ප්රභාකරන් උපන් ගමේ අලංකාර සරුංගල් සැණකෙලියක්…
January 18, 2022 at 8:02 am | lanka C news
යාපනය වලිකාමම් නැගෙනහිර කට්ටෙයිකාඩු වෙරල තීරයේ අලංකාර සරුංගල් සැණකෙලියක් මෙවර තයිපොන්ංගල් නිමිත්තෙන් සංවිධානය කොට තිබුනි.
යාපනය වැල්වැටිතුරෙයි වාර්ෂික සරුංගල් සැණකෙලිය පවතින කොරෝණා අවධානම ඇතුලු විවිධ පාර්ශවයන්ගේ විරෝධතාවන් හමුවේ නොපැවත්වීමට තීරණය කිරීම හේතුවෙන් වලිකාමම් නැගෙනහිර මුහුදු තීරයේදී මෙම සරුංගල් සැණකෙලිය කට්ටෙයිකාඩු ශාන්ත මරියා ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කොට තිබුණි.
කට්ටෙයිකාඩු වෙරලතීරයේ පැවති සරුංගල් සැණකෙලියේදී දෙමළ හින්දු ජනතාවගේ සංසකෘතින් විදහා දැක්වෙන අලංකාර වූ සරුංගල් නිර්මාණ මෙන්ම ගෙවී ගිය කාලයේදී ජනතාවට බලපෑ කොරෝණා වෛරසය, ගෑස් ගැටලු, පොහොර ගැටලු ආදියද විදහා දැක්වෙන සරුංගල් නිර්මාණ ඉදිරිපත්කොට තිබුණි.
උත්සව අවස්ථාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුලු පිරිසක් සහභාගී වූ අතර සරුංගල් සැණකෙලියේ ජයග්‍රහාහකයින් වෙනුවෙන් පළමු දෙවන හා තෙවන ස්ථාන වෙනුවෙන් පිළිවෙලින් රුපියල් 20,000 , 15, 000 සහ 10,000 බැගින් ලබාදීමටද සංවිධායකයින් පියවර ගනු ලැබූහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මේවා බෝහෝම හොඳ දේවල් අගය කළයුතුමයි.. මෙන්න මේ වගේ දේවලට රජයෙනුත් උපකාර කළයුතුමයි ඒ අයව දිරිගන්වන්න.Alapaluwa from SA (Western Cape)
Super!
ඉතාම හොද සනකෙලියක් .උතුර දකුණ යාකරන්න පුලුවන් දෙයක් .මෙය තවත් පුලුල් කර කලාපයේ තරගයක් ලෙස ප්‍රවර්ධනය කල යුතුයි
This could be a great event, should be at least week or two long events targeting tourism.
අපේ රට දියුනු වෙන්නනම් සියලුම රටේ පුරවැසියන් ජාති ආගම් නොතකා එකාමෙන් එක්විය යුතුය .
ඉතා හොද අදහ්ස නමුත් මුස්ලිම් අයට එහෙම එක්වෙන්න ඉඩ නොදෙන්නෙ අරාබියේ ආධාරයෙන් පාකිස්තාන ඉන්දියානු වහාබී ,තබ්ලික් ,තව්හිඩ් ,ඉහ්වා අන්තවාදී මුස්ලිම්මු .මුන් තමයි සාමාන්‍ය මුස්ලිම් මිනිසුන්ටතර්ජනය කරමින් අන්තවාදි විදියට ජීවත්වන්න අන්‍ය ජආතින් සමග මිස්‍ර නොවන්න ඔවුන්ව මෙහෙයවන්නෙ ඔය හිසේ සිට දෙපතුලදක්වා වසාගත් ස්ත්‍රීන් ඔය වහාබි ස්ත්‍රීන්