ප‍්‍රතිසංවිධානය බූරුවා ගැහිල්ලක්.. නායකත්වය වෙනස් විය යුතුමයි..- රංග බණ්ඩාර

April 30, 2018 at 1:20 pm | lanka C news
ප‍්‍රතිසංවිධානය බූරුවා ගැහිල්ලක්.. නායකත්වය වෙනස් විය යුතුමයි..- රංග බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කරන ලද ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් මහ ජනතාවගේ ප්‍රතිචාර ඉදිරි දින කීපය තුල දැන ගන්නට ලැබෙනු ඇතැයි වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අද (30) ප්‍රකාශ කළේය.

මහජනතාවගේ මතය දැන ගැනීම සදහා ඡන්දයක් පැමිණෙන තෙක්ම සිටිය යුතු නැති බවත් සමාජ මාධ්‍ය ජාල හා පාක්ෂිකයා කටයුතු කරන ආකාරයෙන් එය දැන ගැනීමට හැකි බවත් ඒ මහතා අවධාරණය කළේය. පක්ෂයේ ප්‍රති සංවිධාන යටතේ සිදුකර ඇත්තේ මහජනයා බලාපොරොත්තු වූ වෙනස නොවන බවද රංගේ බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් මාධ්‍ය කල විමසීමේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද කීය.

පක්ෂයේ තනතුරු බෙදා ගෙන තිබෙන්නේ එකම කණ්ඩායමක් විසින්. බූරුවා ගහද්දි කූට්ටමේ කොළ මාරු වුණත් බූරුවා ගහන කණ්ඩායම අතර බෙදී යනවා. බූරුවා ගහද්දි කණ්ඩායමෙන් පිටට කොල යන්නේ නැහැ. මෙවරත් බූරුවා කූට්ටමේ කොළ එකම පිරිසක් අතර හුවමාරු වෙනවා වගේ තමයි ප්‍රතිසංවිධානය සිදුකරල තිබෙන්නේ. මෙයට විරෝධය දක්වල ජෝෂප් මයිකල් පෙරේරා මහතා කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් එම අවස්ථාවේදීම ඉල්ලා අස්වුණා. එතුමා පක්ෂයේ ජේෂ්ඨයෙක්. හිටපු ඇමතිවරයෙක් මෙන්ම හිටපු කතානායකවරයෙක්. එතුමගේ ප්‍රතිචාරය උණු උණුවේම දැකගන්න ලැබුණා.

තවත් දේ ඉදිරියේදී දැක ගන්න පුළුවන්. මේ වෙනස ගැන මමත් තෘප්තිමත් නැහැ. නමුත් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමේ කටයුතු දිගටම සිදුකරනවා.

මහජනතාව මෙන්ම පාක්ෂිකයා ඉල්ලා සිටියේ පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක්. එය නායකත්වයේ සිට කල යුතු ප්‍රතිසංවිධානයක්. මමත් මහජන මතය දෙස අවධානයෙන් බලා සිටින බවද ඒ මහතා කීය.

– ජයකාන්ත ලියනගේ

18 views

8 Comments to “ප‍්‍රතිසංවිධානය බූරුවා ගැහිල්ලක්.. නායකත්වය වෙනස් විය යුතුමයි..- රංග බණ්ඩාර”

  1. Nim says:

    BOORUWO BURUWA
    GAHANNA NATHUWA
    ASSAYO GAHANNA YA?

  2. don katugampala says:

    “PUTHTHALAM BURUVEK” ME THAPPULANNE.

  3. Gamarala says:

    Ane palayan yanna mongel Katha nokata.
    Tho thamai passa dunne ranilta.

  4. Future General Sec says:

    උඹ හැමදාම වොඉස් කට් දී දී හිටපන්. උඹලට කරන්න පුළුවන් ලබ්බක් නැහැ. කොන්ද පන නැති මුසලයෝ.

  5. නෑ යකෝ මට ලැබුනේ නෑ ඒකයි ගැටලුව. says:

    නෑ යකෝ..බුරුවා ගහනවා. ගොනා අල්ලනවා. අනේ මෙහෙම පුත්තලම් බුරුවෙක්.

  6. raja says:

    lokka etulu mun okkatama pissu

  7. buhary says:

    කිලි මහාරාජාව UNP එකේ නායකයා කරමුද ?

  8. Niro@ says:

    ammata digital karapan

Main News