ප්රජාතන්ත්රවාදය දියවන්නාවටත් උඩින් ගලයි.. විමල්ගේ ස්වාධීන වීම පිලි නොගනී.. ශ්රීලනිපය පිලිගනී..
March 8, 2017 at 1:34 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණට පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට ඉඩ දිය නොහැකි බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ඒ ආකාරයෙන් මන්ත්රිවරුන් ස්වාධීන වීමට ක්රියාකලහොත් ගැටළු ගණනාවක් ඇතිවන බවද කී කතානායකවරයා දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ පිලිගත් දේශපාලන පක්ෂ හයක් පමණක් යයිද කීවේය.
මෙම තීරණයට මන්ත්රී විමල් වීරවංශ මහතා විරෝධය පල කිරීමත් සමග පාර්ලිමේන්තුව උණුසුම් තත්වයට පත්වූ අතර ඒකාබද්ද විපක්ෂ මන්ත්රීවරුන්ද විරෝධය පල කරමින් සිටිති.
මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් ජාතික නිදහස් පෙරමුණු ප්රකාශයෙකු කියා සිටියේ කතානායකවයාගේ තර්කය අනුව වත්මන් ජාතික ආණ්ඩුවද නීති විරෝධී බවයි.
මන්ද පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ තුල ශ්රී ලංකා නිදහස් පක්ෂය කියා පක්ෂයක් නැති බැවින් එජාපය හා ශ්රීලනිපය එක්ව පිහිටුවා ගත් ජාතික ආණ්ඩුවද පිලිගත නොහැති බවත් සන්ධානය හා එජාපය අතර කිසිදු ජාතික ආණ්ඩු ගිවිසුමක් නැති බවත්ය.
අද වන විට ප්රජාතන්ත්රවාදය දියවන්නාවටත් උඩින් ගලා ගොස් ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ පක්ෂයක් ලෙස පිලි නොගන්නා කතානායකවරයා ශ්රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් ලෙස පිලිගැනීම පුදුම සහගත යයිද ඔහු කියා සිටියේය.
Karu suffering dimentia……………….. Give him a old age pension and pack him home.
Speaker correct. If NFF independent at parliament more than 115 MPs will independent and yahapalanaya will finish. Karu has a dream to get state ceremonial funeral. Sri Lanka has suffering to fulfill his wish.
මේ ලක් ඉතිහාසයේ අප අසා ඇති අප දැක ඇති කථානායකවරුන්ගෙන් අසුචි බුදින එකම එකා තමා ඔය වර්ථමාන ලංකාවේ අයහපත් පාලනයේ අපත කථානායකයා….. ඔය පිං රැස් කරගන්නා ආකාරය තමා ඕං කීවා අපේ අප්පොච්චිගේ හැටි ඕං… හෙග් හෙග්…