ප්‍රකට සමාගමක ප්‍රකට hand sanitizer වර්ගයකට නඩු දමයි…
December 24, 2021 at 6:20 pm | lanka C news
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2021.02.25 වන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව අත් පිරිසිදුකාරක (hand sanitizer) ආනයන කරුවන්, නිෂ්පාදකයන්, බෙදාහරින්නන්, වෙළඳුන් විසින් අදාළ අත් පිරිසිදුකාරක ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචි කර අදාළ ලියාපදිංචි අංකය අත් පිරිසිදුකාරක ඇසුරුම්වල සඳහන් කළ යුතුය.
ඒ අනුව මීට පටහැනිව අත් පිරිසිදුකාරක නිෂ්පාදනය, ආනයනය, බෙදාහැරීම සහ වෙළඳාම මෙරට තුළ තහනම් වේ.
නමුත් පුත්තලම දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය විසින් පසුගිය 23 වන දින හලාවත ප්‍රදේශයේ සිදු කළ විමර්ශනයකදී උක්ත නීතිරීති උල්ලංඝනය කරමින් නිෂ්පාදිත අත් පිරිසිදුකාරක වෙළඳපොළෙන් හමුවී ඇති අතර ඒ සම්බන්ධව අදාල පුද්ගලික සමාගමට ඉදිරියේදී හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතව ඇත.
එසේම තවත් ආයතන විසින් ව්‍යාජ NMRA ලියා පදිංචි අංක සඳහන් කරමින් වෙළඳපොළට නිකුත් කර තිබූ අත් පිරිසිදුකාරක සම්බන්ධයෙන් ද නඩු පැවරීමට නියමිත බවත් මෙවැනි නීතියට පටහැනි අත් පිරිසිදුකාරක සම්බන්ධ විමර්ශන දිස්ත්‍රික්කය පුරා තවදුරටත් ක්‍රියාත්මක වන බවත් පුත්තලම දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය මගින් වාර්තා වේ.
ආර්. කැලුම් – පුත්තලම.
හම්මෝ NMRA ද . දන්නෝ දනිති. කාලකන්නිම ජාතියක්.
හොඳ භාණ්ඩ කීයක සහතික පරක්කු කරනවාද . හොඳ නැති කීයක කඩිනම් කරනවාද.
මුන් හරියට නැතිව කොහොමද රටක් හදන්නේ .
අපටත් දැනගන්න වෙළඳ නාමයත් කියන්න.
NAMA KIANNA BARI NEWS NODANA EKA DANAWATA WADA HODAI. THERENAWA NEDA
කිසිවෙකුට දඬුවම් නොලැබුණු මහබැංකු වංචාව.
හැම පලාතකම පාරෙ විකුණන එව ඔය සහතික නැ
කොළඹ සහ අනිත් පලාත්වල පාරිභෝගික අධිකාරිය බුදි
NMRA කියන්නේ SPC,MSD Biomedical එකේ ලොක්කන්ගේ බිස්නස් වලට විතරක් support රජයේ ආයතනයක්. කලු සල්ලි සුදු කිරීම ට ලොකු සහයක් දෙනවා උදව් කරන සමාගම් වලට. Agent commission කියලා දෙන සමාගමේ ලාභය ආයේ ලංකාවට එන්නේ නෑ.
USD තියෙයි ද ?