ප්‍රබල ඇමතිගේ ආරක්ෂාවට පොලිසියෙන් 81ක්.. STF 74ක්..
January 14, 2022 at 2:10 pm | lanka C news
රජයේ එක්තරා ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු සිය විශේෂ වරප්‍රසාද භාවිත කරමින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 74 දෙනකු ඇතුළු පොලිස් නිලධාරීන් 81 දෙනකු ආරක්ෂාව සඳහා යොදවාගෙන සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
කැබිනට් අමාත්‍යවරයකුගේ ආරක්ෂාව සඳහා ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් 7 දෙනකු පමණක් අනුයුක්ත කර ඇති නමුත් මෙම අමාත්‍යවරයා එම නීති උල්ලංඝනය කරමින් සිය ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 81 දෙනකු යොදාගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකාය ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන නමුත් කිසිදු කැබිනට් ඇමැතිවරයකුට ආරක්ෂාව ලබාදීම සඳහා අනුයුක්ත කර නොමැත.
එසේ තිබියදී මෙම කැබිනට් ඇමැතිවරයා සිය විශේෂ වරප්‍රසාද පාවිච්චි කරමින් මේ ආකාරයට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් තම ආරක්ෂාවට යොදවා ගැනීම බරපතළ ගැටලූවක් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මෙම අමාත්‍යවරයාගේ ආරක්ෂාවට යොදාගෙන සිටින නිලධාරීන් පසුගිය කාලයේ සිය රාජකාරියට පරිබාහිරව නීති විරෝධී කි‍්‍රයාවල නිරතවීම් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබිණි.
හේමන්ත රන්දුණු
– divaina
ඇමතියා මොකාද කියලා කෙලින්ම කියපන්ලා නැත්තම් වැඩක් නෑ ඔය ගෝත news
ප්‍රබල ඇමතිලා 1. බැසිල් 2. නාමල් 3. චමල් 4. අලි සබ්රි.
🌷🌷👍👍
වෙන්න බැහැ බන් උන්ට ඔය වගේ තුන් ගුනෙක සිකුරිටි දීලා තියෙනවා
ප්‍රබල නම් මොකටද මේ තරම් ආරක්ෂාව අනිවාර්යයෙන්ම ඕකා දුබලයෙක්
Corruptioñ with transparency: alas.
This is jangi hora
ඇමතිගේ නම කියන්න කොන්ද පණ නැත්නම් මේවා දාන්න එපා. ඔයගොල්ලන්ගේ යුතුකම ඒ අය හොයල මහජනතාවට නිරාවරණය කරන එක.
ජනතාව ප්‍රවේසමෙන් තෙල් පාවිච්ච් කරන්න ඕනේ… 😜
American Citizen Basil