ප‍්‍රභාකරන් යටතේ අපි සතුටින් නිදහසේ හිටියා.. මහින්දගේ කාලේ භීතියෙන් හිටියේ.. – ඇමතිනී විජයකලා..

October 6, 2016 at 1:02 am | lanka C news
ප‍්‍රභාකරන් යටතේ අපි සතුටින් නිදහසේ හිටියා.. මහින්දගේ කාලේ භීතියෙන් හිටියේ.. – ඇමතිනී විජයකලා..

2009ට කලින් තමන් ඇතුළු උතුරේ ජනතාව සතුටින් නිදහසේ ආරක්‍ෂිතව ජීවත් වූ බව යාපනය දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හා රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පවසන්නීය.

ඇය මේ බව කියා සිටියේ ඊයේ රාත‍්‍රියේ පැවති දෙරණ ‘අලූත් පාර්ලිමේන්තුව’ වැඩසටහනේදීය.

නමුත්  2009න් පසු 2015 දක්වා කාලයේදී මහත් බියෙන් සැකයෙන් අනාරක්‍ෂිතව ජීවත් වූ බවද ඇය එහිදී පැවසුවාය.

2015දී පිහිටවනු ලැබූ යහපාලන රජය නිසා දැන් නැවතත් සතුටන් සමගියෙන් රැුකි රක්‍ෂා කරගෙන නිදහසේ ජීවත්වන බවද ඇය කීවාය.

214 views
Main News