ප‍්‍රභාකරන් මරා දැමූ දා පොලිසියට කිලිනොච්චියේදී සහජීවන සංහිදියා වෙඩි වරුසාවක්.. [Photo]

May 19, 2017 at 10:40 am | lanka C news
ප‍්‍රභාකරන් මරා දැමූ දා පොලිසියට කිලිනොච්චියේදී සහජීවන සංහිදියා වෙඩි වරුසාවක්.. [Photo]

ඊයේ මධ්‍යම රාත‍්‍රියේදී කිලිනොච්චිය පලෙයි ප්‍රදේශයේදී පොලිස් ජංගම රථයකට වෙඩි තැබීමක් සිදුව තිබේ.

වෙඩි ප‍්‍රහාර එල්ල වෙද්දී ජීප් රථයේ පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල් වරුන් දෙදෙනෙකු සිට ඇත.

මෙම ප‍්‍රහාරයෙන් පොලිස් නිලධාරීන්ට හෝ රථයට හානි සිදු නොවී නැති අතර ආසන්නයේ තිබූ දුම්රිය ආලෝක සංඥා පද්ධතියට හානි සිදුව ඇත.

පොලීසිය සැක කරන්නේ කොටි නායක ප‍්‍රභාකරන් මියගිය දිනය නිසා කඩාකප්පල් කාරි ක‍්‍රියාවක් කිරීමට කිසිවෙකු විසින් මෙසේ වෙඩි තබන්නට ඇති බවයි.

88 views

31 Comments to “ප‍්‍රභාකරන් මරා දැමූ දා පොලිසියට කිලිනොච්චියේදී සහජීවන සංහිදියා වෙඩි වරුසාවක්.. [Photo]”

  1. john the baptice says:

    මේ තරම් අපගේ රට අගාදයකට ඇද දැමු කාල වකවානුවක් මීට පෙර තිබිණිද?

    https://www.facebook.com/thivanka.amarakoon/videos/10203876771280030/

  2. LION says:

    “මම රටට ආදරේ කළේ මගේ අම්මට වගේ. මම ඒ යුතුකම ඉටු කළා. මම අද ආව මගේ අම්මා බලන්න. හෙටින් පස්සේ මම හමුදාවෙන් විශ්‍රාම යනවා. මම නිසා රටට දෙයක් ලැබුණනානම් මට තියෙන සතුට එච්චරයි. හැබැයි ගැමුණු කුමාරයා කිව්වා වගේ වකුටු වෙලා මට නිදා ගන්න බැහැ“.- මේජර් ජෙනරාල් ජගත් ඩයස්

    (පුදුකුඩුඉරිප්පු අවසන් බිම් කඩ මුදාගන්නා විටත්, කොටි නායක ප්‍රභාකරන්ගේ මරා දමන විටත් අවසන් සටනේ ඒකාබද්ධ හමුදා අණ දෙන නිලධාරියකු ලෙස මේජර් ජෙනරාල් ජගත් ඩයස් කටයුතු කළේය.

    යුද්ධය අවසන් වුවත් ජගත් ඩයස් සමග ඇති කොටි ඩයස්පොරාවේ වෛරය කෙළවර නොවීමට එය හේතුවක් විය. කලක් ජර්මනියේ ශ්‍රි ලංකා නියෝජ්‍ය තානාපති ලෙස කටයුතු කළ ජගත් ඩයස් බටහිර රටක සිට වුවද ක්‍රියාත්මක කළේ කොටි විරෝධී වැඩපිළිවෙලකි. ඒ ඔහුට රට ගැන තිබූ කැක්කුම අසීමාන්විත වූ නිසාය).

  3. chan says:

    Oya perera namin comments Dana paharayawa mage yahaluwek hondata dannawa. Mu me assikkita Katha kiyanne uge ammath ekka thiyena tharahakata kiyala thamai kiyanne. Mokada muge amma muta kisima depalsk liyala dila ne. Ithin mu karanne me wage avajathaka comments dala uge ammava kimuhum yawala nomara marawana eka. Paw e asarana gani.

  4. Champa says:

    යුද්ධය වෙනුවෙන් ජීවිත පූජා කරපු, ඇස්, අත්, පා පූජා කරපු, සහ කොටින්ගෙන් රට බේරා ගන්න සටන් කරපු හැම රණවිරුවෙක්ටම කරපු අවමානයක් මේ කතාව.

    නෙද්දකින්. තරු, පටි ඔක්කොම ගලවලා ප්‍රභාකරන් වගේම නිර්නාමික කරන්න වටිනවා මේ කියන දේශද්‍රෝහී කතාවට.

    • Champa says:

      Ooph… this comment seems to have landed at the wrong place. This was actually meant for SF’s news on Off Road.

  5. Dickie Bird says:

    dan sapadaaaaaaaaaaa ?? Kooooo oya Buddi ansa ?? Wedak kerenne nadda?????

    ජීවිත පූජා කරපු, ඇස්, අත්, පා පූජා කරපු, සහ කොටින්ගෙන් රට බේරා ගන්න සටන් කරපු හැම රණවිරුවෙක්ටම කරපු අවමානයක් nedaaaaaaaaaa ?????????

  6. Champa says:

    ඉල්ලන් කාල!

    මොකාද ඇත්තටම “උතුරේ ජනසංහාර සතියක්” පවත්තන්න ඉඩ දීපු මානසික ලෙඩා? ලෝකේ කොහෙවත් මෙහෙම දේවලට ඉඩ දෙන්නේ නැහැ. අපේ රටේම ඉඳගෙන ඒ රටේම වෙනස් ජාතියකට විරුද්ධව ඔප්පු කරන්න කිසිම සාක්කියක් නැතුව නොකරපු “ජන සංහාරයක්” සමරන්න ඉඩ දීම රණවිරුවන්ගේ සහ සිංහල ජාතියේ අයිතිවාසිකම් කඩ කිරීමක්. ජනසංහාරයක් කියන්නේ මහ බරපතල චෝදනාවක්. අපි එහෙම දෙයක් කලේ නැහැ.

    මේ රට ගොඩ නැඟුවේ, ආරක්ෂා කලේ අපේ සිංහල බෞද්ධ රජවරු. ඒ කාලෙත් රට බේරා ගන්න දකුණු ඉන්දියාවෙන් ආපු කාලිංග මාඝ වගේ ම්ලේච්ඡ ආක්‍රමණිකයන් වත් වෙනත් දෙමළ රජවරුත් පරාජය කරන්න සිද්ධ වුනා. එළාරව පරාජය කරන කොට සිවිල් වැසියන් මැරෙන එක නවත්තගන්නයි දුටුගැමුණු රජතුමා එළාරට ද්වන්ධ සටනකට එන්න කියලා පරාජය කලේ. දුටුගැමුණු රජතුමා එදා කරපු දේමයි අපේ හමුදාව මානුෂික මෙහෙයුමක් විදියට සිවිල් වැසියන්ව අයින් කරලා, No Fire Zone දාල යුද්ධයක් යන අතර වාරේ කරන්න පුළුවන් ඉහලම විදියට සිවිල් වැසියන් ආරක්ෂා කරගෙන උතුරේ ත්‍රස්තවාදීන්ට විරුද්ධව කලෙත්. ඒක කොහොමද ජනසංහාරයක් වෙන්නේ?

    උතුරේ දෙමල දේශපාලකයන්ට සිංහලයන්ට විරුද්ධව මේ විදියට සැමරුම් කරන්න ඉඩ දෙන එක වැරදියි.

    මැරිච්ච මිනිස්සු උතරේ වැසියන්ගේ නෑදැයෝ වුනාට, ඒ, ඒ කාලේ ලෝකයේ තිබුණු ම්ලේච්ඡම ත්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයෝ. නෑදැයෝයි කියලා ත්‍රස්තවාදීන්ව සමරන්න ඉඩ දෙන්න බැහැ. මේ “නෑදෑයෝම” තමයි ප්‍රභාකරන් ඉන්න කාලේ බෝම්බ ගහලා වෙඩි තියලා දෙමල මිනිස්සුන්ව මැරුවෙත්. ත්‍රස්තවාදීන් නෑදෑයෝ කියලා සමරන කොට දෙමල සිවිල් තරුණයන්ට ත්‍රස්තවාදියෙක් වීම නිවැරදියි කියන හැඟීමක්, ත්‍රස්තවාදියෙක් වීම පූජනීයත්වයෙන් සැලකුම් ලැබීමට තරම් උතුම් දෙයක් විදියට වැරදි හැඟීමක් දෙනවා. මෙවැනි දේවල් වලට ආණ්ඩුව නිශ්ශබ්ද වීම රටේ අනිත් පුරවැසියන්ගේ ජීවිත අනතුරේ හෙලීමක්.

    ආරක්ෂක අමාත්‍යංශයට කොන්දක් නැහැ. ත්‍රස්තවාදීන් සමරපු හැමෝවම වහාම අත් අඩංගුවට ගන්නයි තිබුනේ.

Main News