ප‍්‍රබල ඇමති එක්සත් ජාතීන්ගේ වෙසක් සතිය අරඹයි.. පාන්දරම නප්පියට වෙරි වී කුණුහරුපෙන් අමතයි.. ආරක්‍ෂකයින් නිවසට ඇදගෙන යයි..

May 10, 2017 at 9:20 am | lanka C news
ප‍්‍රබල ඇමති එක්සත් ජාතීන්ගේ වෙසක් සතිය අරඹයි.. පාන්දරම නප්පියට වෙරි වී කුණුහරුපෙන් අමතයි.. ආරක්‍ෂකයින් නිවසට ඇදගෙන යයි..

ඊයේ රාත‍්‍රියේ අගනුවර සුප‍්‍රසිද්ද තරු හෝටලයකදී අධික ලෙස මත් පැන් පානය කල ආණ්ඩුවේ ඇමතිවරයෙක් අද වෙසක් පෝදා උදා වෙද්දී ඔහුගේ පුද්ගලික ආරක්‍ෂකයින් විසින් වත්තම් කරගෙන නිවසට ඇරලවා තිබේ.

මත්පැන් මාත‍්‍රාව ඉක්මවා පානය කිරීමෙන් උන්හිටි තැන් නැති වූ මෙම ඇමතිවරයා ආණ්ඩුවේ, විපක්‍ෂයේ ප‍්‍රධානීන්ට මෙන්ම පවුලේ නෑ හිතවතුන්දටද අමු කුණුහරුපයෙන් බනිමින් සිටියදී මෙසේ ආරක්‍ෂකයින් විසින් බලහත්කාරයෙන් වාහනයට පටාවගෙන නිවසට ගෙන ගොස් ඇත.

අදට යෙදී ඇති වෙසක් පුර පසලොස්වක පෝදා දිනයේ පාන්දරම බීමතින් සිටි මෙම ඇමතිවරයා පෝදා වැඩසටහන් ගණනාවකට යාමට යොදාගෙන ඇති අතර එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම වෙනුවෙන්ද සහභාගී වීමට නියමිතව ඇත.

26 views
Main News