පෝට් සිටි ව්‍යාපෘතියෙන් ලංකාව සිංගප්පූරුවක් වෙනවා.. ආසියාවේ උඩටම එනවා.. අකමැති පිරිස් බොරු කියනවා..- විජේදාසට එරෙහිව මහින්දානන්ද මාධ්‍ය හමුවක

April 16, 2021 at 6:48 pm | lanka C news
පෝට් සිටි ව්‍යාපෘතියෙන් ලංකාව සිංගප්පූරුවක් වෙනවා.. ආසියාවේ උඩටම එනවා.. අකමැති පිරිස් බොරු කියනවා..- විජේදාසට එරෙහිව මහින්දානන්ද මාධ්‍ය හමුවක

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂය වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම තැනකට එන බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

දැනට ඉදිරිපත් කර ඇති වරාය නගර පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම්වල තීන්දු අනුව ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ඕනෑම තීන්දුවක් පිළිගැනීමට සූදානම් වෙයි ද ඔහු සඳහන් කළේය.

මෙම වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ශ්‍රී ලංකාව දියුණු වනු දැකීමට අකමැති පිරිස් විසින් අසත්‍යය සමාජ ගත කරමින් සිටින බවද ව්‍යාපෘතියට විරෝධී රටවල් විසින් ඔවුනට අනුග්‍රහය දක්වමින් ඇති බවද ඔහු කියා සිටියේය.

විජේදාස රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකරන ලද ප්‍රකාශයන් ද ඔහු බැහැර කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් අද දිනයේ පළ කරන ලදී.

26,668 views

31 Comments to “පෝට් සිටි ව්‍යාපෘතියෙන් ලංකාව සිංගප්පූරුවක් වෙනවා.. ආසියාවේ උඩටම එනවා.. අකමැති පිරිස් බොරු කියනවා..- විජේදාසට එරෙහිව මහින්දානන්ද මාධ්‍ය හමුවක”

  1. Dengu Nona says:

    lankaawa sigappuruwak wenawa ? ehenam me kata kabarayaa hipapotemus kenek wewi! yako, apita ape rata misak singappuruwak ona naha. thopi ape rata kaalaa dan eke lellath soopuu koranna da hadanne?

    • CAT says:

      පෝට් සිටි ව්‍යාපෘතියෙන් ලංකාව සිංගප්පූරුවක් වෙනවා ..ඒ කියන්නේ තවත් චීන කොළණියක් .රටේ සම්පත් චීනුන්ට බදු දීලද ?…අපේ රට සිංගප්පූරුවක් කිරීමට අවශ්‍ය නැහැ ..අපේ රට ලංකාව ,හෙළ මව් බිම ..එය එසේම තිබිය යුතුයි ..මිනිස්සු රවටන්න බොරු බේගල් සුරංගනා ලෝක මවමින් ජනතාව නොමග යැවීමට දේශපාලුවෝ හරි දක්ෂයි
      ඇමතිතුමෝ . කරුණාකර විදේශ රටවල් වර්ණා නොකර අපේ හෙළ මව් බිමට ගරු කිරීමට එය දියුණු කිරීමට උත්සාහ කරන්න . .ඔය බොරු විශ්වාස කරන බත් කන ගොන්නු මේ රටේ දැන් අඩුයි

      • Saradiel says:

        වසර 5000 පෙර සිට අපට කිව්වේ හෙළ වංශික සිංහල මිනිස්සු කියලා .. සිංගප්පූරු ගැති මිනිස්සු කියලා නොවේ ..වසර 5 බලයට ඇවිත් වසර 99 චීනෙට බදු දීලා තියන පෝට් සිටි ව්‍යාපෘතියෙන් ලංකාව සිංගප්පූරුවක් වෙනවා දකින ඔබ වැනි දේශපාලුවන් ගැන අපට ඇත්තේ කලකිරීමක් ..පොහොට්ටුවට බලය දුන්නේ චීන්නුන්ට බදු දුන් අපේ රටේ සම්පත් බේරාගැනීමට මිස රට සිංගප්පූරුවක් කිරීමට නොවේ …වසර 99 එහි අදායම ලබන්නේ චීනය එයින් අපේ රටට ඇති ප්‍රයෝජනය කුමක්ද ?
        තව වසර 99 යන විට ඔබ මෙන්ම ඔබේ දරු මුනුබුරන්වත්, දැනට ජිවත් වන ජනතාවත් ජිවත් නොවේ .ඒවා දකින්නේ කවුද ? සුරංගනා කතා වලින් පලක් නැහැ ඒ සම්පත් නැවත ලබාගන්න උත්සාහ කරන්න

  2. Sampath says:

    සිංගප්පූරුව කෙසේ වෙතත් හොංකොං වගේ, චීනෙන් පාලනය වෙන පරිපාලන ප්‍රදේශයක් වෙයි, පෝර්ට් සිටිය විතරක්. රටේ අනිත් පලාත් වලට, සාමාන්‍ය මිනිස්සුන්ට, දේශීය ව්‍යවසායකයන් ට අබ සරණයි!!! චීන්නුන්ට කකුල් මිරික මිරික තමයි සල්ලි කීයක් හරි හොයන්න වෙන්නෙ.

Main News