ප‍්‍රකට සහල් ව්‍යාපාරිකයා ගුවන් සේවයක් අරඹයි.. දේශපාලඥයෙක් පසුපස…

June 20, 2021 at 10:40 am | lanka C news
ප‍්‍රකට සහල් ව්‍යාපාරිකයා ගුවන් සේවයක් අරඹයි.. දේශපාලඥයෙක් පසුපස…

පොළාන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයකු නව ගුවන් සේවයක් ආරම්භ කර ඇත.

රත්න ඒවියේෂන් නමින් හැඳින්වෙන නව ගුවන් සේවාවේ ප්‍රචාරක කටයුතු මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ දියත්කර තිබේ.

රොබින් වර්ගයට අයත් හෙලිකොප්ටර් යානයක් මේ සඳහා යොදවා ඇතැයි වාර්තා වෙයි. රුපියල් කෝටි 12ත් 16ත් අතර විවිධ මිල ගණන් යටතේ මෙම වර්ගයේ හෙලිකොප්ටර් යානා අලෙවි කෙරේ.

පො‍ළොන්නරුවේ ව්‍යාපාරිකයා මෙම හෙලිකොප්ටරය මිලට ගෙන ඇත්තේ රත්මලාන ගුවන් තොටුපොළේ සිට ගුවන් සේවා පවත්වාගෙන යන වෙනත් පෞද්ගලික ගුවන් සේවා සමාගමකිනි. එහි අප්‍රකාශිත හිමිකරු වත්මන් රජයේ ඉහළ තනතුරක් දරන දේශපාලනඥයකු බවද කියැවේ.‍

කෙසේ වෙතත් පො‍ළොන්නරුව සහල් ව්‍යාපාරිකයා සිය පුත්‍රයාගේ මංගල්‍ය උත්සවයට මෙම යානය තම අයිතිය යටතේ ගුවන්ගත කර ඇත.

ඒ අතර ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා අන්තර්ජාලය ඔස්සේ විශේෂ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම හෙලිකොප්ටරයේ හිමිකරු තමන් බවට පැතිර යන ආරංචි අසත්‍ය බවයි.

– deshaya

65,232 views

11 Comments to “ප‍්‍රකට සහල් ව්‍යාපාරිකයා ගුවන් සේවයක් අරඹයි.. දේශපාලඥයෙක් පසුපස…”

  1. අබරං ආතා says:

    මාසයක්ම විතර බාගෙට කාපු හින්දා වෙන්ටැ, හෙලිකොටිටරේ උඩ යනව බලන්න එලියට එන්න පනනෑ. ඔන්න ඔහොමයි ආයිබෝං අපේ තත්තෙ.

  2. Legends says:

    හරි බං, රත්න ඒවියේෂන් නෙහ්!
    අරලිය ඒවියේෂන් නෙමේනෙ…

  3. Opa-dupa says:

    දුප්පත් ගොවියොන්ගෙ දහදියෙන් වැවෙන වී ටික අඩු මුදලකට අරගෙන ලැබෙන ලාබයෙන් මේවා අරගෙන සැප විදින්න පුලුවන් ද?

  4. මරා says:

    ඔන්න හොයපන් ඔය දේශපාලකයා කව්ද කියලා…

  5. බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    රත්නෙ ගාව තමා එතුමගෙ පොහොට්ටු දේශප්‍රෙමි කලු සල්ලි සුදු කරන්නෙ.

  6. SuAb says:

    Robinson R44s were involved in 42 fatal crashes in the U.S. from 2006 to 2016, more than any other civilian helicopter, according to a Times analysis of National Transportation Safety Board accident reports.

  7. SuAb says:

    Robinson R44s were involved in 42 fatal crashes in the U.S. from 2006 to 2016, more than any other civilian helicopter, according to a Times analysis of National Transportation Safety Board accident reports

  8. චන්ද දායක says:

    ඊර්ෂ්‍යාව අතහරිමු.මේ පෙර කල පින්.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      පෙර කල පින නිසා තමා බොල තෝ වගේ හරක් චන්දෙ දෙන රටවල උන් උපදින්නෙ. ගොවියගෙන් තුට්ටු දෙකට වී අරගෙන ගිනිගානට හාල් විකුණන .

  9. david milibanda says:

    helicopters duwanna there is no Indana.

  10. nilupul says:

    මේ අයිතිකරුගේ දේශපාලනයක් දන්නේ නැහැ නමුත් ඔහු අපේම වියාපාරිකයෙක් .වී මිලට ගන්න ඇත්තේ පවතින මිලගණන් යටතේ විවුර්ත වෙළඳපලේ .අසීමිත ලාභ ලැබුවානම් ඒවායේ ප්‍රතිපල දිනෙක ලැබේවි නමුත් මේ ගුවන් සමාගම ආරම්භ කිරීම ගැන අපි ඉතාම සතුටට පත්වෙනවා .හෙලිකොප්ටර් යානා මෙන්ම සැහැල්ලු ගුවන්යානා කිහිපයක් රටේ ජනතාවට මේ රටේ අසිරිය බලන්න පහසු මිලගණන් යටතේ (බටහිර සංචාරකයන්ට දෙන මිලගණන් යටතේ නොව ) පැකේජ ලෙස ලබාදෙන්නේ නම් ඉතා විශාල ඉල්ලුමක් ඇතිවේවි .ඔබගේ ගුවන් සමාගම දියුණුවට පත්වේවායි පතමු .මේ ලියන මා ලොව දැක ඇති බයියෙකි ටොයි මෝඩයන්ට මේ වියාපාරය ගැන ඇති ඉරිසියාව ඉතාම පැහැදිලියි