Exclusive : ප‍්‍රතික්‍ෂෙප වූ චීන සමාගමේ පොහොර යලි පරීක්‍ෂා කිරීමට ශ‍්‍රී ලංකාව එකග වේ..

October 26, 2021 at 3:00 pm | lanka C news
Exclusive : ප‍්‍රතික්‍ෂෙප වූ චීන සමාගමේ පොහොර යලි පරීක්‍ෂා කිරීමට ශ‍්‍රී ලංකාව එකග වේ..

ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ රඳවා සිටින චීන සමාගමක කාබනික පොහොර තොගයක් සහිත නෞකාවේ පොහොර සාම්පල නැවතත් දෙපාර්ශ්වයටම පිළිගත හැකි ආයතනයකට යොමු කර පරික්ෂා කිරීමට එකඟ වී තිබේ.

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ සඳහන් කළේ මෙරට පරීක්ෂණාගාර වල සිදුකර ඇති පරීක්ෂණ වාර්තා පිළිගත නොහැකි බව චීන සමාගම දන්වා ඇති බවයි.

අදාල පොහොර නිෂ්පාදන සමාගම ලොව පිළිගත් ප්‍රධාන රටවල් 16කට පොහොර නිෂ්පාදනය කරන ආයතනයක් බවත් එනිසා එහි ප්‍රමිතිය පිළිබඳව අවබෝධයක් ගන්නැයි චීනය ඉල්ලා සිටි බවද ඔහු පැවසීය.

ඒ අනුව එම පොහොර සාම්පල නැවත පරික්ෂා කිරීම සඳහා දෙපාර්ශවය එකඟ වන තුන්වන පාර්ශවය දී ඉන් පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යෝජනා වූ බවද අමාත්‍යවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අද කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමිනි.

මේ අතර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරන්නේ මෙම පොහොර තොග තුන්වෙනි පාර්ශ්වයකින් යළි පරික්ෂා කරන ලෙස චීනය ඉල්ලීමක් කර ඇති බවයි.

චීන තානාපතිවරයා සහ පොහොර සමාගමේ නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් මෙම ඉල්ලීම කර ඇති බවද ඔහු පැවසීය.

58,480 views

38 Comments to “Exclusive : ප‍්‍රතික්‍ෂෙප වූ චීන සමාගමේ පොහොර යලි පරීක්‍ෂා කිරීමට ශ‍්‍රී ලංකාව එකග වේ..”

  1. Nishantha says:

    Checking a compost sample for a bacterium is not a very difficult task.it’s a simple test in microbiology.if Ervenia detected in a sample it is there for sure.this is like a theft in day time.if our rulers have a backbone they can refuse without going for a 2nd test.but without any hesitation so called 2nd test will be negative for Ervenia

  2. ගරසරප says:

    ටෙස්ට් ඕන නෑ අර රටවල් 16 කියන්නකො.

  3. RPLCRandeni says:

    ස්වාධීනත්වය අපේ ස්වෛරීත්වය ආරක්ෂා කරන්න ඒ වෙනුවෙන් කතා කරන්න.

  4. 69 MIN BAIYOO says:

    Who has given the authority for this bull(Shashindra Rajapaksha) to take decisions that will be having impacts not now but also for SL future ???????????????

Main News