ප‍්‍රබල ඇමතිගේ ආරක්‍ෂාවට පොලිසියෙන් 81ක්.. STF 74ක්..

January 14, 2022 at 2:10 pm | lanka C news
ප‍්‍රබල ඇමතිගේ ආරක්‍ෂාවට පොලිසියෙන් 81ක්.. STF 74ක්..

රජයේ එක්තරා ප‍්‍රබල කැබිනට් අමාත්‍යවරයකු සිය විශේෂ වරප‍්‍රසාද භාවිත කරමින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 74 දෙනකු ඇතුළු පොලිස් නිලධාරීන් 81 දෙනකු ආරක්ෂාව සඳහා යොදවාගෙන සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

කැබිනට් අමාත්‍යවරයකුගේ ආරක්ෂාව සඳහා ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් 7 දෙනකු පමණක් අනුයුක්ත කර ඇති නමුත් මෙම අමාත්‍යවරයා එම නීති උල්ලංඝනය කරමින් සිය ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 81 දෙනකු යොදාගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය ජනාධිපතිවරයාට සහ අග‍්‍රාමාත්‍යවරයාට ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන නමුත් කිසිදු කැබිනට් ඇමැතිවරයකුට ආරක්ෂාව ලබාදීම සඳහා අනුයුක්ත කර නොමැත.

එසේ තිබියදී මෙම කැබිනට් ඇමැතිවරයා සිය විශේෂ වරප‍්‍රසාද පාවිච්චි කරමින් මේ ආකාරයට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් තම ආරක්ෂාවට යොදවා ගැනීම බරපතළ ගැටලූවක් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම අමාත්‍යවරයාගේ ආරක්ෂාවට යොදාගෙන සිටින නිලධාරීන් පසුගිය කාලයේ සිය රාජකාරියට පරිබාහිරව නීති විරෝධී කි‍්‍රයාවල නිරතවීම් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබිණි.

හේමන්ත රන්දුණු
– divaina

86,115 views

25 Comments to “ප‍්‍රබල ඇමතිගේ ආරක්‍ෂාවට පොලිසියෙන් 81ක්.. STF 74ක්..”

  1. Boru Show says:

    Kaladutu kala Wala iha ganeema veraddakda?

    • Devaka says:

      කැබිනට් ඇමති දූර කිසිවක් නැති ජනතා චන්දයෙනුත් ප්‍රතිශේප උන පිනා මන්ත්‍රී දූරයක් දරන මදුරුවෙකුගෙන්වත් තර්ජනයක් නැති රනිල් ට 200 කට අධික ආරක්ශක බට පිරිසක් මහින්ද ලබා දීල තිබෙනවා ඒවට එකෙක් කටක් හොලවන්නේ නෑ .

      • නෝ කැපසිටි පූතානෝ says:

        පොනිල් කවදත් කරේ තමනගේ වට්ටිය බේරා ගත්ත එක. මිනිහා ඉතින් රාජපක්ෂ ගේ පිට කහන එකානේ. දැන් සංගි ජරත් ගේ රෙදි අපුල්ලන් නෙත් මිනිහා තමා.

  2. TM says:

    ප්‍රභල ඇමතිවරයාගේ නම දාන්න බැරිනම් මේ වගේ ප්‍රවෘත්ති ලියන්න එපා. කවුද දන්නේ බොරුද කියලා. හොයා ගන්නත් බෑනේ.

    • සනත් ඉතාලිය says:

      අනිවාර්යයෙන් බන් මුන්ට ප්‍රබල කෑල්ල ඉස්සරහට වැටුන ගමන් උගෙ නම අමතක වෙනව. තවත් පුවතක මම දැක්ක ප්‍රබල රාජ්‍යය ඇමති කෙනෙක් කියල warenthu karuwek ගුවන්තොටුපලින් පිටකරගෙන ගිහින් කියල. මුනුත් දන්නව පුවත 100% නිවැරදි නැහැ කියල. ලජ්ජයි හොදේ

    • country man says:

      Well Said. It’s always the fat ,thin ,tall or the one with a big stomach. No name.

    • King Bull says:

      ප්‍රබල ඇමතිවරු දැන් නැහැ. හැමෝම පීචං ඇමතිලා.

    • Mr. ම. කේ. පුඉල් says:

      වෙන කවුද මෙයා, අර බණ්ඩාරවෙල ට ජා අ නඟි ගෙනිච්චේ. හික්ස්

  3. චන්ද දායක says:

    අපිට මෝඩ චූන් දෙන්නෙ නැතුව , ප්‍රවෘත්තිය හරි නම් ඩවුට් නැතුව ෂුවර් නම් නම කිව්වනම් ඉවරනේ……මොන ඇමති වුනත් අපි මොනවා කරන්න ද? ⁣හිතේ රුදාවට කමෙන්ට් එකක් කොටනවා හැර.

    • No Capacity පුටානෝ says:

      වෙන කවුද බ්‍රෝ.. මිස්ටර් පුස් වෙඩිල්ල..අර ජන්ගි කේස් එකක් නිසා නොණ්ණ්ඩි උනේ.
      මිනිහා පාර්ලිමේ්තුවේ ටෝක් දෙන්නේ සිංහයෙක් වගේ..ඒත් එළියට යන්න බයයි , හරියට බලු කුක්කෙක් වගේ..

  4. lol says:

    wimal wagema tamayi eyage web ekath, sadde witharayi, kotinma amathige namawath danna konda na

  5. Eri Claud says:

    There is no law in our country. Each ministers have their own laws. Gotabaya saying one thing and ministers doing one thing. Gotabaya must take action against this minister immediately.

  6. rosi says:

    jangi sara

  7. චන්ඩි කොල්ලා says:

    අපි දන්න විදියට කැබිනට් ඇමතිවරු නම් ඉන්නවා! හැබැයි ප්‍රබල කැබිනට් ඇමතිලා කියලා කට්ටියක් ගැන දන්නෙ නෑ!
    හරියට නම් ගම් දාන්න බැරිනම් මිනිස්සුන්ට බොරුවට මඩ ගහන් නැතුව ඉඳපල්ලා බං!

  8. Sam says:

    Ane huke.Nama daapan

  9. ගන්ජ බන්ඩා says:

    මෝඩ චූන්.

  10. Nalaka says:

    Koheda me rate prabala amatiwaru inne. Inna okkoma ewun ponnayo ne… Melowa wadak karanna Bari talk witarak Dena ewun ne inne

Leave a Comment

Main News