පෞද්ගලික අංශයේ සේවකයන්ටත් අවුරුදු 60 දක්වා සේවය කිරීමේ අවස්ථාව…

February 28, 2018 at 8:02 am | lanka C news
පෞද්ගලික අංශයේ සේවකයන්ටත් අවුරුදු  60 දක්වා සේවය කිරීමේ අවස්ථාව…

රාජ්‍ය අංශයේ සේවකයන්ට වයස අවුරුදු 60 දක්වා සේවය කිරීමට ලබා දී ඇති අවස්ථාව පෞද්ගලික අංශයේ සේවකයන්ටත් ලබා දිය යුතු බවත් ඒ සම්බන්ධව පවතින ගැටලු සාකච්ඡා කිරීමට රජය සුදානම් බවත් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කලේ  පසුගියදා පැවති ජාතික කම්කරු උපදේශන සභාවේදීය. කම්කරු අමාත්‍යංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම වයස 55 සිට 60 දක්වා වැඩි කිරීම තුළින් රට තුළ පවතින රැකියා විරහිතභාවය තවත් වැඩිවෙනු ඇති බවත් එය තරුණ අසහනයට වැඩිවීමට හේතුවිය හැකි බවත් සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන්ගේ අදහස විය.බොහෝ ආයතනවල ඉහල තනතුරු වලට පිවිසීමට කනිෂ්ඨ විධායක ශ්‍රේණිවල  නිලධාරීන්ට ඇති අවස්ථාව මේතුළින් ඇහිරීයන බවත් ඔවුන් මෙහිදී ප්‍රකාශ කරන ලදී.

ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර  සිටියේ පෞද්ගලික අංශයේ රැකියාවල දී කාර්යක්ෂමතාවය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන නිසා විශ්‍රම වයස 60 දක්වා වැඩි කිරීම පෞද්ගලික අංශයේ නිෂ්පාදන ඵලදායිතාවය පහල වැටීමට  බලපානු ඇති බවත්ය.එම නිසා මේ පවතින ක්‍රමවේදය සුදුසු බවත් ඔවුන් අවධාරණය කරන ලදී.

මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශ කර සිටියේ  බොහෝ ආයතන වල සේවකයන් ආර්ථික දුෂ්කරතාවයන් නිසා වයස 55න් පසුවත් සේවය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස පාලන අධිකාරියෙන් ඉල්ලා සිටින බවයි.

නමුත් එම අවස්ථාවල එම සේවකයන්  නැවත සේවයට බඳවා ගනු ලබන්නේ කොන්ත්‍රාත් පදනම මත බවත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක සේවයෙන් අස්කිරීමේ පදනම ඇතිව බවත්ය.එසේම එම සේවකයන්ට විශ්‍රාම ලැබීමට පෙර ලබා දුන් දීමනා සහ අනෙකුත් පහසුකම් බොහෝ ආයතන වලදී ලබා නොදෙන බවත්ය.

එසේම ලාංකීය පුරවැසියෙකුගේ ජීවත්වීමේ වයස අවුරුදු 75 සීමාවේ පවතින නිසා විශ්‍රාම ගොස් වසර 20ක් පමණ කාලය ගත කරන නිසා විශ්‍රම වයස අවුරුදු 60 දක්වා වැඩිකිරීම වඩාත් සුදු සු බවයි.

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා වැඩිකිරීමට හාම්පුතුන්ගේ පාර්ශවය සහ වෘත්තීය සමිති අතර එකඟතාවයක් ඇති කර ගැනීමේ අපහසුතාවය නිසා ජාතික විශ්‍රාම වයස සම්බන්ධව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මැදිහත්වීමෙන් විධිමත් පර්යේෂණයක් සිදු කර ඔවුන්ගේ නිර්දේශ සහ යෝජනා ද සැලකිල්ලට ගෙන අවසන් තීන්දුවක් ගැනීමට කම්කරු අමාත්‍යවරයා කළ යෝජනාවට මෙහිදී සියළු පාර්ශවයන් හී එකඟතාවය පළ විය.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යංශයේ ලේකම් නිමල් සරණතිස්ස මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් , සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන් ,වෘත්තීය සමිති නියෝජිතයන්, ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.

– ධම්මික තිලකරත්න

34 views

5 Comments to “පෞද්ගලික අංශයේ සේවකයන්ටත් අවුරුදු 60 දක්වා සේවය කිරීමේ අවස්ථාව…”

  1. rata says:

    හැම අයටම විශ්‍රාම වයසක් ඇත …පහත ලයිස්තුවේ අයට එසේ නැත ..

    සැ යු ..නම ඉදිරියෙන් වයස දක්වා ඇත ..

    Cabinet Ministers
    ———————————
    Maithreepala Sirisena 66
    Ranil Wickramasinghe 68
    Sarath Amunugama 78
    John Amarathunga 77
    Jayawickrema Perera 77
    W.D.J. Seneviratne 77
    Thilak Marapana 76
    Nimal Siripala 73
    S.B. Navinne 72
    D.M. Swaminathan 72
    Lakshman Kiriella 70
    Malik Samarawickrema 68
    Rajitha Senaratne 67
    Sarath Fonseka 67
    S.B. Dissanayake 66
    Susil Premajayantha 63
    Ranjith M. Bandara 63
    Mahinda Samarasinghe 62
    Mangala Samaraweera 61
    M.H.A. Haleem 61
    Vijayamuni Zoysa 60

    Joint Opposition
    ———————————
    Mahinda Rajapaksha 72
    Basil Rajapaksha 70
    Gotabhaya Rajapaksha 68
    Gamini Lokuge 69
    Dinesh Gunawardana 68
    G.L. Peries 71
    Bandula Gunawardana 64

    Opposition Party leader
    ———————————
    R. Sampanthan 85

    Election Commissioner
    ———————————
    Mahinda Deshapriya 62

    • Kings says:

      ඉතින් අපේ රට කවදාවත් හැදෙයි කියල හිතන්න වත් පුලුවන්ද?

  2. Notthischange says:

    Mukuth ona na. EPF eka hora kanne nathiwa hitapiyau. E athi.

  3. අමිල says:

    මෘදුකාංග ඉන්ජිනීරයර් වැනි පරිගණක අංශයේ රැකියාත් මීට අදාල වෙනවා ද ?

Main News