ප‍්‍රබල ඇමති අගමැතිට අඳී.. මහ නාමිහියන්ගේ ආශිර්වාද ගෙන යාග-හෝම කටයුතුත් කරගනී..

November 5, 2016 at 12:01 am | lanka C news
ප‍්‍රබල ඇමති අගමැතිට අඳී.. මහ නාමිහියන්ගේ ආශිර්වාද ගෙන යාග-හෝම කටයුතුත් කරගනී..

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට මේ දිනවල අමුතුම වාසනාවක් පෑදී තිබේ. ඒ තම බිරිඳ රටේ ප‍්‍රබල තරුණ කාන්තාවකට රහසින් සිදු කරමින් සිටින උදවු පදවු හේතුවෙනි. මේ නිසා ඔහු බලාපොරොත්තුව සිටි අගමැති තනතුර ඉතා ඉක්මනින් කෙටි මාර්ගයකින් ලබා ගැනිමට පොට පෑදි ඇතැයිද සමීපතමයෝ කියති.

ඉහත කී වාසනාව උදාවූයේ කිසිවකු නොසිතු ආකාරයේ මෑතකදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නැගි ආ මහා බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධ චෝදනාවන් නිසා නැගි එන ජනතා විරෝධය මෙන්ම රටේ ඇතිවී ඇති දේශපාලන කුණාටුව නිසාය.

මෙය තත්වය අතර ඔහු ආණ්ඩුවේ එජාප පර්ශවය මෙන්ම ශ්‍රීලනිප කණ්ඩායම අතරද නොයෙකුත් සාකච්ඡා පවත්වමින් යයි.

දේශපාලන අර්බුදය මැද යම් අවස්ථාවක් පැන නැගුනොත් විකල්පයක් ලෙස අගමැතිවයෙකු තෝරා ගතයුතුය. ඒ අනුව පසුගිය වර කිසිවෙකු නොසිතු ලෙස බස්නාහිර පලාත් සභාවේ නව මහ ඇමතිවරයා ලෙස ඉසුර දේවප‍්‍රිය පත් කල ආකාරයෙන්ම ඉහත කී ප‍්‍රබල ඇමතිවරයා පත්කිරීමට ඉඩ ඇතැයිද දේශපාලන කවයන්හි රහසේ සාකච්චා වෙමින් ඇත.

මෙම ප‍්‍රබල ඇමතිවරයා සිය පවුලේ උදවියද සමග මහනායක හිමිවරුන් මුණගැසීමට හදිසියේම ගිය රාත්‍රි නවාතැන් පහසුකම් සපයා තිබුණේ මහනුවර දළදා මාලිගාවට පමණක් දෙවෙනි වන මාලිගාවකි. එහි සිට හෙලිකොප්ටර් යානා මගින් අනුරාධපුරය ඉගිලිනු පිරිස එහි මාලිගාවක නැවති සිටිමින් ඉතා රහසිගතව රජරට සුප්‍රසිද්ධ යාග හෝම සිදු කරන කාන්තාවක් මුණගැසී ඇත.

එම යාග හෝම කරන කාන්තාව බැහ දැකීමට රටේ ප‍්‍රබලතමයන් නිතර යන එන බවද ප‍්‍රසිද්ධය.

35 views

19 Comments to “ප‍්‍රබල ඇමති අගමැතිට අඳී.. මහ නාමිහියන්ගේ ආශිර්වාද ගෙන යාග-හෝම කටයුතුත් කරගනී..”

  1. love nature says:

    දෙවියන් පිලිබඳ බෞද්ධ ආකල්පය

    මානව කේන්ද්‍රිය ආගමක් වුවත්, බුදු දහමේද දෙවියන් ගැන සඳහන්ව ඇත. (මහාසමය, ආටානාටිය යනාදී සූත්‍රදේශනාවල)
    එය අනිකුත් ආගම් අතරින් වෙනස් වන්නේ මෙසේය. බුදු දහමට අනුව දෙවියන් යනු පිදිය යුතු, යැදිය යුතු හෝ ඇදහිය යුතු පිරිසක් නොවේ. දෙවියන් යනු ධර්මාණුකූලව ජීවත්වන මිනිසාට ආශිර්වාද කරන පිරිසක් බව අංගුත්තර නිකායේ සඳහන්වේ. දෙවියන් වෙනුවෙන් පින් දීම සුදුසු බවද බුදුදහමේ කියවේ.
    සම්මුති, විශුද්ධි, ඕපපාතික යනාදී තුන් කට්‍ටුවක් දෙවිවරු පිලිබඳවත්, චාතුර්මහාරාජික, තාවතිංශය, යාමය, තුසිත, නිම්මානරති හා පරිනිම්මිත වසවත්තිය වශයෙන් දිව්‍යය ලෝක 6ක් ගැනත්, ඊට අමතරව වූ බ්‍රහ්ම ලෝක 20ක් ගැනත් බුදු දහමේ කියවේ.

    • Nelum says:

      ඔබගේ අදහස් ඉතාම අගය කරමි. අප රටේ ජනතාවට මේවා තේරුම් ගන්න බැරි වීම ගැන ඉතා කනගාටු වෙමි . අපගේ පවුලේ අය සිතන්නේ ඔබ සිතන ආක්කරයටම තමා. නමුත් අපි සුළුතරයකි .

Main News