ප්රජාතන්ත්රවාදය දෙගොඩ තලායන ගැසට් පත්‍රය නිකුත් වේ… පළාත් සභා මැතිවරණ වසර දෙකකින් කල් යයි..
August 8, 2017 at 8:40 am | lanka C news
රජයේ මුද්‍රණාලය විසින් 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
ඒ අනුව සියළු පළාත් සභාවන්හි මැතිවරණ එකම දිනකදී පැවැත්විය යුතු අතර සියළු පළාත් සභා විසුරුවා හැරීම අවසන් වරට පිහිටුවන ලද පළාත් සභාවේ නිල කාලය නොඉක්මවිය යුතුය. එතෙක් අනෙක් සියළු පළාත් සභාවන්හි නිල කාලය එම දිනය දක්වා දීර්ඝ කෙරෙයි.
මේ අනුව ඔක්තොම්බර් 02 වැනිදා නිල කාලය අවසන් වීමට නියමිතව තිබූ උතුරු මැද, සබරගමුව, නැගෙනහිර පළාත් සභාවන්හි නිල කාලය 2019 සැබ්තැම්බර් මාසය දක්වා කල් යනු ඇත්තේ ඌව පළාත් සභාවේ නිල කාලය අවසන් වන්නේ එම කාලයේදී වීම නිසාය.
කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගියදා කියා සිටියේ අදාල පළාත් සභා තුනේ නාමයෝජනා කැදවීම ඔක්තොම්බර් 02 වැනිදා ප්‍රකාශයට පත් කරන බවත්, මැතිවරණය ජනවරිායට පෙර පවත්වන බවත්ය.