පෞරාණික දඹ රත්‍රං බවට සැකකෙරෙන පිළිමයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට…

July 1, 2022 at 2:10 am | lanka C news
පෞරාණික දඹ රත්‍රං බවට සැකකෙරෙන පිළිමයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට…

නිධානයකින් ගත් බවට සැකකෙරෙන  පෞරාණික වටිනාකමක් ඇති දඹ රත්‍රං යැයි පැවසෙන පිළිමයක් වංචණික ලෙස විකිණීමට තැත් පුද්ගලයකු මොරගොඩ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

වව්නියාව විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි වව්නියාව කදවුරු අණදෙණ නිලධාරී පොලිස් පරික්ෂක ඒ.එම්.පී.එන්. අධිකාරි ඇතුළු නිලධාරීහු පිරිසක්  මොරගොඩ,  මෙගොඩවැව, නිවසක් පරික්ෂා කිරීමේදී මෙම පිළිමය සමග නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.

පෞරාණික වටිනාකමක් ඇති රත්‍රං බවට සැක කෙරෙන පිළිමයක් වංචණික ලෙස විකිණීමට තැත් කිරීම සහ බලපත්‍ර‍ නොමැතිව බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ සමග සැකකරු අත්අඩංගුවට ගත් බව වව්නියාව විශේෂ කාර්ය බළකාර කියයි.

අදාල පිළිමය දඹරන් පිළිමයක් සැකපලකරන බවටත් මෙය නිධානයකින් ගන්නට ඇති බවට සැකසහිත බවටත් සැකකරු වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මොරගොඩ පොලිස් ස්ථානය වෙත බාර දීමට පියවර ගත් බවටද වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16,807 views

6 Comments to “පෞරාණික දඹ රත්‍රං බවට සැකකෙරෙන පිළිමයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට…”

  1. Aniwa says:

    Anyone know what happens to all those ancient status that’s getting confiscated? Becoming properties of Paksa family?

  2. Lahiru Kanchana Yaddehige says:

    Mama nam thama ahuwune na. Nidan harala mini marala hewwa salli okkoma pitarataka banku wala deposit kala.

  3. පබිලිස් says:

    හරි ඔය පිලිමෙ තෙන්පත් කරන්න දෙන්න ලස්සනට මාරු කරල විකුණ ගනී සදහිරු සේයේ වගෙ

  4. Boo says:

    අපොයි ඒ වුනාට මහින්ද විතරයි හොරා.

  5. විමුක්තිය උදාවේ says:

    මේවා රජවරු කරපු ගොන් වැඩ .මේ වටිනා දේවල් තියෙන්න ඕන මැටිගොඩවල් වල වැළලිලා නෙවෙයි .අනික රටක් බංකොලොත් උනාම මේවා මුදල් කරන්න පුළුවන් .ආගම් සංස්කෘති කියන්නේ අපි හදාගත් සංකල්ප විතරයි රටක් ගොඩ ගන්න ඒ බැඳීම් විසි කරන්න ඕන.උදා හරණයක ට ලංකාවේ මිරිදිය කර්මාන්තය නිවාස සහ වතු ආශ්‍රිතව සිදු කිරීමට ධනවාදින්ගේ වහලා වූ රණසිංහ ප්‍රේමදාස ආරම්භ කළා(එක හොඳ දෙයක්)නමුත් මේ රටේ සිවුරු කාරයො එක ට විරුද්ධ උනා .කාටද පාඩුව? නිර්ධන පන්තියේ දුක්විඳින සහෝදරයන්ට ඔවුන්ගේ දරුවන්ට අද ඔවුන්ට මන්ද පෝෂණය.හැමෝටම කුකුල් මස් කන්න පුලුවන්ද ?මේ සිවුරු කාරයො උන්ගේ තැන තියන්න ඕනා රටක් හදන්න එක කරන්න පුළුවන් ජවිපෙ රජයකට විතරයි අනික් උන් සිවුරු හමුදාවට බයයි .කෝ දැන් උමන්දා වට අපි ගියා කියලා එක සිවුරු කාරයෙක් විරෝධය ප්‍රකාශ කළාද? බයට කට පියාගෙන හිටියා නේද?

    • නිර්පාක්ෂික ජෙප්පා says:

      ජෙප්පො සිවුරු හමුදාවට බය වෙන්නෙ මොකටද. උන්නෙ සිවුරු අස්සෙ ගල්කටස් ගහගෙන ගිහිල්ල, බෝම්බ අරන් ගිහිල්ල මිනී මරන්න 88/89 දිත් සිවුරු හමුදාව පාවිච්චි කළේ. ඒකාලෙ ජෙපි සිවුරු හමුදා බ්‍රිගේඩයට උන් කියාගත්තෙ කුඩාපොල රාහුල බලකාය කියල. 71 රාජ්‍ය විරෝදී ත්‍රස්තවාදයේ අන්තිම සැලසුම් හැදුවෙත් ජපුර සරසවියෙ භික්ෂු නේවසිකාගාර ඇතුලෙ ඉදන් සිවුරට මුවා වෙලා.

Main News