ප්‍රබල ඇමති රූපවාහිනී නාලිකාවක් අරඹයි.. රට පුරා විකාශණයට ඉඩ නොදුන්නොත් ආණ්ඩුවන් ඉවත් වන බව කියයි..
June 3, 2017 at 4:40 pm | lanka C news
ආණ්ඩුවේ ඇමති ධුරයක් දරන සුළු පක්ෂයක නායකයෙකුගේ අනුග්‍රහයෙන් ආරම්භ කර ඇති රෑපවාහිනී නාලිකාවක් රට පුරා විකාශනය කිරීමට අවසර නොදුන්නේ යයි කොප වී තම පක්ෂයේ සියළු මන්ත්‍රීන් සමග ඟ රජයෙන් ඉවත්වන බවට දැනුම් දී තිබේ.
අදාල නාලිකාව සීමිත ප්‍රදේශයන් ප්‍රමාණයක විකාශය කිරීමට විදුලි සන්දේශ නියාමන කොමිසම විසින් අවසරය දුන්නද එය ප්‍රමාණවත් නොවන්නේ යයි පවසමින් ඇමතිවරයා ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් වෙයි.
කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ තර්ජනය නොසලකා හරිමින් ඇති අතර ප්රශ්නය තවත් දුරදිග යමින් ඇත.