පෝට් සිටි පනතට සියළු දෙනා විරුද්ද විය යුතුයි.. විවාදයේදී දේශදෙ‍්‍රා්හීන් හදුනාගත හැකියි..- ඇල්ලේ හිමිත් සටන් පෙරමුණට…

April 17, 2021 at 10:40 am | lanka C news
පෝට් සිටි පනතට සියළු දෙනා විරුද්ද විය යුතුයි.. විවාදයේදී දේශදෙ‍්‍රා්හීන් හදුනාගත හැකියි..- ඇල්ලේ හිමිත් සටන් පෙරමුණට…

වරාය නගරය (පෝට් සිටි) චීනයට පවරා දීම සම්බන්ධ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු විවාදයට ගැනීමෙන් පසු දේශපේ‍්‍රමීන් සහ දේශද්‍රෝහීන් හඳුනා ගැනීමට හැකිවනු ඇතැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.

වරාය නගරයේ ඉදිරියේදී ක‍්‍රියාත්මක වීමට නියමිත පළාත් සභා සහ නගර සභා පාලන ක‍්‍රමයත් ශ‍්‍රී ලංකා රජයේ පාලන ක‍්‍රමයෙන් ඔබ්බට යමින් සිදුකරනු ලබන අනෙකුත් සියලූ ක‍්‍රියාවන් සහ ඒ හා සම්බන්ධ විගණන ක‍්‍රියාවලියටත් ශ‍්‍රී ලංකා රජයට අත පෙවිම් කළ නොහැකි තත්ත්වයක් ඉස්මතු වීම නිසා අදාළ පනත් කෙටුම්පතට පවතින පාර්ලිමේන්තුවේ සියල්ලන් විරුද්ධ විය යුතුව ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇල්ලේ ගුණවංශ හිමියෝ මෙසේද පැවසූහ.

අපේ රට ලෝකයෙන් වෙන් වෙන්නේ ජල තීරයකින්. මුහුද ගොඩ කරල තමයි මේ නගරය හැදුවේ. දැන් අපේ රටේ සිතියමත් වෙනස්. මේ හැදෙන වරාය නගරයට අපට යන්න බැහැ. ඇතුළේ ගනුදෙනු විදේශ මුදල්වලින්. මේක වෙනම රටක්. දැන් මේ රට වෙන්කර ගන්න පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ගෙනාවා. රටට ආදරය කරන බුද්ධිමතුන් මෙතනදී නිශ්ශබ්දව සිටිනවා නම් අපට සැබෑ දේශපේ‍්‍රමීන් සහ දේශද්‍රෝහීන් හඳුනාගැනීමට පහසුයි. රාජද්‍රෝහීන් වුණත් කමක් නැහැ. හැබැයි දේශද්‍රෝහීන් වෙන්න හොඳ නැහැ.

අද චීනය අපට ණය කන්දරාවක් දෙනවා. ඒවා ඩොලර් නෙවෙයි. චීන යූආන්. අපි හරියට දන්නේ නෑ මේ ගැන. නමුත් චීනය ඒ අයගේ ගනුදෙනු හරියට බේරා ගන්නවා.

සමුදුර කියන්නේ අපේ සම්පතක්. මේක යට තියෙන ඛනිජ සම්පත ගැන දැන් කව්රුත් කතා නැහැ. ඒකත් චීනයටම ද කියලා අපි දන්නේ නැහැ.

ඒ අස්සේ අපේ මුහුදේ මත්ස්‍ය සම්පත කොල්ල කන්න ඉන්දියාවට ලයිසන් දෙන්න ඩග්ලස් දේවානන්දා ඇමැති වලි කනවා. මේකටත් ඉඩදෙන්න බෑ. මේ සම්පත හරහා රැකෙන්නෙත් අපේ රටේ මිනිස්සු’

සුජීව තත්සර
– divaina

54,538 views

52 Comments to “පෝට් සිටි පනතට සියළු දෙනා විරුද්ද විය යුතුයි.. විවාදයේදී දේශදෙ‍්‍රා්හීන් හදුනාගත හැකියි..- ඇල්ලේ හිමිත් සටන් පෙරමුණට…”

  1. Maha Sinhale says:

    ඇල්ලේ හිමියනි විමල් ගම්මන්පිල සම්ග එකතුවී ජාතික බලවේගය ගොඩ නගමු. නව ජනපතිවරයෙක් පත් කර ගනිමු.

    • 19 වන සංශෝධනය සිදුකිරීමේදී මුලින්ම සිටි විදේශීය කොන්ත්‍රාත් කරුවා මොහු බව මේ රටේ ජනපති හා අගමැති ඇතුළු සියලුම දෙනා වසර 5ක් යන්නටත් මත්තෙන් අමතක කිරීම ඉතා කණගාටුවට කරුණකි. මොහු උපන්ගේ සිටම විදේශිකයන්ගේ බලල් අතකි. අවාසනාවකට කොළබ දිස්ත්‍රිකයේ බොහෝ චන්ද දායකයන් පවා රවටා උන්ගේ ජන්දය ගෝඨා සහ මහින්දගේ නම විකුණමින් කොළබ දිස්ත්‍රික්කයේ ආණ්ඩුවට පක්ෂ චන්ද කුට්ටි පිටින් වංචනික ලෙස ඩැහැ ගෙන පාර්ලිමේන්තුවට ගොඩවිය. දැන් මේ රගපාමින් සිටින්නේ බටහිර බලවේග මගින් මොහුට පවර ඇති කොන්තරාත්තුව ඉටුකිරීම පිණිසය. මූ පට්ට පල් හොරෙකි. මොහුද රගපාමින් සිටින්නේ රදා සජිත්, පර ජෙප්පෝ සහ අනෙකුත් කුමන්ත්‍රණකාරී NGO නඩ සමග එකතුවී කරන රගපැමකි. මූ පට්ටපල් හොරෙකු මෙන්ම පට්ටපල් දේශපාලන කුමන්ත්‍රණ කාරයෙකි. මූ මේ දගලන්නේ ලබන වතාවේ පොදු අපේක්ෂකයා වීමේ සිහිනයේ සිටය. මූ පසුගිය කාලයේ තිබු සියලුම JVP පච සටන් පාඨ අතට ගෙන ඉදිමෙන්ට තටමති. අතටනොගත් එකම සටන් පාඨය පරිසරය පමණි. කොච්චර තැටමුවත් බෙට්ට තවමත් මගය.

    • GU-GULLE ANWANSAYA says:

      හැමදාම එක එක ආණ්ඩු අටවන්න ආපු ඇල්ලේ මෙදාත් වලිකන්නේ රට අරාජික කිරීමටය. ඉන්දියන් මුදලට ගිජුව නොලැබුන පාක්කුඩම් වලින් විස්සෝපව නරිනාඩගම් නටන්නට යන ඇල්ලේටත් සෝභිත හිමිට මෙන්ම දුර නොපෙනේද?

      විමල හා ගම්මන්පිල යනු මහින්දගේ ජන්ද මත රැදුනු මෛත්‍රීවරු දෙදෙනකි. විජයදාස යනු දේශපාලන පදනමක් නැති මහත්මා(කෝට් අදින) දේශපාලකයෙකි. මොවුන් සමග එක්වා ඇල්ලේ ට කුමක් කිරීමට හැකිද?

  2. Samare says:

    Elle Gunay – Umba horek bawa janathawa dannawa.

  3. kamal says:

    හැමදාම එක එක ආණ්ඩු අටවන්න ආපු ඇල්ලේ මෙදාත් වලිකන්නේ රට අරාජික කිරීමටය. ඉන්දියන් මුදලට ගිජුව නොලැබුන පාක්කුඩම් වලින් විස්සෝපව නරිනාඩගම් නටන්නට යන ඇල්ලේටත් සෝභිත හිමිට මෙන්ම දුර නොපෙනේද?
    විමල හා ගම්මන්පිල යනු මහින්දගේ ජන්ද මත රැදුනු මෛත්‍රීවරු දෙදෙනකි. විජයදාස යනු දේශපාලන පදනමක් නැති මහත්මා(කෝට් අදින) දේශපාලකයෙකි. මොවුන් සමග එක්වා ඇල්ලේ ට කුමක් කිරීමට හැකිද?

  4. Jepi buster says:

    ඇල්ලේ ගුනවන්සර්ට ගෞරවනීය මහා සන්ගරත්නය කියල පොලොවෙ පස් කාපු අමු ගොන් බයියෝ දැන් උන්දට බනින හැටි 😀 😀 😀

  5. david milibanda says:

    Port City was created as a business enterprise. let president and the Authorities handle it. Also, Port City should be managed by parties who hot experience in handling Mega Projects and not for the wants of Buddhist Priests and the politically bankrupt Opposition who is politisicing for cheap gains.r

  6. sana says:

    wijedasage guliya kaala pissu kelinna epa elle …..hamadama eka thanama pal wewi innawa nam thamai ohelata amaruwa hoda wenne….

  7. Godagama says:

    Elle Gunawanse hithan inne eyata aandihadanna saha peralanna puwankiyala.
    Moda kama nisa udangu wechcha pudgalayek.

Main News