පෞද්ගලික අංශයෙන් රුධිර පරික්ෂණ ගාස්තුව අඩු කිරීමට සෞඛ්‍ය ඇමති නියෝග කරයි…
June 18, 2017 at 8:02 am | lanka C news
පෞද්ගලික රෝහල්වල සහ රසායනාගාර වල රුධිර පරික්ෂණ සහ ඩෙංගු රුධිර පරීක්ෂණ සදහා අය කරන ගාස්තු සදුදා (19) සිට වහාම අඩු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පෞද්ගලික රෝහල් බලධාරින්ට දැනුම් දුන්නේය.
ඩෙංගු රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් රුධිර පරීක්ෂණ වැඩි වශයෙන් සිදු කිරීමට සිදුව ඇති බැවින් මෙම තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
පෞද්ගලික රෝහල් නියාමන පනතට අනුකූලව මෙම මිල සංශෝධනය සිදු කරන අතර, එය නැවැත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වෙයි. ඒ අනුව රුධිර පරීක්ෂණ සදහා අය කරන ගාස්තුව රුපියල් 250 ක් ලෙස ද ඩෙංගු රුධිර පරීක්ෂණ සදහා අය කරන ගාස්තුව උපරිම රුපියල් 1000 ක් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
මිට පෙර ඩෙංගු රුධිර පරික්ෂණ සදහා පෞද්ගලික රෝහල් අය කර ඇති ගාස්තුව රුපියල් 3000 ක් වෙි.
රුධිර පරීක්ෂණ වාර්තා පැය බාගයක් තුල රෝගියාට ලබාදිය යුතු වෙි. පෞද්ගලික රෝහල් නියාමනය කිරීමෙි වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මක කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.
මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය