ප‍්‍රතික්‍ෂෙප කල පොහොර පුරවාගත් චීන නෞකාව කොළඹ වරාය ඉදිරියේ…

October 23, 2021 at 12:00 pm | lanka C news
ප‍්‍රතික්‍ෂෙප කල පොහොර පුරවාගත් චීන නෞකාව කොළඹ වරාය ඉදිරියේ…

අහිතකර බැක්ටීරියා අඩංගු යැයි තහවුරු වීමෙන් පසු ප්‍රතික්ෂේප කරන ලද පොහොර රැගත් චීන සමාගමේ පොහොර නෞකාවක් කොළඹ වරාය ආසන්නයට පැමිණ තිබේ.

ඒ බව චීන සමාගම් විසින් ආණ්ඩුවේ බලධාරීන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

අදාල පොහොර විෂ ද‍්‍රව්‍ය අඩංගු වෙන්නේ නැතැයි නැවතත් සිදුකරන ලද පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවත් ඇති නිසා එම පොහොර තොගය නැවත ගෙනවිත් ඇතැයිද එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

ඊට අදාළ ලිපි ලේඛනද සමාගම විසින් ඉදිරිපත් කර තිබෙන බවද සඳහන්ය.

හාබර් මාස්ටර්වරයා පවසන්නේ මෙම නෞකාවට වරාය පරිශ්‍රයට ඇතුළු වීම වළක්වන ලෙස සියලු අංශවලට නියෝග කර ඇති බවයි.

මේ අතර සීමාසහිත ලංකා පොහොර සමාගම විසින් කුවින්ග්ඩාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව වාණිජ මහාධිකරණයෙන් ඊයේ (22) වාරණ නියෝගයක් ගනු ලැබිණ.

මෙම වාරණ නියෝගය මගින් චීන සමාගම වන කුවින්ග්ඩාඕ සීවින් බයෝටෙක් ගෘප් කම්පනි (Qingdao Seawin Biotech Group Co.) වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපියක් (Letter of Credit) යටතේ මහජන බැංකුව විසින් කිසිදු ගෙවීමක් සිදු කිරීමට නොහැකි වේ.

එම චීන සමාගමට සහ එහි දේශීය නියෝජිතයාට ණයවර ලිපිය යටතේ කිසිඳු ගෙවීමක් ලබාගැනීම ද අවහිර වන පරිදි වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගය නිකුත් කෙරිණ.

64,818 views

21 Comments to “ප‍්‍රතික්‍ෂෙප කල පොහොර පුරවාගත් චීන නෞකාව කොළඹ වරාය ඉදිරියේ…”

  1. Mahesh says:

    Is this the beginning?

  2. රත්නායක says:

    CICT එකට ගෙනත් බායි. ඕනෑ කුණු ගොඩක් උන් බානව නේ.

  3. Lol says:

    ඔය ටික ජනාධිපතිටයි අගමැතිටයි ඇමතිලටයි උන්ට ජන්දෙ දුන්න ගොං බයියන්ටයි කවපල්ලා 😂

  4. Jude perera says:

    Chineese poops

  5. Kevin says:

    දැල් සැපද?

  6. Siri Jayawickrama says:

    Try to make use this junk rather than sending back or dumping into see. We dont any more benifitted as people of this country keep blaming the stupid decesion one person made. find a way through to sole this problem keeping our deplomatic relations unharm

  7. xman says:

    ඕන බුරුවෙකුට තේරෙනවා , මුන් මේක බාරගන්න කැමතිවෙලා , නැත්නම් චීන ඕක ආපසු එවන්නේ නැහැ.

  8. saman says:

    මේ ටික හොදයි කියල බාලා කුබුරට දැම්මේ නැත්නම් මේක ලන්කාව නෙවෙයි.

  9. Gamini says:

    It’s also some person’s commission payment done

  10. 69 MIN BAIYOO says:

    ඕන බුරුවෙකුට තේරෙනවා , මුන් මේක බාරගන්න කැමතිවෙලා , නැත්නම් චීන ඕක ආපසු එවන්නේ නැහැ.

Main News