ප‍්‍රභාකරන් මියගොස් වසර 10 සැමරුමට මුල්ලිවයික්කාල් සූදානම් කෙරේ..

May 15, 2019 at 12:40 pm | lanka C news
ප‍්‍රභාකරන් මියගොස් වසර 10 සැමරුමට මුල්ලිවයික්කාල් සූදානම් කෙරේ..

යුද්දය අවසන් වී වසර 10 ක් පිරීම නිමිත්තෙන් අවසන් යුද්දය පැවති වෙල්ලමුල්ලි වයික්කාල්හි පිහිටි යුද සැමරුම් ස්මාර්කය සහ භූමිය මේ දින වල එලිපෙහෙලි කරමින් සූදානම් කර සිටිති.

එලඹෙන මැයි 18 වනදා උදෑසන 10.30ට වෙල්ලමුල්ලි වයික්කාල්හි පිහිටි යුද සැමරුම් ස්මාර්කය ඉදිරිපිටදී යුද්දය නිමා වී වසර 10 ක් පිරීම හා අවසන් යුද්දයේදී මිය ගිය  ජනතාව සිහිපත් කොට ඔවුන් වෙනුවෙන් සෙත් ශාන්ති පැමණවීම සිදු කිරීමට සියල්ල සූදානම් කිරීමට ප්‍රදේශවාසී ජනතාව හා ආගමික නායයකයින් විසින් පියවර ගෙන ඇත.

මේ වන විට උතුරු පලාත් සභාවක් නොමැති අතර පසුගිය වසරේ උතුරු පලාත් සභාව පැවති හෙයින් මුල්ලිවයික්කාල් යුද සැමරුමේ පූර්ණ සංවිධාන කටයුතු උතුරු පලාත් සභාව හා යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයෙන් සිදු කළ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූවේ එවකට උතුරු මහඇමතිව සිටි සී.වී.විග්නේශ්වරන් මහතාය.

කෙසේ වෙතත් වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුම වෙනුවෙන් මෙවර දේශපාලන නියෝජිතයින් හා සාමාන්‍ය වැසියන් සියලු දෙනාට ආරාධානා කර සිටින බවටද මුල්ලි වයික්කාල් ස්මාර්ක භූමිය සකසන ප්‍රදේශවාසීන් වැඩි දුරටත් ඉල්ලා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

31,570 Viewers

2 Comments to “ප‍්‍රභාකරන් මියගොස් වසර 10 සැමරුමට මුල්ලිවයික්කාල් සූදානම් කෙරේ..”

  1. P. Chang Hutang says:

    බොහෝ ඉක්මනින් සියල්ල අමතක වන සිංහලයාට තමන් මීට අවුරුද දහයකට පෙර අත්විදි භීෂනය ආවර්ජනය කිරීම සදහා අවස්තාවක් ලැබීම දෛවොපගත සිද්ධියකි. පොදු ජනතාවට අමතක වූත්, ද්‍රෝහීන් විසින් බලහත්කාරයෙන් අමතක කිරීමට උතසාහ ගන්නාවූත්, ද්‍රවිඩයන් ඇතුළු සියලුම ජන කොටස් වලට මර බියෙන් තොරව නිදහසේ ජීවත්වීමේ අයිතිය තහවුරු කල එම උදාර අවස්තාව සිහිකිම හා ජිවිත පරිත්‍යාගයෙන් එම ජයග්‍රහණය අපහට අත්කරදුන් රණවිරුවන්හට අපගේ කෘතවේදය පල කරනු සදහාත්, ජාතියේ අභිමානය ප්‍රකාශ කිරීම සදහාත්, මැයි 18 හා 19 වන දිනවල ජාතික කොඩිය ඔසවා ඔබගේ භක්ති ප්‍රණාමය පුද කරන ලෙස සියලුම ජාතිහිතයිශින්ගෙන්, කාරුණිකව ඉල්ලා සිටින්නෙමි

  2. මසුරං වටිනා සිහි කැඳවීමකි . පී චැන්ග් සැලියුට් යුවර් බ්‍රේන්.

Main News