ප්‍රධාන ජුම්මා පල්ලි දෙකක මව්ලවිවරුන් දෙදෙනෙක් අත්අඩංගුවේ.. සහරාන් සමග ත්‍රස්ත පුහුණුවේ යෙදිලා..
August 21, 2019 at 4:40 pm | lanka C news
පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්ථාන ගණනාවකට බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද කණ්ඩායම මෙහෙයවූ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් සමග නුවරඑළියේදි ත්‍රස්ත පුහුණුව ලැබූ මව්ලවිවරුන් දෙදෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙට්ටිපොළ ජුම්මා මුස්ලිම් පල්ලියේ හා නිකවැරටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ මවුලවිවරුන් දෙදෙනෙකි.
මොහොමඩ් සහරාන් සමඟ මෙම දෙදෙනා ත්‍රස්ත පුහුණුව ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඔවුන් දෙදෙනාම මේ වනවිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් රදවාගෙන ප්‍රශ්න කරමින් සිටියි.