ප‍්‍රභාකරන් මිය ගිය දින සැමරුමට දැඩි පොලිස් ආරක්ෂාවක් දෙයි…

May 19, 2019 at 10:40 am | lanka C news
ප‍්‍රභාකරන් මිය ගිය දින සැමරුමට දැඩි පොලිස් ආරක්ෂාවක් දෙයි…

යුද්දය අවසන් වී වසර 10 ක් පිරීම හා අවසන් යුද්දයේදී මිය ගිය වැසියන් සහිකොට වාර්ෂීකව සිදු කෙරෙන යුද අනුෂ්මරණ උත්සවය මෙවරද දැඩි පොලිස් ආරක්ෂාවක් හමුවේ මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු තීරයේ පිහිටි යුද ස්මාර්කය ඉදිරිපිටදී සිදු විය.

ගෙවුනු වසර වලදී මුල්ලිවයික්කාල් යුද සැමරුම් දෙමළ ජාතික සන්ධානයේද සහභාගීත්වයෙන් කිසිදු ආරක්ෂක අංශ සහභාගීත්වයකින් තොරව සිදු නොකොට ඉතා ඉහලින් සැමරුවද ඊයේ (18) දින පැවති යුද සැමරුම ඊට වෙනස් වෙමින් යුද සැමරුම සිදුවූවේ පූරණ පොලිස් ආරක්ෂාවක් හමුවේ වීම විශේෂත්වයක් විය.

පසුගිය දිනයන්හි ඇති වූ බෝම්බ පිපුරුම් අනාරක්ෂිත තත්වය හේතුකොට ගෙන මුල්ලි වයික්කාල් යුද සැමරුම වෙනුවෙන් ආරක්ෂාවක් ලබා ගැනීමට සිදු වූ බවටත් මෙවර යුද අනුෂ්මරණ සැමරුම වෙනුවෙන් ප්‍රදේශවාසි සාමාන්‍ය වැසියන් පමණක් සහභාගී වූ බවට මුල්ලිවයික්කාල් යුද සැමරුමේ සංවිධායකයක කමිටුව පැවසීය.

මුල්ලි වයික්කාල් යුද අනුස්මරණ සැමරුම් අවස්ථාව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, ශිවසක්ති ආනන්දන් මහතා, එස්. සිවමෝහන් හා හිටපු පලාත්සභා ප්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේශ්වරන් හිටපු පලාත්සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම්, හිටපු මන්ත්‍රී සුරේස් ප්‍රේමචන්ද්‍රන් ඇතුලු පිරිසක් සහභාගී වී සිටි අතර යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

එහිදී මුල්ලිවයික්කාල් අවසන් යුද්දයේදී මිය ගිය වැසියන් වෙනුවෙන් මල් පහන් දල්වා මිය ගිය අයගේ ආත්මයන් වෙතට ශාන්ති පමුණවීමෙන් පසුව මුල්ලිවයික්කාල් යුද සැමරුම් කමිටුවේ පූජකතුමෙකු  විසින් මිය ගිය ජනතාවට සාධාරණයක් වෙනුවෙන් මුල්ලිවයික්කාල් ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීය.

එහදී එම ප්‍රකාශය මගින් කියා සිටියේ,

‘යුද්දය අවසන් වී වසර 10 ක් ත වී ඇතත් මේ දක්වා යුද්දදෙන් මිය ගිය ජනතාවගේ පවුල් වෙනුවෙන් හෝ මිය ගිය ජනතාවට සාධාරණයක් වෙලා නැහැ ඒ නිසා මුල්ලිවියක්කාල් යුද සැමරුම වෙනුවෙන් සහභාගී වන පිරිස් සංවිධානනයක් වශයෙන් පෙනී සිට ප්‍රතිඥාවක් දෙනවා යුද්දයේදී මිය ගිය දෙමළ ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට ශ්‍රීලංකා රජයට හෝ එක්සත් ජාතීන්නගේ සංවිධානයට මෙතෙක් හැකිවෙලා නැහැ එම නිසා ශ්‍රීලංකා රජය ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත යුතුයි යන ප්‍රතිඥාවයි’ යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

14,150 Viewers

4 Comments to “ප‍්‍රභාකරන් මිය ගිය දින සැමරුමට දැඩි පොලිස් ආරක්ෂාවක් දෙයි…”

  1. බෙර හඬ says:

    ඔවුන්ව සමරන්නේ රට, ජාතිය සහ ඔවුන්ගේ ආගම වෙනුවෙන් කුමක් කළ නිසාද? රට වැනසුවා, ජාතිය වැනසුවා, ආගම් සියල්ලම පාහේ වැනසුවා. නමුත් ඔවුනට ආරක්ශාව දෙන්නේ කවුද? ලජ්ජා නැතිකම මහ මුදළිකමටත් වඩා ලොකුය.

  2. LION says:

    හදිසි නිතිය යටතේ මුන්ව අත් අඩංගුවට ගන්න තිබුනා

  3. සුපිපි says:

    අතිවිශිශ්ටයි වෙනස!
    අපේ රටට මුලින්ම මරාගෙන මැරෙන බෝම්බ ගෙනා එකා සමරන්න ආරක්ෂාව දෙන්න වෙලා තියෙන්නෙත් අපේ හමුදාවට!
    පාස්කු දවසේ මරාගෙන මැරුන එවුන් සමරන දවසක් ආවොත් ඒකටත් ආරක්ෂාව දෙන්න අපේ හමුදාවට සිද්ද වෙයිද කියලයි මට දුක.

  4. one shot says:

    දෙමළුන් සිහළුන් මුලා කරන කොළඹ පදිංචි දෙමළ/සිංහළ කලවම් කොටියා හඳුනා ගන්න​.

Main News