ප‍්‍රබල ඇමති අගමැතිට අඳී.. මහ නාමිහියන්ගේ ආශිර්වාද ගෙන යාග-හෝම කටයුතුත් කරගනී..

November 5, 2016 at 12:01 am | lanka C news
ප‍්‍රබල ඇමති අගමැතිට අඳී.. මහ නාමිහියන්ගේ ආශිර්වාද ගෙන යාග-හෝම කටයුතුත් කරගනී..

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට මේ දිනවල අමුතුම වාසනාවක් පෑදී තිබේ. ඒ තම බිරිඳ රටේ ප‍්‍රබල තරුණ කාන්තාවකට රහසින් සිදු කරමින් සිටින උදවු පදවු හේතුවෙනි. මේ නිසා ඔහු බලාපොරොත්තුව සිටි අගමැති තනතුර ඉතා ඉක්මනින් කෙටි මාර්ගයකින් ලබා ගැනිමට පොට පෑදි ඇතැයිද සමීපතමයෝ කියති.

ඉහත කී වාසනාව උදාවූයේ කිසිවකු නොසිතු ආකාරයේ මෑතකදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නැගි ආ මහා බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධ චෝදනාවන් නිසා නැගි එන ජනතා විරෝධය මෙන්ම රටේ ඇතිවී ඇති දේශපාලන කුණාටුව නිසාය.

මෙය තත්වය අතර ඔහු ආණ්ඩුවේ එජාප පර්ශවය මෙන්ම ශ්‍රීලනිප කණ්ඩායම අතරද නොයෙකුත් සාකච්ඡා පවත්වමින් යයි.

දේශපාලන අර්බුදය මැද යම් අවස්ථාවක් පැන නැගුනොත් විකල්පයක් ලෙස අගමැතිවයෙකු තෝරා ගතයුතුය. ඒ අනුව පසුගිය වර කිසිවෙකු නොසිතු ලෙස බස්නාහිර පලාත් සභාවේ නව මහ ඇමතිවරයා ලෙස ඉසුර දේවප‍්‍රිය පත් කල ආකාරයෙන්ම ඉහත කී ප‍්‍රබල ඇමතිවරයා පත්කිරීමට ඉඩ ඇතැයිද දේශපාලන කවයන්හි රහසේ සාකච්චා වෙමින් ඇත.

මෙම ප‍්‍රබල ඇමතිවරයා සිය පවුලේ උදවියද සමග මහනායක හිමිවරුන් මුණගැසීමට හදිසියේම ගිය රාත්‍රි නවාතැන් පහසුකම් සපයා තිබුණේ මහනුවර දළදා මාලිගාවට පමණක් දෙවෙනි වන මාලිගාවකි. එහි සිට හෙලිකොප්ටර් යානා මගින් අනුරාධපුරය ඉගිලිනු පිරිස එහි මාලිගාවක නැවති සිටිමින් ඉතා රහසිගතව රජරට සුප්‍රසිද්ධ යාග හෝම සිදු කරන කාන්තාවක් මුණගැසී ඇත.

එම යාග හෝම කරන කාන්තාව බැහ දැකීමට රටේ ප‍්‍රබලතමයන් නිතර යන එන බවද ප‍්‍රසිද්ධය.

52 views

19 Comments to “ප‍්‍රබල ඇමති අගමැතිට අඳී.. මහ නාමිහියන්ගේ ආශිර්වාද ගෙන යාග-හෝම කටයුතුත් කරගනී..”

  1. mali says:

    who is this woman in Rajarata doing yaga homa can someone explain exact names rather than writing this and that.

  2. Karu says:

    මොකාද? කුණු දතා? එක්නැලිගොඩ මරපු ලින්ගික බෙල හීනයා?

    • Amda says:

      well planned & pre-advised by the cunning husband, kunu datha’s wife was going behind & polishing sira’s daughter to get future benefits…according to kunu datha’s wife’s friend’s friend. now the time must have come. identify the real awasthawadi politicos. sira should have some little brain to realize that the same manner kunu datha will take his (sira’s) position too.

  3. shantha dissanayake KURU says:

    who the person

  4. Medamulana says:

    අනේ අපි නම් නෙවේ.

    මීට

    1. …ජී…
    2. අ …ර …ර

  5. K shantha says:

    Kamkaru and security follow

  6. ගජයා says:

    රවී කරුණානායක

  7. GANES says:

    අපේ සිංදු කියන දායාසිරිද………………………?

    • Champa says:

      Mmmmm, food for thought. වෙන මුකුත්ම වෙන්නේ නැත්නම්, දයාසිරි හොඳයි අගමැතිකමට.

      වෙන මුකුත්ම වෙන්නේ නැත්නම්, ඒ කියන්නේ ජාතියක් විදියට සමගි වෙන්න කිසි කෙනෙකුට උවමනාවක් නැත්නම්, දයාසිරි හොඳයි අගමැතිකමට.

      මෛත්‍රී පිලේ ඉන්න කණ්ඩායමටම, UNP එකේ “රනිල්ට විරුද්ධ, රටට ආදරේ කරන” කණ්ඩායමකුත් කඩා ගෙන අරගෙන දෙකොටසම එකතු කරලා දයාසිරිට පුළුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් ඉන්න ආණ්ඩුවක් සිරිසේන ජනාධිපතිතුමාට හදලා දෙන්න.

      ඊට පස්සේ සිරිසේන ජනාධිපතිතුමාට තියෙන්නේ විධායක ජනාධිපති විදියට රට පාලනය කරන්න පටන් ගන්න එක. දයාසිරි එක්ක ජනාධිපතිතුමාට වැඩ කරන්න ලේසි වෙයි. මේ කණ්ඩායම එක්ක එකපාරට miracle එකක් කරවන්න බැරි වුනත්, රටට ආදරය කරන ස්වාධීන පුරවැසියෙක් විදියට රටේ ප්‍රශ්ණ එකින් එක විසඳගන්න මගේ අදහස් කියන්න පුළුවන්. ඒවා analyse කරලා ජනාධිපතිතුමාට පුළුවන් තීරණ ගන්න.

      උදාහරණයක් විදියට අපි උතුරේ මසුන් මරන්නන්ගේ ප්‍රශ්ණේ ඉන්දියාවත් එක්ක හසුරුවන විදිය ගැන මට හරිම කේන්තියි. කොන්ද කෙලින් තියාගෙන ඔය ප්‍රශ්ණේ අනාගතේ කවදාවත් ආයේ මතු නොවෙන්න විසඳා ගන්න හැටි මට පුළුවන් දයාසිරිට තේරුම් කරලා දෙන්න.

      මම කියන දේවල් හරියටම, මම හිතන විදියටම තේරුම් ගන්නේ විමල් විතරයි. විමල්ට හොඳ තීක්ෂණ බුද්ධියක් තියෙනවා. මම දෙන පණිවුඩේ මොකක්ද කියලා විමල් ක්ෂණිකව තේරුම් ගන්නවා. සමහර වෙලාවට ඒවාට action ගන්න ඉක්මන මාවත් පුදුම කරනවා. එතකොට මගේ ඊළඟ step එක අතාරින්න වෙනවා. (මේක අතුරු කතාවක්. මගේ හොඳම comment එකක් LCN එක edit කලා ලඟදි. මම තරහ ගියාම bulldozer එකක් වගේ ඔක්කොම සමතලා කරගෙන යන්න යන ගමන විමල් control කරනවා. අපරාදේ, විමල්ගේම වචන දාලා මම “ලස්සණ” comment එකක් ලිව්වා. හැබැයි මම හිතුවේ නැති වුනාට ඒකෙන් හොඳටම වැදිලා තිබුනේ “මගේ වස්තුවටමයි”. පව් අප්පා. මම ඒක ලිව්වේ ඇඟට නොදැනී. හැබැයි විමල්ල මොලකාරයෝ නිසා වැඩේ වැරදුනා. ඒක edit කළා. පස්සේ මට සිද්ධ වුනා “අකුලගෙන” අර කොටස අයින් කරලා ආපහු එවන්න. හැබැයි මම උවමනාවෙන්ම සමාව ඉල්ලන එක මඟ ඇරියා. විමල් තරහ වුනා. විමල් තරහ වුනහම පැල් බැඳගෙන තරහා වෙනවා විතරක් නෙමෙයි, මගේ ඇහැට ඇන ඇන තරහත් පෙන්වනවා. සිංහයා වගේ “නිර්දය විවේචනයක්” කරපු මං ලව්වා පූස්‌ පැටියෙක් වගේ දැවටී දැවටී පුරු පුරු ගගා සමාව ඉල්ලෙව්වා විතරක් නෙමෙයි මම personal කියපු ඒ comment එකත් දැම්ම. ඒකට නම් මට යකා වැහුනා. ලියපුවට සමාව ඉල්ලන එක තරම් මම අකැමැති දෙයක් තවත් නැහැ. සමාව ඉල්ලන්න සිද්ධ වෙන වැඩ කරන්නේ නැති නිසා මට සමාව ඉල්ලලා පුරුදුත් නැහැ. මීට පස්සේ නම් විමල් ගැන ඒ විදියට ලියන්නේ නැහැ. සමාව ඉල්ලනවට වඩා නම්බුයි නොලියා ඉන්න එක).

      Back to the subject… විමල් තරමටම ඉක්මනට තේරුම් ගන්න බැරි වුනත්, දයාසිරිට ටික දවසක් යනකොට තේරුම් ගන්න පුළුවන් වෙයි මම කියන දේ. අපි ලොකු දේවල් කියලා හිතා ඉන්න රටේ ප්‍රශ්න ඇත්තටම විසඳගන්න බැරි තරම් ලොකු දේවල් නෙමෙයි. හරියට ප්‍රශ්නේ තේරුම් ගන්නේ නැති කමයි, රටක් විදියට ස්වාධීනව හිතන්නේ නැතිකමයි නිසා තමයි ප්‍රශ්න විසඳ ගන්න බැරි වෙලා තියෙන්නේ.

      මම කියන දේ ටිකක් අහන්න ජනාධිපතිතුමා. ඔබතුමාට ඔය විදියට දිගටම sluggish attitude එකක ඉන්න බැහැ. රනිල් රටේ ඇතිකරලා තියෙන ප්‍රශ්න විසඳ ගන්න නම්, “අනිවාර්යයෙන්ම” රනිල්ට බය නැති, අළුත් අගමැති කෙනෙකුයි අළුත් ආණ්ඩුවකුයි ඔබ පිහිටුවන්න ඕනෙමයි. කරන දෙයක් එකපාරට කරන්න. මම කියන්නේ ගහෙන් ගෙඩි එන්නා වගේ. ඊට පස්සේ ඒ ප්‍රශ්ණේ ඉවරයි. ගම්වල මිනිස්සු හුඟක් දුක් විඳිනවා. ඊළඟ අවුරුද්දේ තෙල් මිලත් වැඩි වෙනවා. ආණ්ඩුව මේ තරමටවත් අල්ලගෙන ගියේ අවුරුදු දෙකක් තෙල් මිල හුඟක් පහල බැහැලා තිබුන නිසා. ඒ නිසා ඊළඟ අවුරුද්දට කරන දේ ගැන දැන්මම හිතන්න ඕනේ. අර Geneva Report එකෙන් රටට වෙලා තියෙන හානිය නැති කරගන්න නම් අළුත් ආණ්ඩුවක් පිහිටුවා ගන්න ඕනේ. ඒ හැම එකක්ම කරන හැටි ගැන මට හිතෙන දේ මට පුළුවන් දයාසිරිට කියලා දෙන්න.

      අළුත් කැබිනට් මණ්ඩලය ගැනත් අදහසක් මට දෙන්න පුළුවන් වෙයි, දයාසිරිට එකතු කරගන්න පුළුවන් කාවද කියලා දැන ගත්තහම. මට වෙලාව හරිම අඩුයි. නැත්නම් මේ හැම එකකටම මට comment එකක් දාන්න තිබුනා. මම කරන දේ ගැන කියන්න කැමති නැහැ, ඒත් මම පහුගිය මාසේ දවස් 7ම වැඩ කලා දවසකට පැය 10ට වඩා මුළු මාසෙම, එක දවසක නිවාඩුවක් ගන්නේ නැතුව. තාම ඉවර නැහැ. ඒත් රට වෙනුවෙන් මගේ පුංචි අදහසක් දෙන්න පුළුවන් නම් මම ඒ යුතුකමත් පැහැර හැරියේ නැහැ. ඉස්සරහටත් එහෙමයි. මම මෙතුවක් කියපු දේවල් වලින් මොකක් හරි හොඳක් වුනා නම් ඒකෙ සම්පූර්ණ ගෞරවය යන්න ඕනේ විමල්ට. ගොළුබෙලි කට්ටක් ඇතුලේ මගේ වැඩක් බලාගෙන හිටපු මාව ඒකෙන් එලියට ඇදලා ගත්තේ විමල්. ඇදලා ගත්ත නෙමෙයි, ඇත්තටම කිව්වා නම් 2015 පෙබරවාරි 18 විමල්ගෙ siren එකේ සද්දෙට මගෙ ගොළුබෙලි කට්ට කුඩේ කුඩු ගියා. Love you, Wimal.

      to be continued…..

      • Champa says:

        දයාසිරි ගැන ලිව්වේ බොරුවට නෙමේ ඇත්තටමයි. COPE කමිටුවේ සාමාජිකයෙක් විදියටත් UNP එකේ හිටිය කාලේ රනිල්ගේ නායකත්වයට විරුද්ධව එළිපිටම සටන් කරපු කෙනෙක් විදියටත් දයාසිරි තමයි මහා බැංකුවේ කම්බ හොරා රනිල්ව එලවන්න පෙරමුණ ගන්න ඕනේ.

        මහ බැංකුව විසින් Perpetual Treasuries Ltd., එකට බිලියන් 66ක් ණයට දීපු කතාවත් රටට හෙලි කලේ දයාසිරිනේ.

    • Champa says:

      රටේ ආර්ථිකය අද හසුරුවන්නේ කොටි ඩියස්පෝරාව. මම ඒ ගැන comment එකක් දැම්ම “බැඳුම්කර බෑනා බැංකුවක් සල්ලි වලට ගන්න යයි” කියලා කියන එකට. I have reproduced it here.

      Quote:

      මෙහෙම කොහොමද වෙන්නේ? මුන් මේ වියදම් කරන්නේ මහජනතාවගෙන් කොල්ල කාපු සල්ලි. මුන් මකොල්ල කාල ගත්ත ලාභෙ නිසා මුළු රටක්ම අවුරුදු 30ක් තිස්සේ මහා ණය බරකට මැදි වෙලා.

      එහෙන් කොටස් ගන්නවා. මෙහෙන් බැංකු ගන්නවා. ඊළඟට පත්තර ගහනවා. ඊළඟට මුන් කරන්නේ කොටස් වෙළඳපොලේ ඒකාධිකාරයක් හදාගෙන එතැනිනුත් ගහන්න පටන් ගන්න එක. රාජරත්නම් තියරියටයි මේ පාර කපාගෙන යන්නේ. ප්‍රතිඵලය වෙන්නේ “Soros-No. 2”.

      මේක නොත්රෙන ලංකාවේ මැටි හරක්, තමන්ගේ රටට වෙන්න යන විනාශේ දැක දැක ඔහේ ඉන්නන් වාලේ මඩේ ලැගලා ඉන්නවා. ඔක්කොටම තේරෙන්නේ රටම හිඟමනට වැටිලා කෑම පෝලිම් වල ඉන්න ගියාම. නෙද්දකින් මැටි මෝල්ලු.

      If we don’t STOP this ROGUE Perpetual Treasuries Ltd RIGHT NOW and take action to CEASE its activities in Sri Lanka and FREEZE its assets, and let it continue in their AVARICE, they will sallow the country in style and then the Sovereign and Independent Sri Lanka will fall into an abyss. Until then you all enjoy your slumber. Idiots.

      අපක්ෂපාත විදියට මහා බැංකු බැඳුම්කර මගඩිය ගැන අධිකරණ පියවර ගන්න ඉඩ දීලා අගමැති කම්බ හොරාටයි අළුත් මහා බැංකු අධිපතිටයි ඉල්ලා අස්වෙන්න කියලා කියන්න ජනාධිපතිතුමාට කොන්ද පණ නැහැ.

      රනිල් කොටි ඩියස්පෝරාවේ බළල් අතක් වෙලා උන්ට ඕනේ විදියට රට විනාශ කරන බව නොපෙනෙන්නේ, රනිල්ගෙ විතරක් නෙමෙයි මේ රටේ ඉන්න අනිත් හැමෝගෙමත් කන් ලොකු නිසාද කියලා මට තේරෙන්නේ නැහැ.

      රටේ ආර්ථිකය දැන් හසුරුවන්නේ කොටි ඩියස්පෝරාව කියලා ඇත්තමයි මේ රටේ ඉන්න කාටවත් තේරෙන්නේ නැත්තේ, සිංහල මිනිස්සු මෙච්චරම මෝඩද? රනිල් එලවන්න කිසිම දෙයක් කරන්නේ නැතුව ඉන්නේ තියෙන මරිමෝඩකමටද, නැත්නම් බල ලෝභී ආත්මාර්ථකාමී දේශපාලන අළුගුත්තේරු කමටද? (විමල්ව ඇතෑරියා ඒ චෝදනාවෙන්).

      අතිගරු ජනාධිපතිතුමා, වතුර පැහෙනකම් වෙන්නේ මොකක්ද කියලා දන්නැතුව වතුරෙ නට නටා ඉන්න කකුළුවා වගේ, තමන්ගෙ රටට සිද්ධ වෙන්න යන දේ ගැන වගේ වගක් නැතුව දැන් ඉතින් ඔය හිටියා මදිද?

      Unquote:

  8. love nature says:

    මේක හොඳට හිතේ ධාරණය කර ගන්න.
    බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් තෙරුවන කෙරෙහි අචල වූ ශ්‍රද්ධාවකින් යුතුව සිත කය වදන යන තිදොරින් පිරිසිදුව උදයවරුවක යම් ක්‍රියාවක යෙදෙනවා නම් අන්න ඒක සුබ නැකැතක්. (සුනක්ඛත්තං) සුබ මංගලයක් (සුමංගලං) කියලා ඒ වගේම දවසේ සියලුම වේලාවන් සම්බන්ධයෙන් මේ විදිහටම අවධාරණය කොට දැක්වීමෙන් බුදුරජාණන් වහන්සේ හුදෙක් ‍ජ්‍යොතිෂයේ දැක්වෙන වෛදික නැකැත් චාරිත්‍ර පිළිපැදීම
    වෙනුවෙන් ප්‍රඥාවන්ත අර්ථකථනයක් ඉදිරිපත් කොට ඇති බව මනාව පැහැදිලියි. නමුත් අපේ සමාජයේ වැඩි දෙනෙක් කරන්නේ නැකැත් පිළිබඳව බුදු හාමුදුරුවෝ අපට ඉදිරිපත් කළ ප්‍රඥාවන්ත අර්ථ කථනය පැත්තකට දාලා උන්වහන්සේ ප්‍රතික්‍ෂේප කරපු ‍ජ්‍යොතිෂය විශ්වාස කරන එක නේද?

    • Nelum says:

      ඔබගේ අදහස් ඉතාම අගය කරමි. අප රටේ ජනතාවට මේවා තේරුම් ගන්න බැරි වීම ගැන ඉතා කනගාටු වෙමි . අපගේ පවුලේ අය සිතන්නේ ඔබ සිතන ආක්කරයටම තමා. නමුත් අපි සුළුතරයකි .

  9. love nature says:

    කේන්දර නැකත් අනුගමන කිරීම පිළිබඳව වර්තමානයේ සිංහල ජනතාවට පවතින්නේ දැඩි විශ්වාසයක්.මේක බ්‍රාහ්මණයින්ගේ මිත්‍යා දෘෂ්ඨියක් මේක ඇත්ත වසං කරගෙන ජනතාව රවටමින් යැපෙන විශාල ව්‍යාපාරික පිරිසක් ද රටේ සිටිනවා. තෙරුවන් සරණ යන ශ්‍රාවකයෙකු මෙවැනි මිත්‍යා මත පිළිගෙන ඒ පසු පස යාම ඔහුට තිසරණය අහිමි වෙන බව බුදු දහමේ පැවසෙනවා.

    තවද කේන්දර නැකත් අනුගමනය කිරීමෙන් යහපතක් සිදු වුණා නම් මේ වන විට අපි ලෝකයේ බලවත් දියුණු රටවල් අතරට එක් වී සිටියයුතුයි. මේ රටේ කෘෂි කර්මය, බැංකු, රාජ්‍ය ආයතන හැම දෙයක්ම ආරම්භ කළේ නැකත් බැලීමෙනුයි. දැන්එහෙම නම් නැකත්වල අනුහසින් මේ රටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න හොඳටම කල්.
    නමුත් ඇත්ත තත්වය මොකක්ද ? රටම ණය බරින් මිරිකෙනවා. රාජ්‍ය ආයතන බංකොළොත්. බැංකු ටික කඩා වැටිලා. රටම මූල්‍ය අර්බුදයක හිර වෙලා. හාල් පොල් පවා පිට රටින් ගේනවා. කොටින් ම ඉදි කට්ට පවා පිට රටින් ගේනවා.

  10. love nature says:

    දෙවියන් කියන්නේ මිනිස්සු සොබාදහම තේරුම් ගන්න බැරිකමට හදාගත්ත මනෝ විකාර. මේ රටේ බෞද්ධයෝ ඇයි කුලියට වදින්න හින්දු දෙවිවරු තියාගන ඉන්නේ. ටිකක් කල්පනා කරපන්, ලෝකේ මැවුවේ දෙවියෝ නෙවේ කියපු එකම ආගම බුද්ධාගම. බුදු හාමුදුරුවෝ කිව්වේ තමාට පිහිට තමාමය කියල. ඕක ගොඩක් මිනිස්සුන්ට දිරවගන්න බෑ. බෞද්ධ වුනත් ඕක දිරවගන්න බැරි වුන එවුන් තමයි ඒ කාලේ පන්සල එහාපැත්තෙ කුලියට දේවාලයක් ගහල , අල්ලපු රටේ හොදට වැදුම් ලබපු හින්දු දෙවිවරු ටිකක් ඉම්පෝට් කරේ. දැන් ඒ කට්ටිය යස අගේට බුදු හාමුදුරුවන්ට එහා පැත්තේ සම අසුන් අරන් ඉන්නවා. නිකන් නෙවේ, කකුල පිට කකුල් හිටන් දාගන. අර “තමාට පිහිට තමාමය” කියපු බුදු වදන දිරවගන්න බැරි වුන බෞද්ධයෝ ඔක්කොම මෙයාලගේ පිහිට පතනවා. පිහිට පතන්නේ නිකන්ද? එයාලට පලතුරු දෙන්න ඕනේ, කපුවන්ට පඩුරු දෙන්න ඕනේ. දේවාලේ දියුණු කරන්න ආධාර කරන්න ඕනේ. කාලි අම්මට නම් රත්තරනුත් දෙන්න ඕනේ. වැඩියෙන් දුන්න තරමට දෙවි පිහිට වැඩියෙන්.

    තව එකක්. අහල ඇති නේද ඉස්සර ග්‍රීක දෙවිවරු ගැන. සියුස් , වීනස් , මාස් කිය කිය කියා ඉන්නෙ කතාවල. මෙදුසා කියල නයි ඔලුවක් තියන දෙවගනකුත් හිටිය වගේ මතකයි. එතකොට ඊජිප්තු දෙවිවරු මතකද? රා කියල රාජාලි ඔලුවක් තිබ්බ දෙවියෙක් හිටිය ඔන්න. එතකොට වයිකින් දෙවිවරු ගැන අහල තියනවද? තොර් ෆිල්ම් එකේ ඉන්නේ උන් තමයි. දැන් ටිකක් උන්වයි හින්දු දෙවිවරුන්වයි එකට තියපන්. අරකට අධිපති දෙවියන්, මේකට අධිපති දෙවියන් කියල ඉන්නවා නේද හැම දෙවි සෙට් එකේම. උනුයි මුනුයි එකයි නේද ? එත් උන් ගැන කියන කතා අපි විස්වාස කරන්නේ නැහැ නේද? තොර්ට මිටියක් තියනවා , ඌ එකෙන් ගැහුවම අකුණු ගහනවා. මෙදුසා දිහා බැලුවම ගල් වෙනවා. එතකොට හර්කියුලිස් අපායේ ටුවර් එකක් ගියා. එකෙන් පස්සේ උව දිව්‍යලොකෙට ගත්ත.

    ග්‍රීක දෙවිවරු

    වයිකින් දෙවිවරු

    හින්දු දෙවිවරු

    ඒ ග්‍රීක,ඊජිප්තු , වයිකින් දෙවිවරු ගැන තියන කතා සුරංගනා කතා , බොරු කතා, මිත්‍යා මත කියල දැන් අපි කියනව නේද. එත් ඒකාලේ මිනිස්ස්සු නොදැනුවත් කමට ඕව විස්වාස කළා. දැන් බලපන් හින්දු දෙවී වරුන් ගැන තියන කතා. එවත් මේවට ගොඩක් සමානයි නේද? කතරගම දෙය්යන්ට අත් දොළහක් තියනවලු, අලි ඔලුවක් තියන ගණ දෙය්යෝ පොරගේ මල්ලිලු. අර ග්‍රීක , එජිප්තු දෙවි කතා , මිත්‍යා මත කියල අයින් කරපු අපිම ඒහා සමාන කතන්දර හින්දු දෙවියන් ගැන කියද්දී කට වහගන , ඕනේ එකක් විස්වාස කරගන , දෙවියන්ට අපහාස කොරොත් කෙලවෙයි කියල ඉන්නවා.

    නිකමට හිතපන් ඔය දෙයියෝ මාර පවර්ෆුල්. මිනිස්සු ඉල්ලන දේ දෙනවා. පොල් ගැහුවම, මිරිස් අබරුවම ඕනේ හතුරෙක් විනාශ කරනවා. ප්‍රභාකරන් අවුරුදු 30ක් මිනී මරනකල් ඔය කාලි අම්මල , කතරගම දෙය්යල බලන් හිටියේ කොහෙද? අහිංසක මිනිස්සු කීදාහක් දෙය්යන්ට පොල් ගහන්න ඇතිද? එත් අවුරුදු තිහක් ගිහිල්ල උව මැරුවේ අපේ හමුදාවේ දිව්‍ය බල නැති මිනිස්සුම තමයි. සමහර විට කාලි අම්මට ප්‍රභාකරනුත් යාග හෝම කරන්න ඇති. දෙයියට දුන්නොත්, දෙයියට වැන්දොත් විතරක් දෙවියත් ආපිට දෙනවා නම් දෙවීයොත් නිකන් දේශපාලනය කරන කෙනෙක් වගේනේ.

    අපිට ඉන්න වෙලා තියෙන්නේ අන්ධ විශ්වාශ, ගොන් පාට් වලින් පිරුණු ලෝකෙක.මිනිස්සුන්ට මොලයක් තියෙන්නේ හිතන්න. ඕනේ එකෙක් පස්සේ අන්ධයෝ වගේ යන්නේ නැතුව. දෙය්යෝන්ට පුලුවන්ද කියපන් නිකන් අපිට ඇහෙන්න හය්යෙන් පඩයක් වත් යවන්න. ඔය කොයි දෙය්යත් මවාගන ඉන්නේ මිනිස්සු බන්. උරොන්ට ඇලජික් අල්ලායි , ක්‍රිස්තියානි දෙයියයි , මේ රටේ සිංහල උනුත් ලොකුවට හිතාගන ඉන්න කතරගම දෙවියයි , කාලි අම්මයි, අර අලි ඔලුව තියන ඩයල් එකයි, සියුස් ලයි, තෝර් ලයි, ඔක්කොම මිනිස්සුන්ගේ නිර්මාණ. නිකන් ඉන්න වෙලාවක කියවපන් “the god delusion” කියන පොත “Prof. Richard Dawkins” ගේ . පට්ට පොතක්. මිනිස්සු ගිලිලා ඉන්න මායාව නිකන්ම පැහැදිලි වෙනවා.

    මේ ලියපු ටිකෙන් කාගේ හරි විශ්වාස වලට අපහාස උනානම් , කගේ හරි හිත රිදුනනම් සොරි වෙන්න ඕනේ. එත් කොරන්න දෙයක් නෑ. මේ ලෝකේ ඇත්ත වල් ගොඩක් නැහැ . තියෙන්නේ එක ඇත්තයි. ඒක තර්කානුකුලව හිතල තේරුම් ගන්න එකා හිතේ සැනසීමෙන් මැරෙයි. අනික් එවුන් මැරෙනකල් එක එකාගේ පිහිට පත පත ඉදියි.

    මිත්‍යාව පස්සේ දුවන එක නතර කරපන්. අදේවවාදියෙක් වෙයන්..!!!

Main News