ප‍්‍රංශයෙනුත් කසල කන්ටේනර් 150ක්.. එක් කන්ටේනරයකට ලංකාවේ ව්‍යාපාරිකට ඩොලර් 1500ක් ගෙවයි..

July 25, 2019 at 3:00 pm | lanka C news
ප‍්‍රංශයෙනුත් කසල කන්ටේනර් 150ක්.. එක් කන්ටේනරයකට ලංකාවේ ව්‍යාපාරිකට ඩොලර් 1500ක් ගෙවයි..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කල නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප්‍රංශයේ මුලස්ථානය පිහිටි DAT-Arbantis සමාගමත් ලංකාවට කසළ එවූ බවට සාක්ෂි ඇති නිසා ඒ පිළිබදව වහා පරීක්ෂණයක් කලයුතුයි!

ප්‍රංශයේ මූලස්ථානය පිහිටුවා ඇති  DAT-Arbantis සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා වන  Chris O’Donnell  2018 නොවැම්බර් මස 21 වන දින මෙරට ව්‍යාපාරිකයෙකුට එවන ලද විද්‍යුත් පනිවිඩයක සදහන්වන්නේ මෙරටට යකඩ මෙට්ට සහිත කන්ටේනර් එන බවයි.

ඊට පෙර එම ව්‍යපාරිකයා සමග විද්‍යුත් පනිවිඩ හුවමාරැවෙදී සදහන් කරන්නේ ඩොලර් 1400 ක් එක් කන්ටේනරයක් සදහා සිය සමාගමට ගෙවිය හැකි බවයි. එහෙත් මෙරට ව්‍යාපාරිකයා පවසන්නේ මෙරටට කසල ගෙන ඒම නීතිවිරෝධී බවයි. වෙනත් යෝජනාවක් තමන්ට කළ හැකි බව පවසන දේශීය ව්‍යාපාරිකයා ඒ සදහා එක් මෙට්ටයක් සදහා ඩොලර් 45 ක මුදලක් අවශ්‍ය බව කියයි.

පසුව ප්‍රංශ සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා පවසන්නේ එම මුදල වැඩි බැවින් ලංකාවේ වෙනත් සමාගමකට අදාල කසල ලබා දීමට කටයුතු කරන බවයි.

මෙම විද්‍යුත්පනිවිඩ දෙස බැලීමේදී පෙනීයන්නේ මෙරටට ප්‍රංශයෙන් කසල කන්ටේනර් 150 ක් පැමිණ ඇති බවයි.

මේ පිළිබදව අප විසින් පොලිස් මූළස්ථානයට පැමිණිලි කිරීමට බලා පොරොත්තු වන අතර එම කසළ කන්ටේනර් මෙරටට ගෙන ආවේ කුමන සමාගද? යන්න සොයාගත යුතුව ඇත.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

35,250 Viewers

9 Comments to “ප‍්‍රංශයෙනුත් කසල කන්ටේනර් 150ක්.. එක් කන්ටේනරයකට ලංකාවේ ව්‍යාපාරිකට ඩොලර් 1500ක් ගෙවයි..”

  1. අමර says:

    2013 දී මහින්ද නේද මෙහෙම කසල ගෙන්න පුළුවන් විදියට ගැසට් ගැහුවේ.

    • නයා says:

      ජාත්‍යන්තර වෙළඳාම ගැන බරපතල දැනුමක් ඇත්තෙක් බව පේනවා.
      යූ එන් පී කාරයෙක්නේ
      ඔයිට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?

  2. බන්ඩා says:

    යහපාලන ව්‍යාපාර: අපේ කෝටිපති ව්‍යාපාරිකයො එක්ස්පොට් නොකර ඉම්පෝට් කොරල සල්ලි හොයන ක්‍රම සහ විධි හොයා ගෙන. කොහොමද අගමැටිගෙ ටිකිරි මොලේ.

  3. හෙලයා says:

    චීන්නු හම්බන්තොට අක්කර 16,000ක් ගත්තෙ මොකටද කියල දැන් දැන් සාමාන්‍ය අපිටත් තේරෙනවා.

  4. සුනිල් අත්තනායක France says:

    Mama hoyala baluwa lankawe eka mokaada kiyala….? mekata Ravi karunanayakage duw saha gani sambandayi ..unge Forwarding Company eken thamayi e serama genalla thiyenne lankawata …? hoyala balanna
    karuppiya and Family,
    Arjuna ranathungath sambandhayi …dhammika ranathungath sambandhayi…!!!

  5. Sun says:

    Without any prior assessment bringing all these rubbish poison the land water as well as the environment. Ultimately we are going to loose our drinking water system due to this poisoning. For just few dollars we are going to face very complicated issues in the future due to negligence of authority. That is why we need some learned people to handle the government. Primary qualified with no brains cannot see this issues from their heads and continue this suffering in the future.

  6. sunimal says:

    මුන්ට තවත් චන්දේ දීලා මේ කුනු කාපල්ලා

  7. john the baptice says:

    පැරිසියේ සහා ලන්ඩන් තානාපති තවමත් මර නින්දේ

  8. පොල් ජෝන් .... says:

    රන්ජිත් විතානගේ මැතිතුමනි, ඔබ අප රට වෙනුවෙන් කරනා මෙහෙය ඉතාමත් ප්‍රසන්ශනීයි. මෙම කර්තවය හොදින් ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ලැබේවා!!!!

Main News