පෝෂණවෙිදී උපාධිධාරින් 567 දෙනෙකු කඩිනමින් බදවා ගැනේ..
June 9, 2017 at 2:05 am | lanka C news
පෝෂණවෙිදී උපාධිධාරින් 567 දෙනෙකු කඩිනමින් බදවා ගැනීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසුවෙි පෝෂණවෙිදය, පශ්චාත් උපාධිය සහ උපාධිය අවසන් කළ උපාධිධාරීන් 567 ක් සිටින බැවින් ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට බඳවා ගන්නා බවයි. පෝෂණවෙිදීන්ගේ හිඟය මඟහරවා ගැනිම මෙහි අරමුණයි.
නව පෝෂණවෙිදීන් බදවා ගැනීම සදහා කැබිනට් පත්‍රිකාව සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරින්ට දැනුම් දෙන ලදි. දැනට පෝෂණවෙිදීන් 25 ක් සේවයේ නියුතුව සිටියි. පෝෂණය පිළිබදව ජනතාව දැනුවත් කිරීමට එම නිලධාරින් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බැවින්, උපාධිධාරීන් බදවා ගැනීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
පෝෂණවෙිදීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් සමග සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා පැවැත් වූ රැස්වීමක දී මෙම කරුණු අනාවරණය විය.
මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යාංශය