ප‍්‍රබල ඇමති රථ පෙලේ තහනම් බඩු ප්‍රවාහනයේ.. කුඩු රටත් පටවයි..

August 13, 2018 at 11:20 am | lanka C news
ප‍්‍රබල ඇමති රථ පෙලේ තහනම් බඩු ප්‍රවාහනයේ.. කුඩු රටත් පටවයි..

කැපීම හා අපනයනය නීතියෙන්ම තහනම් කර ඇති කොතලහිඹුටු රාජ්‍ය ඇමතිවරයෙකුගේ මැදිහත්වීම මත කුඩු කර රට පටවන බව වාර්තා පලවෙයි.

වයඹ පළාත නියෝජනය කරන මෙම ඇමතිවරයා ඒ සදහාම මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ කර්මාන්තශාලාවක් ඉදි කර ඇති බවද සදහන්ය.

වනාන්තරවලින් කපන ලද කොතල මෙම රාජ්‍ය ඇමැතිවරයා සමග ඔහුගේ රථ පෙලේ ප‍්‍රවාහනය කරන බවද පැවසෙයි.

ඇමැති බලකල භාවිත කරමින් කොතල හිඹුටු විශාල වශයෙන් කැපීම, ප්‍රවාහනය, රට යැවීමද මොහු විසින් කරමින් සිටින බවද වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.

198 views