පෝට් සිටි පනතට පාර්ලිමේන්තුවේ ඡන්ද මගඩියක්.. පොහොට්ටුවෙන් චෝදනා.. කතානායක පරීක්‍ෂණ අරඹයි..

May 22, 2021 at 4:40 pm | lanka C news
පෝට් සිටි පනතට පාර්ලිමේන්තුවේ ඡන්ද මගඩියක්.. පොහොට්ටුවෙන් චෝදනා.. කතානායක පරීක්‍ෂණ අරඹයි..

පාර්ලිමෙන්තුවේදී පැවති කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිසන් සභා පනත් කෙටුම්පතෙහි අවසන් ඡන්ද විමසීමේ දී කිසියම් අඩුපාඩුවක් සිදුවී ඇත්දැයි සොයා බලන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

ඒ ගැන විවිධ මත පළ වීම නිසාම මෙම තීරණය ගත් බව ද කතානායක වරයා පැවසීය.

කතානායකවරයා තවදුරටත් පැවසුවේ ඡන්ද විමසන අවස්ථාවේ තමන්ගේ ඡන්දය නිවැරදිව පළවී ඇතැයි නිරීක්ෂණය කරන්නැයි කිහිප වරක්ම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි බවයි.

මන්ත්‍රීවරුන් එම අවස්ථාවේ සැලකිලිමත්ව සිටියේ නම් මෙවන් අඩුපාඩු වළක්වා ගත හැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා විසින් එම පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ එම ඡන්ද විමසීම ගණන් කිරීමේ දී තම පාර්ශවයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ගේ ඡන්දය ගණනය වී නැති බවයි. එය නිවැරදිව ගණනය වූයේ නම් තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් පනත සම්මත වූ බව ද ඔහු පැවසීය.

34,794 views

19 Comments to “පෝට් සිටි පනතට පාර්ලිමේන්තුවේ ඡන්ද මගඩියක්.. පොහොට්ටුවෙන් චෝදනා.. කතානායක පරීක්‍ෂණ අරඹයි..”

  1. Felix says:

    Mokkuda Mee? 200-225 Hariyata Ganan Karanna Bei Unda Rata Paalanaya Karnne? Grade one Hari two Lamayekwa Induwa Nam, Hariyata Karanawa. Mee Wage News Walin Wenne Mee Ayage Niyma Roopya Dena Ganna Labbemai.

    • randy says:

      athal denna epa oi. uba hithuwada oka ganan karanne atha ussala kiyala.. yako eka Electrical chanda wimaseemak. 😛 system ekakin count wenne.. backend eken wenas karanna puluwan. ekai oya kiyanne

  2. Lakshman Jayasinghe says:

    megena ionawata wada baya wenna hodane.dan api kalayuththe cheena basawa ape lamunta igenwemai.itra pasuwa thawa awurudu 50 withara yaddi cheeneta americawata yanna visa ganna one ne , Janane wege diyunu ratak wenawa .cheene pranthayak unioth apitath americawata visa nethuwa yanna puluwan apith diyunu ratak

    • OLU says:

      රටට ද්‍රෝහී නපුංසක පක්ෂ වලින් එක්සත් ජාතික පක්ෂය මූලික වේ නමුත් පොහොට්ටුවෙන් මෙවන් දේශ ද්‍රෝහී ක්‍රියාවක් සිදුවේ යයි අප බලාපොරොත්තු නොවිය එය අපට කිසිසේත් අදහාගත නොහැකිය ..නමුත් දැන් ඔවුන්ගේ ප්‍රතිපත්ති සහ යහපාලනේ අතර වෙනසක් දැකගත නොහැක ..ගෝඨාභය සහ මහින්ද ජන්දේ කාලේ ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරන්නේ මන්ද ?
      චීනෙට රට වෙන්දෙසිකරන පනතට ජන්දය දුන් සැමටම සාප වේවා … තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් පනත සම්මත කරන්න හදන මේ නරුමයෝ අපේ රටට සාපයක් ….චීනෙට අපේ රටේ සම්පත් බන්දේසියේ තියලා දීපියව් ..අනාගතේ සිංහල දරුපරම්පරාවට රටක් නැති කරපියව් ..ඒකාලේ වෙන විට මේ ජන්දය දුන් නිවටන්යිගේ හත්මුතු පරම්පරාවත් ජිවතුන් අතර නැහැ ….දේශපාලකයින් මුදල් වලට ඇති තණ්හාවෙන් සිංහලයා සතු එකම මාතෘ භුමිය අපට අහිමි කරනවා
      හෙළයිනි ,දැන්වත් මෙය රැකගැනීමට පෙරට වරෙව් .. අපේ සිංහල සංවිධාන ..ගෞරවනීය සංඝරත්නය ,ජාතිමාමක උගත් හෙළයෝ කොහේ ද ?ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්,වරාය නගර පනතට එරෙහිව නැගිසිටින්න …