ප‍්‍රභාකරන් ඝාතනයට දඬුවම් කරනු.. ගෝටාභයට එරෙහිව ඇමරිකා අධිකරණයේ තවත් නඩුවක්..

April 9, 2019 at 2:10 pm | lanka C news
ප‍්‍රභාකරන් ඝාතනයට දඬුවම් කරනු.. ගෝටාභයට එරෙහිව ඇමරිකා අධිකරණයේ තවත් නඩුවක්..

එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විත්තිකරුවෙක් යැයි පවසමින් ඇමරිකානු අධිකරණයක නඩුවක් පැවරීමට සූදානම් වන්නේ යැයි වාර්තා වෙයි.

මෙම නඩුව සිවිල් නඩුවක් ලෙස දිස්ත්‍රික් අධිකරණයක පැවරීමට සූදානමක් ඇති බවත් ඊට අදාල සියලු කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇති බවත් තොරතුරු ඇත.

මෙම නඩු පැවරීම සදහා උපදෙස් මෙරට දේශපාලනඥයෙකු විසින් ලබා දෙමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව ඇමරිකාවේ දිසා අධිකරණයේ මේ වන විටත් සිවිල් නඩු දෙකක් ගොනු කර තිබේ.

128 views

18 Comments to “ප‍්‍රභාකරන් ඝාතනයට දඬුවම් කරනු.. ගෝටාභයට එරෙහිව ඇමරිකා අධිකරණයේ තවත් නඩුවක්..”

  1. පොරමෝලා says:

    අපි එහෙනං බිල් ලාඩන්ව ඝාතනය කරවපු ඇමරිකානු ජනාධිපතිට විරුද්ධව අපේ රටේ අධිකරණයක නඩු පවරමු

  2. OBSERVER says:

    Will somebody going to file a case against the killing of Bil Laden also?

  3. Dissanayake says:

    පෞද්ගලික ආයතන විසින් ගෝඨාභය සම්බන්ද කිරීමට තැත්කරන කුමන හෝ නඩුවකට අදාල ලිපි ගොනු ලබා දීම මගින් යමෙකුට නඩුවලට අදාලව නිත්‍යානුකුලව නොතිසි නිකුත් කිරීමක් සිදුනොවේ. ගෝඨාභයට ගැටලුවකින් තොරව මෙරටට පැමිණිය හැක. අවශ්‍යනම් චෝදනාවල අර්ථ විරහිත බව සහ කුඨ සැලසුම් පෙන්වාදී නඩුව නිෂ්ප්‍රභා කිරීමට නීතිවෙදියෙකුව ඉදිරිපත් කර හැක. ගෝඨාභයගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය මේ කිසිවකින් නැවතිය නොහැක. කෙසේවෙතත් UNP, JVP, TNA සහ ඊනියා දෙමල ඩයස්පෝරාව ගෝඨාභයගේ නොවැල්වියහැකි ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය දැක බියට පත් වී ඇති අන්දම මොනවට පැහැදිලිවේ.

    ඇත්තෙන්ම මගේ මතය අනුව මේ ක්‍රියාවන් ඝෝඨාභය මහතාගේ ජන්ද ප්‍රචාරණය වඩාත් පහසු කරවනු ඇත. රට ජාතියට ලැදී සියළු පිරිස් ගෝඨාභය වටා ගොනු කිරීමට UNP, JVP, TNA සහ ඊනියා දෙමල ඩයස්පෝරාවේ මෙවන් දීන උත්සාහයන් වඩාත් ඉවහල් වනු ඇත.

    ආගම් ජනවර්ග කුල භේදයකින් තොරව දේශපාලන නායකයන්ද, දේශමාමක රටේ සාමාන්‍ය පුරවැසියන්ද එකතුවී සමගියෙන් රටේ ආරක්ෂාව සංවර්ධනය සහ සංස්කෘතිය රැකගැනීමට පෙලගැසෙමු.

    රටේ සම්පත් කුණු කොල්ල්ලයට නොරටුන්ට විකුණා රට ජාතිවාදී පදනමින් කොටස් කර බෙදුම්වාදයට ඉඩ දී රටේ ඒකීයභාවය විනාශකිරීමට තැත්කරනා සහ තුප්පහි සංස්කෘතියක් ඇති කිරීමට උත්සාහ කරන වර්තමාන පාලනය පරාජය කිරීමට එකාවන්ව පෙළ ගැසෙමු.

    දේශයට ජය!

  4. john the baptice says:

    Karuna Amman, who was the LTTEs second in command before he fell out with Prabhakaran in 2004, told a news agency that Prabhakaran and Pottu Amman, proclaimed offenders in the Rajiv Gandhi assassination case, kept everyone else in the dark about the assassination plot.

    The plot to kill Rajiv Gandhi was hatched silently. None of us had any clue of this wicked plan. Only Prabhakaran and Pottu Amman planned it without taking anyone into confidence, Karuna Amman claimed.

Main News