ප්රභාකරන්ගේ උපන්දිනය හා මහවිරු සැමරුම් අස්සේ ගිනි අවි, බෝම්බ ඇතුලු යුද උපකරණ තොගයක් හමුවේ..
November 26, 2017 at 6:48 pm | lanka C news
යාපනය වඩුක්කොඩ්ඩෙයි මාර්ගයේ නාවන්තුරෙයි ප්රදේශයේදී මාර්ගයේ කුණු කානුවක දමා ගොස් තිබූ යුද උපකරණ රැසක් අඩංගු පොහොර උරයක් අද (26) උදෑසන හමු වී ඇති බවට යාපනය පොලීසීය කියා සිටියේය.
ජේ.85 නාවන්තුරෙයි උතුර ග්රාමසේවා වසමට අයත් මා්ගයක කුණු කානවකට අදාල අයුධ පොහොර උරයක දමා අද අළුයම් කාලයේදී කිසියම් පිරිසක් විසින් දමා ගොස් තිබියදී ප්රදේශවාසියෙකු දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම් දීමෙන් පසුව අදාල යුද උපකරණ තොගය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ගොඩට ගෙන ඇත.
අදාල පොහොර උරයේ තිබී ටී.56 ගිනි අවි 10 ක් ,ටී.56 පතුරම් 300 ක්, මැගසින් 6ක්, ජී.පී.වර්ගයේ අත්බොම්බ 02ක්, දුම්බෝම්බ 02 ක්, ඇතුලු තවත් යුද උපකරණ තොගයක් හමු වී ඇත.
යාපනය දිස්ත්රීක්කයේ මේ වන විටපොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අදට යෙදී ඇති කොටි නාායකයාගේ උපන්දදිනයත් හෙටට යෙදී ඇති මහවිරු දිනයත් හේතුවෙන් විශේෂ ආරක්ෂිත සෝදිසි මෙහෙයුම් කිහිපයක් විසින් දියත් කරනඅතර වරින් වර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඇතම් කල්ලි විසින් එයට බිය වී මෙසේ ආයුධ ගෙනවිත් දමන්නට ඇති බවට යාපනය පොලසිය සැක පල කර සිටියි.
කෙසේ වෙතත් අදාල ගිනි අවි මෙතෙක් කාලයක් කව්රුන් ලග තිබුනේදැයි යන්න පිළිබඳවද විශේෂ පරික්ෂණයක් සිදු කිරීමටද යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඕව වලදාල තිබිච්චි පරණ එව්ව නම් ප්රශ්ණයක් නෑ. නමුත් පාවිච්චියට ගතහැකි හෝ අළුතින් ගෙනා ඒවා නම්, බරපතළ ආරක්ෂක ගැටළුවක් අතලඟ බවට සැකයක් නෑ.
Oh !!! Those must be belonging to Wigiee boy.
Kindly return to him before his beard catches fire.
Mawa Mahindage Gotage wada. Sahajiwanaya jadakappal karanna. Mama mee asdeken dakka 😜