ප්‍රබල භූමි කම්පාවක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ…
December 16, 2017 at 12:00 pm | lanka C news
අද පෙරවරුවේ ඉන්දුනීසියාවේ ජාවා දූපත ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රිච්ටර් පරිමාණ ඒකක 6.5 ක ප්‍රභලත්වයෙන් යුතු මෙම කම්පනය ජකර්තා නගරටේ සිට කිලෝමීටර් 300ක් පමණ දුරින් ඇති නගර කිහිපයකටද බලපා ඇත.
මෙමගින් නිවාස හා ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් කඩා වැටි තිබේ.
මෙම කම්බනයත් සමගින් ජාවා දුපතේ වෙරළාලන්න ප්‍රදේශයන්ට සුනාමි අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇත.
මෙම කම්පන හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් සිදු නොවනු ඇති බවද සදහන්ය.