ප‍්‍රභාකරන්ගේ උපන්දිනය යාපනයේ තැන තැන සැමරේ.. කොටි පුලලිත් තැනින් තැන මතුවෙයි..

November 26, 2017 at 3:50 pm | lanka C news
ප‍්‍රභාකරන්ගේ උපන්දිනය යාපනයේ තැන තැන සැමරේ.. කොටි පුලලිත් තැනින් තැන මතුවෙයි..

LTTE නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ උපන්දිනය යෙදෙන අද(26) දිනයේ ප‍්‍රභාකරන්ගේ උපන්දින සැමරුම් වැඩසටහන් කිහිපයක් යාපනය සරසවියේ හා වැල්වැටිතුරෙයි යන් ප්‍රදේශවලිින් වාර්ථා වෙයි.

ප‍්‍රභාකරන්ගේ උපන්ගම වන යාපනය වැල්වැටිතුරෙයි ප‍්‍රදේශයේදී ඊයේ(25) රාත‍්‍රියේ තරුණ කණ්ඩායම් විසින් අංක 63 සඳහන් කරමින් වන කේක් සාදා උපන්දින සැමරුමක් පවත්වා ඇති අතර වැල්වැටිතුරේ මාර්ගයක කොටි සංවිධානයේ කොඩියට සමාන කොඩියක් කිසියම් පිරිසක් විසින් එල්ලා ඇති බවටද වාර්ථා වෙයි.

මේ අතර යාපනය සරසවිය තුලද ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් කොටි සංවිධානය විසින් බාවිතා කරන ලද ඊලාම් සිතියමින් යුත් කේක් කපා සමරා ඇති අතර සරසවියේ ස්ථාන කිහිපයක කොටි නායකයාගේ රුව ඇතුලත් පෝස්ටර් කිහිපයක්ද අලවා ඇත.

මේ අතර යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශස්ථාන කිහිපයක ප්‍රභාකරන්ගේ රැව ඇතුලත් පෝස්ටර් කිහිපයක්ම අලවා තිබුනේ කොටි නායකයාගේ උපන්දිනය සැමරීමට සියලු දෙනා එක් වන ලෙසටයි.

ප‍්‍රභාකරන් 1954 නොවැම්බර් 26 වැනිදා යාපනය වැල්වැටිතුරෙයි ප‍්‍රදේශයේදී උපත ලබා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

79 views

3 Comments to “ප‍්‍රභාකරන්ගේ උපන්දිනය යාපනයේ තැන තැන සැමරේ.. කොටි පුලලිත් තැනින් තැන මතුවෙයි..”

  1. SIRIMAL says:

    The supporters of Velupillai Prabha must remember the volume of sins committed by this idiot. He will be in hell for ever, if there is a hell. Those who support him, Sambandam, Sumathiran, all will be joining him in hell in the near distant future.

  2. CORBRA says:

    යාපනයේ සාමාන්‍ය ජනතාව බිය වද්දන නැවත කොටි තස්තවාදය කරා ගමන් කරන සියලුම කල්ලි අත්අඩංගුවට ගන්න
    විශේෂයෙන් නීතියට පටහැනිව ක්‍රියා කරන TNA මන්ත්‍රීවරු අත්අඩංගුවට ගත යුතුයි

  3. යුක්තිය says:

    යූඑන්පී ඇස් ගෙඩි ඇරල බලහං දෙමල මිනිස්සු උනත් ජාතියට ඇති හැගීම…! තොපි මොක්කුන්ද.. ? පාක්ශික හැත්ත….!

Main News