ප්‍රධාන මෝලුන් දෙදෙනෙක් ලාබ සහල් රටින් ගෙන්වා දේශීය ලේබල් කර ගිනි ගානට වෙලද පලට…
January 23, 2022 at 10:00 am | lanka C news
සහල් ආනයනයට ඕනෑම අයෙකුට අවස්ථාව ලබාදීම නිසා මෙරට මහා පරිමාණ සහල් මෝල් හිමියන් දෙදෙනෙක් විදෙස් රටවලින් අඩු මිලට සහල් ගෙන්වා නැවත සකස්කර ඔවුන්ගේ වෙළෙඳනාමයෙන් වෙළෙඳ පොළට මුදාහැරීමේ ජාවාරමක් ක්‍රියාත්මක කර ඇතැයි ජාතික ගොවිජන සම්මේලනයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය.
මෙම මහා පරිමාණ හාල්මෝල් හිමියන් සිය මුදල් යොදවා ව්‍යාජ සහල් ආනයනයකරුවන් මගින් ගෙන්වා ඇති සහල් කන්ටේනර් 30ක් පමණ ඔවුන්ට අයත් සහල් මෝල් වෙත වරායෙන් ගෙනගොස් ඇති බවද ඔහු කීය.
මෙම හාල් මෝල් හිමියන් විදෙස් රටවලින් ගෙන්වා ඇති සහල් පොලිෂ් කර මෙරට නිෂ්පාදනය කළ සහල් ලෙස ඔවුන්ගේ වෙළෙඳ නාමයන් යටතේ වැඩි මිලට වෙළෙඳ පොළට නිකුත් කර අධික ලාභයක් ලබන බවත් තෙන්නකෝන් මහතා කීය.
මෙවැනි මෝල් හිමියන් විසින් වී කිලෝව රුපියල් 90ක් වැනි මිලකට මිලදී ගන්නා බවට ප්‍රකාශ කර ගොවීන් නිෂ්පාදනය කරන වී මිලදී ගන්නා බවත් වී කිලෝවක් සකස්කිරීම සඳහා වී කිලෝ 1.6ක් වැයවන බවත් ඔහු කීය.
ඒ අනුව සහල් කිලෝවක් නිපදවීම සඳහා රුපියල් 145ක් 150ක් වැනි වියදමක් දැරීමෙන් පසු නාඩු සහල් කිලෝවක වෙළෙඳපොළ මිල රුපියල් 175 – 180 වීම වැළැක්විය නොහැකි බවත් ඔහු පැවසීය.
– චමින්ද සිල්වා
වැඩ කරන අපේ විරුවා……
මේ රජය තවත් නිදිද?
, මැරිලා. මැරිලා බං. නිදි නෙවෙයි ඔය. ආයෙ නැගිටින්නෙ නෑ.
හාල් මෝල් හිමියන් ට හා රජයෙ සේවකයන් ට බයයි මේ ආන්ඩුව
මිණිසුන් අන්ත අසරණ තත්වයට වැටි ඇති මෝහොතක මෙවැනි සක්කිළි වැඩ කර එවුන්ට ලේබඩ ගොස මැරි යන්න ඕනේ.මේ කරණ අපරාධයට.
Don’t worry… even this act, the share (kick-back) may already agree and share among them in this safe haven for looters and political thieves. By the time of releasing 30 containers, they know the quantity, they know an illegal act they are going to do, they calculate the approx. profit on this and agree with the share. That is it.
කූඨ ව්‍යාපාරිකයන් ට නිසි දඩුවම් ලබා දිය යුතුයි