ප‍්‍රධාන පෙලේ අරක්කු සමාගමක බලපත‍්‍රය අත්හිටුවයි..

August 26, 2017 at 4:40 pm | lanka C news
ප‍්‍රධාන පෙලේ අරක්කු සමාගමක බලපත‍්‍රය අත්හිටුවයි..

රජයට ගෙවිය යුතු කෝටි 65ක හිග බදු මුදලක් නොගවීම නිසා මෙරට ප‍්‍රධාන පෙලේ මත්පැන් නිෂ්පාදන සමාගමක බලපත‍්‍රය අහෝසි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

කෝටි 65ක හික බදු ගෙවිය යුතු වන්නේ ජූලි 31වන දිනට වන අතර අගෝස්තු මාසය අවසන් වෙද්දී එම බදු මුදල කොටි 90කට ආසන්න වෙමින් ඇතැයිද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම බලපත‍්‍රය අත්හිටුවා ඇත්තේ තාවකාලිකව වන අතර හිග බදු මුදල් ගෙවූ පසු නැවත බලපත‍්‍රය ලබාදීමට නියමිතය.

මෙම සමාගමට බැදුම්කර මගඩියේ මුදල් ආයෝජනය කර ඇතැයිද චෝදනා එල්ල වෙයි.

108 views
Main News