‘ප‍්‍රභාකරන් අගමැති’ විජයකලා කියූ කතාව ගණන් ගන්න එපා.. ඕව සුළු දේවල්.. – රජය කියයි..

December 29, 2016 at 5:30 pm | lanka C news
‘ප‍්‍රභාකරන් අගමැති’ විජයකලා කියූ කතාව ගණන් ගන්න එපා..  ඕව සුළු දේවල්.. – රජය කියයි..

කොටි නායක ප‍්‍රභාකරන් අද ජීවත්ව සිටියා නම් අගමැති වනු ඇති බවට රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් විසින් කරන ලද ප‍්‍රකාශය ගණන් ගත යුතු නැති මෝඩ ප‍්‍රකාශයක් යයි ඇමති ලක්‍ෂමන් සෙනෙවිරත්න මහතා පවසයි.

මෙම ප්‍රකාශය පදනම් කර ගනිමින් මත ගැටුම් ඇති කර ගත යුතු නැතැයිද ඇමතිවරයා සදහන් කරයි.

මේ සම්බන්දයෙන් අදහස් පල කරන ඇමති දයාසිරි ජයසේකර මහතා පවසන්නේ එම ප‍්‍රකාශය ඇමතිවරයාගේ  විකාර සහගත ක්‍රියාවලියේ තවත් එක් කොටසක් බවත් ජනප්‍රියත්වය රැක ගැනීමට මෙම ප්‍රකාශය කර ඇති බවත්ය.

134 views
Main News