පෞද්ගලික සමාගම් එකතු කළ ගංවතුර ආධාර බාර දෙයි..
June 12, 2017 at 9:17 am | lanka C news
අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක දී එකඟ වූ පරිදි පෞද්ගලික සමාගම් විසින් එක්රැස් කරන ලද ආධාර තොඟයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට බාරදීම සිදු කරන ලදි.
අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ආපදා සහන මෙහෙයුම් බලකායේ සෞඛ්‍ය සේවා සම්බන්ධීකාරක කාවින්ද මාකලන්ද මහතා විසින් එම ආධාර සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත බාරදෙන ලදි.
ඇද ඇතිරිලි, මෙට්ට, මදුරු දැල්, ප්‍රථමාධාර උපකරණ, වතුර බෝතල්, ඖෂධ සහ තවත් අත්‍යාවශ්‍ය උපකරණ එහි ඇතුලත් වූ අතර, එම ආධාරවල වටිනාකම රුපියල් ලක්ෂ 50 කට අධික වෙයි.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම ආධාර ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට කඩිනමින් ඛෙදාහරින බවයි.
මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය