වෙයි..

July 17, 2022 at 5:30 pm | lanka C news
පෝලිම් නැතිව තෙල් ගහන්න ආ පොලිසියට විරෝධය… පොලිසිය ඉවත් වෙයි..

දින ගණනාවකට පසු නුවරඑලිය නගරයේ පිහිටි අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හලට එම සමාගම විසින් නිකුත් කෙරුණු පෙට්‍රල් ලබාගැනිමට පොලිම්වලින් පරිබාහිරව පැමිණි නුවරඑලිය පොලිසියේ නිලධාරින් සහ පොලිම් වල දින ගණනාවක් රැදි සිටි පිරිස අතර දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති විය.

පෙට්‍රල් ඉන්ධන ලබාගැනිමට පොලිම් වල දින ගණනාවක් රැදි සිටි පාරිභෝගිකයන්ට නුවරඑලිය පොලිසිය විසින් ටොකන්පත් නිකුත් කර තිබු අතර, එම ටොකන්පත අනුව යතුරුපැදිවලට , ත්‍රිරෝද රථවලට සහ අනෙකුත් පෙට්‍රල් වාහන වලට සිමා සහිතව ඉන්ධන නිකුත් කල අතර, එම ක්‍රමවේදයට පටහැනිව නුවරඑලිය ප්‍රදේශයේ පොලිස් ස්ථාන කිහිපයක පොලිස් නිලධාරින් ඔහුන්ගේ පෞද්ගලික යතුරුපැදිවලට ඉන්ධන ලබාගැනිමට පැමිණි අවස්තාවේදි මෙම දැඩි නොසන්සුන්කාරි තත්ත්වය ඇති විය.

නොසන්සුන්කාරි තත්ත්වය හමුවේ නුවරඑලිය පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු එම ස්ථානයට පැමිණ ටොකන්පත් නොමැතිව පොලිම් වලින් පරිබාහිරව ඉන්ධන ලබාගැනිමට පැමිණ සිටි පොලිස් නිලධාරින් ඉවත් කිරිමට පියවර ගැණින.

මේ අතර අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල්වලින් යතුරුපැදිවලට ඉන්ධන නිකුත් කිරිමේදි ඇතැම් යතුරුපැදිකරුවන් කාර්මික දෝෂ වලට ලක් වි ඇති යතුරුපැදි ඉන්ධන පිරවුම්හල වෙත තල්ලු කරගෙන රැගෙන විත් ඉන්ධන ලබාගෙන පසුව එම යතුරුපැදියට ලබාගත් ඉන්ධන බූලි වලට රැස් කරන ආකාරය අප කැමරාවේ සටහන් විය.

– රංජිත් රාජපක්ෂ

27,298 views

2 Comments to “පෝලිම් නැතිව තෙල් ගහන්න ආ පොලිසියට විරෝධය… පොලිසිය ඉවත් වෙයි..”

  1. Nadeeka says:

    කූරුණෑගල පන්නල පොලිසියේ ස්තානාදිපතිගෙ ඉන්දන විකුනන්නෙ මාඔය වනසන පස්ජාවරම්‍ කාරයෙකුයි උගේමල්ලියි ඉන්දන ආපුදවසට පොලිසියේ දහයකටවිතර බෝතල්පාටි කෝමේ ආරක්ශකලේකම් නිදිද? පන්නල බලු පොලිස්

    • aanamaduwe maanavadu says:

      aarakshaka lekam kiyala kiyana ara mahaaloku jaathivaadiyaa harak meeharaksekaraya inneth den umbe kala-
      vaawal deka athare uge bella thiyaagenaneda? ithin umbama uta huththa levakanna kiyala methana boruwata
      babaa part daanavaaneda nadeeka?

Main News