පෞද්ගලික දුරකතන සංවාද පටිගත කිරීමට කිසිදු තහනමක් නෑ…

January 22, 2020 at 12:40 pm | lanka C news
පෞද්ගලික දුරකතන සංවාද පටිගත කිරීමට කිසිදු තහනමක් නෑ…

ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

පෞද්ගලික දුරකතන සංවාද පටිගත කිරීමට කිසිදු තහනමක් නෑ

මේ දිනවල සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල සහ විද්‍යුත් ජනමාධ්‍ය නාලිකා වල දැඩි කතාබහට ලක්වී තිබෙන දුරකතන සංවාද පිලිබදව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ අවධානය යොමුවී ඇත.

මේ වන විට ඇතැම් පිරිස් විසින් දුරකතන සංවාද පටිගත කරගැනීම සදහා උපකාරී වන්නාවූ ජංගම දුරකතන යෙදුම් (App) තහනම් කිරීමට පියවර ගන්නා ලෙස රජයට සිදුකරන ඉල්ලීම් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ඉතා කනගාටුවට පත්වෙමු.

විශේෂයෙන්ම සමාජයේ උගත් බුද්ධිමත් පිරිස් ලෙස පෙනී සිටින යම් කණ්ඩායම් තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධයෙන් කිසිදු අවබොධයකින් තොරව සිදුකරන ප්‍රකාශ හේතුවෙන් එම පිරිස් අනුගමනය කරන ජනතාව තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් සහ මිත්‍යා සහගත චිත්‍රයක් තම මනසේ නිර්මාණය කර ගැනීමේ භයානක තත්වයක් පවතී.

තොරතුරු තාක්ෂණයේ දියුණුවේ පිහිටි ලද මෙම තාක්ෂණය දරුණු ගණයේ අපරාධ නීතියේ රැහැනට කොටුකර ගැනීමට පවා උපකාරී වන බව නොරහසකි.

එවැනි තත්වයක් තුළ පෞද්ගලික දුරකතන සංවාද පටිගත කිරීම තහනම් යැයි යම් ප්‍රධාන මුද්‍රිත හා යම් විද්‍යුත් නාලිකා කිහිපයකින් ජනතාව වෙත හුවා දැක්වීමට මේ දිනවල ඉතා විශාල වෙහෙසක් දරනු බවක් පෙනී යයි.

පෞද්ගලික දුරකතන ඇමතුම් පටිගත කිරීම මොනයම් හෝ ක්‍රමයකින්වත් තහනම් කල නොහැකි බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම් දෙන අතර ජනතාව අනිසි ලෙස බියවැද්දවීම් සිදුනොකරන ලෙසට සියලුම ජනමාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

257 views

13 Comments to “පෞද්ගලික දුරකතන සංවාද පටිගත කිරීමට කිසිදු තහනමක් නෑ…”

  1. හිරුණිකා බබා ….,
    මේ ඔබේ අවදානය පිණිසයි …

  2. ඉල්ලංකා-😛😛😛😛 says:

    මෙවැනි සංවාද පටිගත පිටරට තහනම්ය
    දියුණු රටවල. ඒ බව දැනුවත්ව කල යුතුය
    සංවාදයට පෙර දෙදෙනා එකඟ විය යුතුය
    නොකල කෙනා අනිවාර දඬුවම කෑ යුතුය

    • CNW Pathirana says:

      I think you are correct.. Other party should agree to recording… But may be only business ….

    • සහන් says:

      ගොනෝ එතකොට මට පුළුවන් call එකකින් උඹට මරණ තර්ජන කරල තව අපහාස කරල බනින්න . හැබැයි මම එකඟවෙන්නෙ නෑ ඒවා record කරනවට . අනේ ගොනෝ එතකොට උඹට අකුලගෙන ඉන්න තමයි වෙන්නෙ .අනේ ගොනෝ

  3. Chinthana says:

    It is very good , Our Sri Lankan people have chances to reduce their unnecessary telephone call & therefore save money for other purposes. Specially we can reduce telephone bills which submit by the MP’S , Ministers and all other government heads etc….

  4. mp says:

    තාක්ෂනය අදාළ නැත… අදාල වෙන්නේ රටේ නීතියයි… වෙන රටවල අනවසරයෙන් පටි ගත කිරීම තහනම්…

  5. Bandara says:

    It should be made illegal to record a conversation without the consent of the other party involved in the conversation, most developed countries have rules and regulations to protect individuals privacy. Only police and intelligence agencies should be able to record private conversations covertly with court authorisation.

  6. Phone Recorder says:

    In most developed countries including USA, it is an illegal and punishable offense recording a conversation without prior permission of either party but there is an app ” voice/ call recorder” in the Google App which can be freely down loaded.

    • Independent buwa says:

      ඔව් බං, ගූගල් අයිති චීනෙට, ඇන්ඩ්‍රොයිඩ් අයිති ස්වාසිලන්තයට, 😂

    • Independent buwa says:

      Federal Law
      If you are not a party to the conversation, you can record a conversation or phone call only if at least one party consents and has full knowledge that the communication will be recorded.

  7. sathya says:

    There should not be a ban to record calls.

  8. Sanipa says:

    This is a joke statement. Having technology is one issue . The law is what is important.

    Just because you have a dick can you screw anybody becuase there are condoms

  9. gona says:

    රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
    සභාපති
    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය mu pissk ban takota ona yak kaanna puluwan

Main News