ප‍්‍රකාශ දෙන්න බැදිලා නැතැයි සංගක්කාර පරීක්‍ෂණ කමිටුවට කියලා.. 2011 තරග පවාදිම විමර්ෂණ නතර කිරිම ගැන පරීක්‍ෂණයක් මහින්දානන්ද ඉල්ලයි..

July 3, 2020 at 10:34 pm | lanka C news
ප‍්‍රකාශ දෙන්න බැදිලා නැතැයි සංගක්කාර පරීක්‍ෂණ කමිටුවට කියලා.. 2011 තරග පවාදිම විමර්ෂණ නතර කිරිම ගැන පරීක්‍ෂණයක් මහින්දානන්ද ඉල්ලයි..

2011 ලෝක කුසලාන ක්‍රිකට් මහ තරගාවලියේදි තරගය පවා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මා විසින් සිදු කල පැමිණිල්ල අනුව සිදු කල විමර්ෂණ කටයුතු ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් එම විමර්ෂණ කටයුතු නතර කල බවට පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා කල ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ආරම්භ කරන ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් තමන් ඉල්ලිමක් කරන බව පැමිණිල්ල සිදු කල හිටපු ක්‍රිඩා අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

(03) දින පස්වරුවේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍යය හමුවකදි මේ බැව් පැවසිය.

මෙම මාධ්‍යය හමුවේ මහින්දානන්ද මහතා වැඩි දුරටත් කියා සිටියේ.

මා විසින්  2011 ලෝක කුසලානය පිලිබදව ප්‍රකාශයක් පසුගියදා සිදු කලා. ඒ ප්‍රකාශය මම මිට කලින් දෙවතාවක් සිදු කලා.

මේ පිලිබදව හිටපු ක්‍රිඩා ඇමතිවරු සහ ක්‍රිකට් ක්‍රිඩකයන් ප්‍රකාශ සිදු කලා.

2018 වසරේ දෙසැම්බර් මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දුෂන මර්දන ඒකකයේ ප්‍රධානියා  විසින්  හරින් ප්‍රනාන්දු ඇමතිවරයට එවන ලද ලිපියක් මා සතුව තියෙනවා.

එකෙන් කියන්නේ ලෝකයේ ටෙස්ට් ක්‍රිඩා කරන රටවල් අතරින් වැඩිම දුෂණ චෝදනා තියෙන රට ලංකාව කියලා. මේ පිලිබදව දැනට පරික්ෂණ පවත්වනවා කියලා ඇමතිවරයට දන්වලා තියෙනවා.

මා විසින් කරන ලද ප්‍රකාශනයට පොලිස් ඒකකය විසින් මගෙන් ප්‍රකාශයක් ලබා ගත්තා. මම මා සතුව තිබු සියළුම තොරතුරු ලබා දුන්නා.

මේ සම්බන්ධයෙන් ක්‍රිඩකයන් සම්බන්ධ නැ කියලා මම පැහැදිලිව කිව්වා.

මම දන්නේ නැ පොලිස් ඒකකය කුමාර සංගක්කාරවත් , මහේල ජයවර්ධනවත් කැදු වුයේ කුමන පදනමකින්ද කියලා.

ක්‍රිඩකයන් සම්බන්ධ නැ කියද්දි ක්‍රිඩකයන් කැදෙවුවේ කුමන පදනමකින්ද කියලා මම දන්නේ නැ.

පොලිස් මාධ්‍යය ප්‍රකාශක ප්‍රකාශ කරලා තියෙනවා මේකට තොරතුර නැ කියලා මේ පරික්ෂණය නතර කරා කියලා.

මම කතා කරා මගෙන් ප්‍රකාශ ලබා ගත් පොලිස් ඒකකයට.පොලිස් විමර්ෂන ඒකකයේ ප්‍රධානියා මට කියන්නේ මේ පනතින් මේ පරික්ෂණය තියන්න බැ කියලා.

තරග පවා දිමේ පනත සම්මත වුණේ 2019 , මේ සිද්ධිය වුණේ 2011 .

කුමාර සංගක්කාර මහාතගේ නිතිඥයා කියලා තියෙනවා මේකට කට උත්තර ලබාදෙන්න අපි බැදිලා නැ කියලා. මොකද මේ පනත වැරදි, එතකොට තමයි පොලිසියට තේරෙන්නේ ආරම්භ කරපු පරික්ෂණය වැරදි කියලා.

පොලිසිය වැරදි පරික්ෂණයක් ආරම්භ කරලා ඇණ ගත්තම , පරික්ෂණය අවසන් තොරතුරු නැ කියන්න බැ.

මේ වෙනකොට පොලිසිය තොරතුරු ලබාගෙන තියෙන්නේ තේරිම් කම්ටුවේ සභාපතිවරයාගෙන් විතරයි.

එවකට ක්‍රිකට් පාලනයේ හිටපු ලේකම්ගෙන් කට උත්තර ලබා ගත්තද?

සභාපතිගෙන් ගත්තද? විධායක නිලධාරින්ගෙන් ගත්තද?

එ තරගාවලියට සම්බන්ධ කිසිවෙකුගෙන් කට උත්තර ලබාගෙන නැ. මම පැහැදිලිව සදහන් කරා තොරතුරු ගන්න ඕනි අය කවුරුන්ද කියලා.

එක්කෙනෙක්ගෙන් කට උත්තර අරගෙන පරික්ෂණය වහන්න පුළුවන්ද? මේ විදිහටම තමයි පොලිසිය පහුගිය කාලයෙත් සිදු කලේ.

අපි යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් විරුද්ධව පැමිණිලි දානකොට දවස් දෙකෙන් පැමිණිල්ල වැහුවා.

මෙතනදි වෙලා තියෙන්නේ පොලිසිය පරික්ෂණ කරලා තියෙන්නේ වැරදි විදිහට. මේ පනතට අනුව පොලිස් විමර්ෂණ එක්කයට පරික්ෂණ කරන්න බැ.

මේකේ බරපතල කම නිසා මම කට උත්තරයක් දුන්නා. මේක විමර්ෂණය කල යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින්.

මම ජනාධිපතිවරයාට කිව්වා පොලිස් ප්‍රකාශකයා විසින් අසාධාරණ ප්‍රකාශයක් සිදු කරලා තියෙනවා. මේ පිලිබදව විධිමත් පරික්ෂණයක් කරන්න කියලා මම ඉල්ලිමක් සිදු කලා.

පොලිසිය තමන්ගේ වැරැද්ද වහා ගන්න මේක මගේ පිට දලා තියෙනවා.

පොලිසියේ මාධ්‍යය ප්‍රකාශකතුමාගෙන් මම අහනවා එක පුද්ගලයෙක් ගෙනල්ලා ප්‍රකාශයක් ලබාගෙන විමර්ෂණය නතර කරන්න පුළුවන්ද‍

2019 සම්මත පනතින් 2011 සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ කරන්න පුළුවන්ද කියලා මම අහනවා?

කුමාර සංගක්කාර මහතා කියලා තියෙන්නෙත් මේක සම්බන්ධයෙන් පරික්ෂණ කල යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් කියලා.

මම එදත් කිව්වා මේක දේශපාලනියකරණය කරන්න එපා කියලා. මේක විපක්ෂය දේශපාලනය කරගෙන.

අපිට ලෝක කුසලානය දින්නන පුළුවන්, ආයේ දින්න නම් මේ තරගා පවා දිම නතර කරන්න ඕනි.

මේක පිටි පස්සේ ක්‍රිඩකයෝ නැ. හැබැයි මේකට සම්බන්ධය විශාල ලෙස මුදල් වැය කරනවා මේකෙන් බේරෙන්න. යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

667 views

24 Comments to “ප‍්‍රකාශ දෙන්න බැදිලා නැතැයි සංගක්කාර පරීක්‍ෂණ කමිටුවට කියලා.. 2011 තරග පවාදිම විමර්ෂණ නතර කිරිම ගැන පරීක්‍ෂණයක් මහින්දානන්ද ඉල්ලයි..”

  1. ඇත්ත යථාර්ය says:

    ජන්දයක් ඇති විට මේ ව‌ේ කාරණයක් ඇද ගැනීම මෝඩ කමකි මහින්දා නන්ද බුද්ධිමත් දෙුශපාලයෙක් නොවේ.

    • Chinthana says:

      We need to classify and interrogate this issue under two scenarios. 1) players & spectators 2)Agents and Gamblers. The Complainer may be targeting the Agents & Gamblers by his Complain. These politicians of the opposition side are leading their events by propaganda through players and Spectators.

      • Nick says:

        Sangakkara resigned immediately after & also there are reports he became a born again Christian. Why ?? To atone his sins? Some become born again because the God forgives all sins. Like Talduwe Somaratna monk who shot dead Banda. It is a carrot to attract others to their religion.

      • ගම්පොල සමිත හිමි. says:

        මේ පද්දා හැමදාම කලේ රාජපක්ෂවරු අපහසුතාවට පත්කිරීමයි. අනවශ්‍ය ප්‍රශ්න ගනනාවක්ම අණ්ඩුවට ගෙනත් මේ ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමට හරෙන් නැමති කුපාඩියක් එක්ක ගහපු කුමන්ත්‍රණයක් මේක , මූ ඒ තරග පවාදීමක් සිදුවුනා නම් අනිවාර්යයෙන්ම ලොකුම මුදල මූ ගන්නවා, එකේ කොටසක් අඩුවෙන් ලැබෙන්න ඇති මෙච්චර පහුවෙලා මේක මතක් වුනේ,
        අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අතුලු රාජපක්ෂවරුනි.
        මේ වදන ගොදින් සිතේහි තබාගන්න,
        දියෙහි යන්න දන්ඩට පිහිටක් වෙතක් සැම කල දුදනන්හට පිහිට නොවන වග මට සෑබෑ කල වග,

        • subi says:

          me hamuduruwo me padda kiyala kiyanne. siurak dagenada??? meya sure ekatama ara mangala, ranjan kiyapu godata aithi ekek. oya nuwara enna loku pansal wala enna ganayo gana mama hodata dannawa. ehema liyanta me ganayata hakida. denadeyak kala pasnalsta wela enne nathiwa naw methana minissunta garahanta. wraddak thiyenam ewa police walin nethiyen balagani. siura galawa ganne nathiwa hitiyoth hodai.

    • Alapaluwa says:

      මහින්දානන්ද ඔබේ අනුවණ කම මෙම අවස්ථාවේ ප්‍රදර්ශණය කිරීමෙන් ඔබට අවාසියක් මිස වාසියක් ගෙනදෙන්නේ නැත ඔබ හොද කථික දේශපාලකයෙක් වුණත් මෙයින් පෙනීයන්නේ කිසිම මොලයක් නැති මිහාරකෙක් කියා ඒ ඇයි කියා ඔබ දනීද?මොකද මෙවැනි අවස්ථාවක අනවශ්‍යය දෙයක් කරළියට ගෙන ආපු එක ගැන. දැන් ඔබද පසු තැවිලි වනවා නොඅනුමානයි නමුත් එයට දැන් ප්‍රමාද වැඩියි හලෝ!!

      • Gamage says:

        “ඔබ හොද කථික දේශපාලකයෙක් “..හික් හික් හූ,,……හක හක බක බක….

    • Kumarawansha says:

      විරුවන් පටලවා ගැනීම, බෝලෙකට පිත්තකින් හයියෙන් ගහන්න පුළුවං නිසා කෝටිපතියන් වුණ අයට වඩා මැරුණාට පසු ලානස් කෝප්‍රල් වී මිනී පෙට්ටි යෙන් ගෙදර අවා සාමාන්‍ය සෙබළා සැබෑ විරුවෙකි!! නමුත් සමාජය විරුවන් පටලවාගෙන ඇත.

    • නුවර මල්ලි says:

      මු නොකියා කියන්නේ රටේ ප්‍රබලයෙක් මේක කරා කියලද ? ඒ දවස්වල එකෙම් කතාවකුත් තිබ්බා තමයි. අර අප්පචිමලො කියුවේ මේක රාජ්‍යතාන්ත්‍රික පාවාදීමක් කියල. එක ඇත්තක්ද ? තෙපරබන්නේ නැතුව කියපියකෝ.

    • මෙිවෙලාව නෙවෙයි කොයි වෙලාවේත් සත්‍යය වෙනුවෙන් කතාකලය යුතුයි ගින්නක් නැතු දුමක් නගින් නැහැනේ මහින්දා නන්ද සටන දිගටම ගෙනියන්න මෙතුමා වාසියට වඩකරනවා නමි මෙිවෙලාවේ ඔිවා අදින් නෑ තමයි එහෙම නැතුව ඇද්ද එකගැන ස්තුතියි සටනට සහාය වන්න ජයවෙිවා

  2. විමර්ශන says:

    තනි පුද්ගලයෙක් විසින් ගෙනියන මෙම මහා පාවාදීම හෙළිදරව් කිරීමේ සටන අගය කල යුතුමයි.

    • Plato says:

      ලංකාවේ පොලිසියේ තත්වය මේකයි…අද පොලිසියට එර‌ෙහිව ඇම‌ෙරිකාවේ දැවැන්ත ජනතා උද්ගෝෂණ සිදුව‌ෙනවා. පොලිසියට මුදල් ය‌ෙදවීම අත්හිටුවීමට හ‌ෙවත් Defunding මගින් අරඹා අවසානයේ පොලිසිය අහෝසි කිරීම හ‌ෙවත් Disbanding කිරීමට ඇම‌ෙරිකාවේ ජනමතයක් ඇති ව‌ෙලා.
      There’s a growing group of dissenters who believe Americans can survive without law enforcement as we know it. And Americans, those dissenters believe, may even be better off without it.
      Those seeking to disband police consider defunding an initial step toward creating an entirely different model of community-led public safety -CNN

  3. Chinthana says:

    The game of death. The International Cricket is for gamblers and not for players as an extra curriculum activity.

  4. Kudu dumiya says:

    Dan nam mey mahindanandayata gahala daanna ona.

  5. Sirimal says:

    Playersla sambanda natnam itin problem eka etaninma iwarane

    Mokàda kawuru pawadunnat playersla sellamak karana widiyenne match eka dinanne or

  6. ලංකාමිත්‍ර says:

    ගරු ඇමතිතුමනි,
    නීති නොගැලපෙනවා කියා නැවැත්වීම කියන්නේ පාවාදීම නොවුනා කියනඑක නොවේ, ඔබ හරියටම හරි.
    එදා රාත්‍රියේ සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රශ්නාර්ථයට මෙන්ම දිගටම සිදුවෙන්නට ඇතැයි සිතිය හැකි ප්‍රශ්ණාර්ථ සහිත තරඟ රාශියක් තිබුණි.
    සූදු දිනීමෙන් ලැබෙන බිලියන, ට්‍රිලියන ගණන් මුදලට වඩා රටේ ගෞරවය වටිනා බව සැම සිතට ගත යුතුය.
    එදා 1996 දී අර්ජුන ඇතුළු කණ්ඩායම ගෙනා එම ජයග්‍රහණය නිසා අප රට ලද දේ මිල කල හැකිද?
    එවන් ජයග්‍රහණ 2ක් වත් පාවාදීම් ඇතුළු ජරා වැඩ (රාශියකි) නිසා අප රටට අහිමි වූ බව මගේ අදහසයි.

    • Godaya says:

      පද්දොන්ගෙ චන්ද හින්ද පාර්ලිමේන්තු යන මේ හොර දෙටුවා පිලිබඳ පරීක්ෂණයක් තියන්න ඕනෙ .

  7. APPUHAMY says:

    Sanga is a MAHA PANDITHAYA. He is behaving like Rajitha, Ravi, Anura K.

    Whether new Act has retrospective effect or not for 2011, he as former captain should have helped the inquiry to answer the questions. Sanga has a big head. He must go back to YORKSHIRE that will accommodate him because of his English Speaking Accent.

    Go back to England traitor.

  8. Gota says:

    Ko wiyath maga kattiya.

  9. Lanka says:

    මේ වර්ල්ඩ් පේමස් ක්‍රිකට් ඩබලට කැමති උනත් කියන්න ඕන දේ කිය යුතුය.මේ ඩබල ඩබල් ගේම් කරයන් බව කිහිප තැනකම ඔප්පුකර ඇත.

  10. SL says:

    බූරු හොර කප්පිත්ත දැන්වත් කටයි පස්චෙත් භාගෙයි වහගෙන හිටු.දෙපැත්තෙම ඥ රටපුරා යනව

Main News