ප‍්‍රභාකරන් මැරුවේ මගේ බලකායෙනුයි.. එදා මේව කිවුවා නම් කමල් ගුණරත්නගේ ඇදුම ගලවනවා.. ඔහුට විනය පරික්‍ෂණ තිබුණා..

September 25, 2016 at 9:20 am | lanka C news
ප‍්‍රභාකරන් මැරුවේ මගේ බලකායෙනුයි.. එදා මේව කිවුවා නම් කමල් ගුණරත්නගේ ඇදුම ගලවනවා.. ඔහුට විනය පරික්‍ෂණ තිබුණා..

කොටි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට ප‍්‍රහාර එල්ල කර ඔහු ඝාතනය කරනු ලැබුවේ තමන්ගේ සෘජු උපදෙස් මත ක‍්‍රියාත්මක වූ බි‍්‍රගේඞ්යර් රවිප‍්‍රිය යටතේ පැවති කාර්ය සාධක බලකාය විසින් බව ප‍්‍රාදේශීය සංවර්ධණ ඇමති  ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

එය සිදු වූයේ තමන්ගේ උපෙදස් මත මිස මේජර් ජනරාල් කමල් ගුණරත්නට උවමනා විදිහට නොවන බවද ඔහු පෙන්වා දෙයි.

මේජර් ජනරාල් කමල් ගුණරත්නට විරැද්දව පැවති විනය පරීක්‍ෂණ අමතක කරමින් ඔහුට සේනාංතයක් බාර චෙදනු ලැබුවේද තමන් විසින් බව හිටපු හමුදාපතිවරයා සදහන් කරයි.

අද ඔහුගේ පොතේ ඇති දේවල් එදා දැනගත්තේ නම් ප‍්‍රභාකරන්ගේ ඇදුම ගලවන්නට පෙර කමල් ගුණරත්නගේ ඇදුම ගලවා දමන බවද පවසන ෆොන්සේකා මහතා ප‍්‍රභාකරන්ට පහර දුන්නේ මමයි කියන්නට සේනාංකාධිපතිවරැුන් එණ්ඩු වූ බවද සදහන් කරයි.

මේජර් ජනරාල් කමල් ගුණරත්නට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් වත්මන් හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටී.

327 views
Main News