ප‍්‍රදේශ රැසක ගංවතුර…

November 25, 2021 at 4:40 pm | lanka C news
ප‍්‍රදේශ රැසක ගංවතුර…

උතුරු පලාතට නැවත වරක් අධික වර්ෂාවක් ඇදහැලීමත් සමග දිස්ත්‍රීක්ක කිහිපයකට ගංවතුර තත්වයන් ඇතිවීම නිසා රජයේ ආයතන නිලධාරීන් ඇතුලු දහසකට ආසන්න පිරිසක් පීඩාවන්ට පත්ව ඇති බවට ආපදාකලමනාකරන කාර්යාලය පවසයි.

යාපනය කරෙයි නගර් ප්‍රදේශයේ පවුල් 205 කට අයත් පුද්ගලයින් 703 දෙනෙකු ගංවතුර සහ සුලං හේතුවෙන් පීඩාවනට පත්ව ඇති බවට යාපනය ආපදාකලමනාකරන ඒකකය පෙන්වා දෙයි.

මේ අතර වව්නියාව උතුර නෙඩුන්කේනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති වූ ගංවතුර තත්වයන් හේතුවෙන් ප්‍රදේශයේ ප්‍රාදේශීය රෝහල, ගොවිජන සේවා මධ්‍යස්ථානය, පොලිස් ස්ථානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තු කර්යාලය ඇතුලු ස්ථානවලට ප්‍රධාන මාර්ග කිහිපයකට ගංවතුර තත්වයන් බලපෑම හේතුවෙන් දෛනික කටයුතුවලට දැඩි බලපෑමක් එල්ලවී ඇත.

එමෙන්ම වව්නියාව දිස්ත්‍රීක්කයේද පවුල් 100 කට ආසන්න පුද්ගලයින් 250 කට අධික පීඩාවන්ට පත්ව සිටිති.

තවද මුලතිව් මැරිටියන්පත්තු ප්‍රදේශයේ මුහුදු ජලය ගොඩගැලීම හේතුවෙන් පුද්ගලයින් 50 කට ආසන්න පිරිසක් පීඩාවනට පත්ව ඇති අතර පීඩාවන්ට පත්වූවන් වෙනුවෙන් ආපදාකලමනාකරන ඒකකයන් විසින් පහසුකම් සැපයීමටද පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

11,104 views

Leave a Comment