පෝට් සිටිය බලන්න දීර්ඝ පෝලිම්..
January 21, 2022 at 6:12 am | lanka C news
කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පදික මංතීරුව පසුගිය ජනවාරි 10 වන දින මහජනතාවට විවෘත කිරීමෙන් අනතුරුව, මේ වනවිට 90,000 කට අධික පිරිසක් එය නැරඹීමට පැමිණ තිබේ. ගාලු මුවදොර දෙසින් පිහිටා ඇති ඇතුළු වීමේ දොරටුවෙන් පිටත පවා ජනතාව විශාල වශයෙන් පෝලිම් සැදී, ඉමහත් උනන්දුවෙන් යුතුව කොළඹ වරාය නගරය දැකබලාගැනීමට පුලපුලා බලා සිටින ආකාරය මේ වනවිට සුලබ දසුනක් වී ඇත.
ජනවාරි 10 සහ 17 දින අතර නිවාඩු දින කිහිපයක්ද යෙදී තිබූ සතිය තුළ, අතිවිශාල පිරිසක් කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පදික මංතීරුව වෙත පැමිණියහ.
මෙම පදික මංතීරුව විවෘත කිරීම 2022 ජනවාරි 09 දින සිදුකරන ලද අතර, එම උත්සවයට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් යී යන මහත්වරු එක්වූහ.
දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කොටසක් ජනතාව වෙනුවෙන් විවෘත කරන ලද ප්‍රථම අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වලට වසර 65 ක් පිරීම සහ සුප්‍රකට රබර් සහල් ගිවිසුමට වසර 70 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද උත්සව මාලාවක එක් උත්සවයක් වශයෙන් මෙය විවෘත කිරීම සිදුකරන ලදි.
2022 ජනවාරි 10 සිට 17 දක්වා කාලය තුළ 89,540 දෙනෙකු නව පදික මංතීරුව වෙත පැමිණියහ. මේ අතරින් වැඩිම පිරිස වාර්තා වූයේ 2022 ජනවාරි 16 දින වන අතර, එදින පැමිණි සංඛ්‍යාව 22,580 කි. නිවාඩු දින වූ සිකුරාදා සහ සඳුදා දිනවල පැමිණීම පිළිවෙළින් 19,717 ක් සහ 21,656 ක් ලෙස වාර්තා විය.
මීටර 500 ක දිගකින් යුත් මෙම පදික මංතීරුව ඉතාමත් අලංකාර ලෙස සැලසුම් කර තිබේ. වරාය නගරයේ ඉදිකිරීම් අතරතුර මෙවැනි පොදු ස්ථාන රාශියක් ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට ව්‍යාපෘති නිලධාරීන් කටයුතු යොදා ඇත. වරාය නගරයේ ප්‍රධාන සැලැස්ම අනුව, හෙක්ටයාර 91 ක භූමි ප්‍රමාණයක් පොදු අවකාශයන් සඳහා වෙන්කිරීමට සැලසුම් කර තිබේ. හෙක්ටයාර 53 ක් පුරා විහිදුණු හරිත අවකාශයන්, කිලෝමීටර් 2 ක දිගින් යුත් වෙරළ තීරයක්, හෙක්ටයාර 14 ක මධ්‍යම උද්‍යානයක්, පදික මංතීරු, ඇල මාර්ග සහ උද්‍යාන එකිනෙක සම්බන්ධ කරන මංමාවත් ආදිය මීට ඇතුළත් ය.
කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පදික මංතීරුව වෙත පිවිසීම සඳහා, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විශේෂ පිවිසුම් දොරටුවක් මේ වනවිට ඉදිකර ඇත. දිනපතා පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා මෙය මහජනතාව වෙනුවෙන් විවෘතව පවතී. දැනට මෙම ස්ථානයට රථවාහන ඇතුළු කිරීමට අවසර නොමැති අතර, නව පදික මංතීරුව භාවිතා කිරීමේදී COVID-19 සම්බන්ධ මාර්ගෝපදේශ නිවැරදිව පිළිපදින මෙන් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. මේ වනවිටත් විශාල ජනකායක් මෙම පදික මංතීරුව වෙත දිනපතා පැමිණෙන බැවින්, කොවිඩ් වැළක්වීමේ සෞඛ්‍ය මර්ගොපදේශයන්ට අනුගතව දුරස්ථ භාවය සුරැකීම සඳහා එහි වරකට රැඳී සිටිය හැකි සංඛ්‍යාව 700 කට සීමා කිරීමටත්, කොවිඩ් අවදානම පාලනය කිරීමට පදික පාලම භාවිතා කිරීම සම්බන්ධයෙන් සීමාවන් පැනවීමටත් ව්‍යාපෘතිය භාර නිලධාරීන් කටයුතු කර ඇත.
කොළඹ වරාය නගරය යනු වත්මන් කොළඹ මධ්‍යම වාණිජ කලාපයේ දිගුවක් ලෙසින් අලුතින්ම ඉදි වූ, මුහුද ගොඩ කිරීමෙන් බිහිකරන ලද හෙක්ටයාර 269 ක භූමි ප්රමාණයකි. ලෝක මට්ටමේ නගරයක් නිර්මාණය කරමින් සහ ජීවත් වීමට හොඳම ස්ථානවලින් එකක් ලෙස කොළඹ නගරය වැඩිදියුණු කරමින්, ජාත්‍යන්තරකරණය වේගවත් කිරීම ඔස්සේ තිරසාර ආර්ථික අනාගතයක් සහතික කිරීම සඳහා දක්ෂතා සහිත පුද්ගලයන් සහ ආයෝජන ආකර්ෂණය කරගැනීම වරාය නගර ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත මගින් මෑතකදී කොළඹ වරාය නගරය බහු-සේවා විශේෂ ආර්ථික කලාපයක් බවට පත්කිරීමත් සමග මේ වනවිට ලොව නැගෙනහිර හා බටහිර යාකරන කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමෙන් උපරිම ප්‍රයෝජන ලැබීම සඳහා මහඟු අවස්ථාවක් උදා වී ඇත.
– media unit
මෙය සාදා නිමවු දිනක කිසිදු සාමාන්‍ය ශිුලාංකික වැසියකුට ඇතුලට යා නොහැකි වනු ඇත. දැන් බලා සැනසී, රැවටී ඔබෙි චන්දය පාවිචිචි කර අනාගතයේ එය සිහි කර ආතල් එකක් ගන්න.
බූරුවෝ මෙහි බලා සෙනසෙන්න දෙයක් තවම නේ.මෙය නගරයේම කොටසක් වෙඩ නිමවූ පසු එය බෙලීමට කිසිවෙකුගේ අවසර අවශ්‍ය, නේ.අද ගෝල් ෆේස් වන් බලන්න සෙනඟ යන්නේ යම් සේද වෙඩ නිමවූ පසුමෙය බෙලීමට එසේ යාහෙකියි සම්පූරන වෙඩ නිමවීමේ කාල සටහන වසර ගනනක් .එජාප,ජවිපෙ,සජබ ආන්ඩුවක් ආවොත් තමා මෙහි වෙඩ, නවතින්නේ
ලංකාවෙි කලුගල් ඉවරවෙයිද අායුබොවන්?
සිත නිවන කතා…
අනාගතයේ උඹ කොහොමත් නෑ…අරකෙන් මැරිලනෙ…අපි ගිහින් බලන්නං..උඹ භය වෙන්න එපා ..!
කළු ගල් ටොන් මිලියන 20ක් ඕනේ කියපු “පරම සත්‍ය” ටොන් පචයගෙ තවත් පචයක්
JVP an opposed Colombo Port City build by People’s Republic of China since very beginning, similar range of policies even before 2015 Jan adopted by UNP +SJB and TNA. They were anti -China and Pro -Indian and USA luckiest of puppet of political-outfits.
What ever some thing NEW any projects that JVP politically an opposed, the reasons is they back by USA funds.
Jeppo bankoloth wena wadak meka. Wena boruwak gothanna wena wadak.
Daws 2ta karala thiyana vunashaya dakkahama samanya sri lankikayan oka thulata yawiya yuthu natha…
රාජපක්ෂලා චීනුන්ට නගරයක් හදලා අපේ රටේ කලුගල් ඉවර කලා.
පොඩ්ඩක් එලියට ගිහින් වටපිට බලල ආවනං
මාත් මේ සජ්බයන්ගෙන් වත් වීසා එකක් ගන්න ඉන්නෙ-
ඔව් ඉතින් සීගිරිය බලන්න බැරි නිසා පෝර්ට් සිටි එක බලන්න යනවා . සීගිරිය කඩල නේ ඕක හැදුවේ.