පෝට් සිටිය කේතුමතියත්.. පර්චසය කෝටි දෙකයි..- එදා ආලාපාලු කතා කී චම්පික අද කියන කතාව මෙන්න…

October 26, 2017 at 10:00 am | lanka C news
පෝට් සිටිය කේතුමතියත්.. පර්චසය කෝටි දෙකයි..- එදා ආලාපාලු කතා කී චම්පික අද කියන කතාව මෙන්න…

ශ්‍රී ලංකා සිතියම වෙනස් කරමින් ඉදි කෙරෙන වරාය නගරය ශ්‍රී ලංකාවේ භූමියක් ලෙස නම් කෙරෙනු ඇති බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

එහි ගොඩ කිරීම් නිම වූ වහාම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඒ බව ප්‍රකාශයට පත් කරනු ඇති බව කොළඹ වරාය නගර භූමියේ ඉඩම් ගොඩ කිරීමේ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ඇමතිවරයා කියා සිටියේය.

වරාය නගරය සඳහා ගාලු මුවදොර මුහුදු තීරයේ හෙක්ටයාර 269ක මුහුදු ප්‍රදේශයක් ගොඩ කෙරෙන අතර එහි 50%ක කටයුතු දැන් අවසන්ව ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

“2019 වෙනකොට මේකේ ඉඩම් ගොඩ කිරීම අවසන් වෙනවා. ඊට පෙර ලබන අවුරුද්දේ මැද වෙනකොට මෙහි මූල්‍ය නගරයේ කටයුතු අපි ආරම්භ කරනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුගිය ආණ්ඩුව වරාය නගරය ලෙස නම් කළ පෝට් සිටි ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව නම් කර ඇත්තේ මූල්‍ය නගරය ලෙසය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය සේවා සැපයුම් ක්‍රියාවලියේ ප්‍රමුඛයෙකු බවට පත් කිරීම එහි අපේක්ෂාව බව රජය පවසයි.

“මේකට කලින් තිබුණේ ගොඩක් විනෝදාස්වාදය මුල් කරගත් අරමුණක්. කාර් රේස්, කැසිනෝ පවත්වාගෙන යන්න, අපි ඒ වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන මෙහි කැඳවන්න තීරණය කර තිබෙනවා” යනුවෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසීය.

වරාය නගරයෙහි පර්චසයක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 285,000ක් වැය වන බව පැවසූ අමාත්‍යවරයා එය ලක්ෂ 200ක් පමණ මුදලකට විකිණිය හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළේය.

චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන ආයෝජන ගැන කලාපීය බලවතා වන ඉන්දියාව සිටින්නේ එතරම් කැමැත්තකින් නොවේ.

ඒ ගැන විමසීමේදී ඇමතිවරයා පැවසුවේ ඉන්දියාව ඇතුළු විදේශ රටවල ආයෝජකයන්ට ද මෙම ඉඩම් ලබාගත හැකි බවය.

“ඉන්දියාවේ අමරාවතිය පටන් ගත්තා මෝඩි අගමැතිතුමා. මේක තමයි ලංකාවේ කේතුමතිය”

වරාය නගර ව්‍යාපෘතිය සඳහා මීගමුව මුහුදු තීරයෙන් වැලි ගැනීම හේතුවෙන් එම ප්‍රදේශවල ධීවර නිවාස රැසක් මුහුදුබත් වීමේ අවදානමක පවතින බව ප්‍රදේශයේ ජනතාව සහ ධීවර සංවිධාන චෝදනා කරති.

කෙසේ නමුත් අමාත්‍යවරයා පැවසුවේ මීගමුව වැනි ප්‍රදේශවල මුහුදු ඛාදනය වරාය නගරයට පෙර පටන්ම තිබු බවය.

“වෙරළ ඛාදනය නිසා අපිට සියවස් ගණනක් බිම අහිමි වුනා. ඒ අහිමි වෙච්ච බිම නැවත ලබාගැනීම සිදුවන පළමුවැනි ව්‍යාපෘතිය මේක”

මෙම ව්‍යාපෘතියෙන් ලබාගන්නා අත්දැකීම් අනුව ඉදිරියේදී කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා මුහුදු තිරයේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අදහසක් ඇති බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කළේය.

2018 වසරේ පළමු කාර්තුවේ දී ඉඩම් වෙන්දේසි කිරීම ආරම්භ වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

– BBC

93 views

7 Comments to “පෝට් සිටිය කේතුමතියත්.. පර්චසය කෝටි දෙකයි..- එදා ආලාපාලු කතා කී චම්පික අද කියන කතාව මෙන්න…”

  1. ajith says:

    This man always gives wrong figures.
    actual cost is 2.85 Million and it excludes the cost of infrastructure development. After all completion cost will me 3.5 Million. I suppose he got this data just before media show and without thinking talked to media.

  2. Nuwan says:

    Me wage Kunu Katawal walata Hodak Weida?

  3. කොන්ඩෙකලූ says:

    ලමය නම් මගේ නොවෙයි. එත් ලස්සන නිසා උප්පැන්නෙට පියා හැටියට මගේ නම දාගන්නව. – පාච

  4. Niru says:

    This Idiot who was pushed to this position by Buddhist monks. He is talking big of a project brought to the country by MR. He doesn’t even have the gratitude to thank MR his former boss. The donkey kept silent when it was stopped unnecessarily by stupid Dr Ponil.
    Now the donkey is talking big

  5. Sadda says:

    Ape piyata apahasa awalada karala ethuma kala wedawalata nama dagannawata munta nisi danduwam kadinamin labewa!.

  6. යුක්තිය says:

    මුගෙයි,රනිල්ගෙයි ආර්තික අරමුනුයි මහින්දගෙ කාර් රේස්,කැසිනො අරමුනුයි අරං බැලුවොත් පෙනෙයි කොහොමද කියල….! කොහොමද පා.ච කියන්නෙ ඇත්ත බව පිලිගන්නෙ…කාර් රේස් පදින්න ලංකාවෙ ඕනතරං ඉඩ තියෙද්දි පොට් සිටි හදන්න වියදං කරල රේස් පදින්නෙ කවුද…? ඇයි කැසිනො වදින්නෙ පෝට් සිටියෙ විතරද…? මුං කිව්වෙ කැසිනො ගැහුවලු රාජපක්ශ කාලෙ, දැන් අරමුනු කරංලු හිටියෙ..මුගෙ ගොං තර්ක වලට චූන් වෙන යූඑන්පී කාරයන්ට හරක් ගානටවත් බුද්ධිය පෑදේවා..!

  7. SuMa says:

    අනේ පා.ච. යෝ… පොර්ට් සිටිය චීන්නු හරියට කරයි. නිකන් හොම්බ නොදා හිටු. උබට බාරදීපු මෙගපොලිස කොරොල පෙන්නපියකෝ..

Main News