ප්‍රධානම සහල් මෝල්කරුවන් තිදෙනෙකු එක්වෙති… රටේම වී අරන් මිල වැඩි කරන්න යයි..
February 27, 2021 at 10:40 am | lanka C news
මෙම කන්නයේ ගොවි ජනතාව නිෂ්පාදනය කරන වී මිල පාලනය කොට නිෂ්චිත මිල ගණන් තීන්දු කිරීම සඳහා පොෙළාන්නරුවේ ප්‍රධාන සහල් ව්‍යාපාරිකයන් තිදෙනා පසුගියදා විශේෂ රැස්වීමක් පවත්වා ඇත.
ඒ සඳහා මෙරට වී නිෂ්පාදනය කරන දිස්ත්‍රික්ක 10ක ප්‍රධාන නියෝජිතයන් 10 දෙනකුද කැඳවා තිබිණි.
දිස්ත්‍රික් මට්ටමින් මෙම ප්‍රධාන මෝල් හිමියන් නියම කරන නිශ්චිත මිලට වී මිලදී ගැනීම සඳහා නියෝජිතයන් 10 දෙනෙකු පත්කර ඔවුනට මසකට රු.75,000ක වැටුපක් ගෙවා ඔවුන්ගේම මිල පාලන ක්‍රමවේදයක් සැකසීමටද මෙහිදී මෝල් හිමියෝ තීන්දු කළහ.
ප්‍රධාන මෝල් හිමියන් තිදෙනා අතර තරගකාරීත්වයකින් තොරව වී මිල පාලනය කිරීම මෙම රැස්වීමේ නිශ්චිත අරමුණ විය.
මෙහිදී දැනට නාඩු සහල් සඳහා පනවා තිබෙන කිලෝවකට රු.96/- පාලන මිල රු.100/-ක් දක්වා ඉහළ දැමිය යුතු යැයිද තීන්දු කර තිබේ.
ඒ අතර රජය ගොවි ජනතාවට නොමිලයේ පොහොර ලබාදෙන බැවින් එම පොහොර හිලව්වට සහතික මිලට වී මිලදී ගැනීම මුදල් අමාත්‍යංශය රුපියල් කෝටි 1600ක් මේ සතියේ වෙන්කළ බවද වාර්තා විය.
කන්න දෙකක් ලංකාවට හාල් ආනානයනය කරා නන් ප්රශ්නය ඉවරයි , සිරිසේන හාල්පාරැවොන්ට වි තම්බන් කන්න කියලා ,එකම ප්රශ්නය වි ගොවියා සහ ව්දෙශ විනිමය ගැටලුව . නමුත් කිහිප දෙනෙකුට night club ගිහින් වෙස ගැනුන්ට තුරැල් වෙලා ඉන්න රටම බඩගින්නේ තියන්න දෙන්න පුළුවන් ද සර්.
ඩඩ්ලි ට බය ආන්ඩුව