ප‍්‍රභාකරන් මිය ගොස් 10 සැමරැම වෙසක් පෝදා මුල්ලිවයික්කාල්දී..

May 18, 2019 at 8:02 am | lanka C news
ප‍්‍රභාකරන් මිය ගොස් 10 සැමරැම වෙසක් පෝදා මුල්ලිවයික්කාල්දී..

යුද්දය අවසන් වී වසර 10 ක් පිරීම නිමිත්තෙන් අවසන් යුද්දයේදී මිය ගිය සාමාන්‍ය වැසියන් සිහිකොට ඔවුන්ගේ අත්මයන් වෙතට සෙත් ශාන්ති පැමිණවීම (18) මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි පිහිටි යුද සැමුරුම් ස්මාර්කය ඉදිරිපිටදී සිදු කෙරෙන බවට මුල්ලිවයික්කාල් වැසියන් කියා සිටිති.

2009 මැයි මස 18 වනදා කොටි නායක ප්‍රභාකරන් ආරක්ෂක හමුදා ප්‍රහාරයන් හමුවේ මිය යාමෙන් පසුව යුද්දය අවසන් වුවද එදින සිට සෑම වර්ෂයකම මැයි 18 වනදාට අවසන් යුද්දයෙන් මිය ගැය වැසියන් සිහි කිරීම මුල්ලි වයික්කාල් මුහුදු තීරයේදී සිදු කෙරුණි.

මෙවර මුල්ලි වයික්කාල් යුද සැමරුම සංවිධානය කිරීම සඳහා මුල්ලිවයික්කාල්හි වැසයන් විසින් කමිටුවක් පත් කොට ඇති අතර එම කමිටුවට ආගමික නායකයින් මෙන්ම යාපනය විශවවිද්‍යාලයේ සිසුන්ගේද සහය ලැබී ඇත.

කෙසේ වෙතත් රටේ පවතින අයහපත් වාතාවරනයත් සමග මෙවර මුල්ලි වයික්කාල් සැමරුම උත්සවාකාරයෙන් සිදු නොකරන අතරම මුල්ලිවයික්කාල් වැසියන් ඇතුලු යුද්දයෙන් මිය ගිය වැසියන්ගේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් සාමාන්‍ය පරිදි සිදු කිරීමට පියවර ගෙන ඇති බවටද යුද සැමරුමේ සංවිධායක කමිටු සාමාජිකයින් පවසා සිටියහ.

මේ අතර යුද්දයෙන් මිය ගිය සාමාන්‍ය වැසියන් සමරා ඔවුන් වෙනුවෙන් මල් පහන් දැල්වීමක් වවුනියාවේ දින 817ක් පුරාවට සත්‍යග්‍රහයක නිරතව සිටින යුද්දයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල් එකමුතුව විසින් (17) දින මුලතිව් වට්ටුවාක්කල් පාලම අසලදී සිදු කරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7,338 Viewers

3 Comments to “ප‍්‍රභාකරන් මිය ගොස් 10 සැමරැම වෙසක් පෝදා මුල්ලිවයික්කාල්දී..”

  1. LION says:

    ත්‍රස්ත වාදීන් සිහික්රිම සිරගතවන වැඩක්

  2. sinha le says:

    මුන් කල යුත්තේ පිරපාකරන් වගේ පබයෙක් හදලා සැම දිනකම උදේ සවස කොස්සෙන් ගැසීමය

    • Vasana says:

      මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදීන් සැමරීමට ඉඩදී බලා සිටින්න ලජ්ජා නැද්ද යහපාලන නායකයන්ට ..
      පාර්ලිමේන්තුවේ 225 සිටින අවස්ථාවාදී දේශපාලකයන්ට උතුරේ සිදුකරන කොටි සැමරීම් නොපෙනේද ?
      මේකද උතුරේ දෙමල සංහිදියාව ? සහජීවනය ?
      ලැජ්ජයි සිංහලයනි, උබලා නිහඩව බලා සිටීම ගැන මේවා නතර කිරීමට ආණ්ඩුවට බලකළ යුතුයි

Main News