පෝට් සිටියට ජනමත විචාරණයක් ඉල්ලයි…

April 16, 2021 at 6:27 am | lanka C news
පෝට් සිටියට ජනමත විචාරණයක් ඉල්ලයි…

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන “කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති විශේෂ පෙත්සම් ලබන 19 වැනිදා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට අගවිනිසුරුවරයා තීරණය කර ඇත.

ඒ අනුව මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ගේ ප්‍රධානත්වයෙන් බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලෙනු ඇත.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ යන මහත්වරුන් , තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් ගේ සංගමයේ සභාපති ජී කමල් රේණුක පෙරේරා, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

එම පනත් කෙටුම්පත නීතියක් බවට පත් වීමට නම් පාර්ලිමේන්තු වේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනතාව විසින් ජනමත විචාරණයක දී සම්මත කල යුතු බවට තීන්දු කරන ලෙස සිය පෙත්සම් මගින් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

– තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ

24,096 views

9 Comments to “පෝට් සිටියට ජනමත විචාරණයක් ඉල්ලයි…”

  1. Kadiya says:

    වරාය නගරය තුල පොහොට්ටුව ගිලී යන ලකුණු පෙනේ. හමුදා රජයක් බිහිකිරීම වගේ මෝඩ වැඩක් දිහාවට යනවාදෝ කියලත් හිතෙනවා. නැතිනම් ජනතාව කෙලින්ම අකැමැති වෙන මේ වගේ ගොන් වැඩකට කිසිසේත්ම යොමුවෙන්නේ නැහැ.

    • අපිනම් කුහක නෑ says:

      රට සින්ගප්පූරුවක් කරන්න කියපු ජනතාවම මේකට විරුද්ද වෙනවනම් ඒ නොදන්න කමට. දන්න මිනිස්සු ඉස්සරහට ඇවිත් මේක පැහැදිලි කරාම ඕක හරියනවා.

  2. Dilshan says:

    ෆ්නිදහස් ආර්ථික කලාප හෙවත් special economic zones (SEZ) ලෝකයේ හැම රටකම පාහේ තිබෙනවා මෙවනි සියගණනක් කලාප ලෝකය පුරාම විසිරිලා තිබෙනවා බටහිර රටවල ත් තිබෙනවා. මේ විරෝදය තනිකරම නොදන්නාකම සහ දේශපාලන උවමනාකම් මත සිදුවන දේ. රජයේ වැරැද්ද, මෙවනි අනෙකුත් ලෝකයේ විශේ නගර ගැන රටේ ජනතාව දැනුවත් නොකර එක වරම මෙවනි කැබිනට් පත්‍රිකා/ගැසට් ගෙන එම. මෙවනි ආර්ථික කලාප ගැන විකිපීඩියා එකෙන් Dana ගන්න
    This is completely international politics war. West and India is worried that China will establish in this region. If India is worrying about it they too can built something like this in Tamil Adu. Those who oppose this are either NGO dollar crows or ignorant lot fooled by those NGOs. Abayarama Hamuduruwo sadly fooled by those dollar crows

  3. A Sri Lankan says:

    This is the correct way of doing this. Let the people have another chance to decide about their future We should do this for all major issues especially in view of unqualified unsuitable MPs in the Parliament

  4. Banda says:

    Very good. Let there be a wider and an intelligent discussion and debate in the society about this matter

  5. Gayan says:

    මෙි සතිය පෝටිසිටි ුන් එකෙන් අදගෙන ගිහැකි

  6. රාවණාගේ හෙළු කක්කා පුතුන් says:

    එම්බා හෙළු කක්කා පුතුනි, තොපි කුමකට බිය වන්නෙහුද? ඉක්මනින්ම අපගේ අති ශ්‍රේෂ්ඨ රාවණා රජතුමන් අවදි වී පැමිණ චීනුන් අල්ලා පර සක්වල ගසා වරාය නගරය අප හෙළුද්වීපයේ පාලනයට නතු කර ගනු ඇත.

  7. චන්ඩි කොල්ලා says:

    ඉතා ඉක්මනින් ආර්ථිකය ගොඩනගන්න මෙවැනි ආර්ථික කලාප පිහිටුවීම අත්‍යාවශ්‍යයයි. තේ කෝප්පයේ කිඹුල්ලු දකින ඩොලර් වලට කහින කුක්කෝ ඉන්නකම් මේ රට ගොඩ ගන්නවා බොරු!

  8. Love nature says:

    රටට විනයක් නම් සියලුදෙනා එක්විය යුතුය.

Main News