ප‍්‍රභාකරන් වගේ වෙන්නැයි විග්නේෂ්වරන්ගෙන් ඉල්ලයි..

October 5, 2016 at 10:00 am | lanka C news
ප‍්‍රභාකරන් වගේ වෙන්නැයි විග්නේෂ්වරන්ගෙන් ඉල්ලයි..

කොටි නායක වේලූපිල්ලේ ප්‍රභාකරන් ආකාරයට හැකිනම් තමන්ගේ පුතුන් දෙදෙනාට අරගලයට එක් කර ගන්නැයි තමන් උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන්ගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනී නිමල්කා ප්‍රනාන්දු මහත්මිය කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියාය.

විග්නේෂ්වරන් දෙමල සන්ධානයෙන් වෙන්ව වෙනත් දේශපාලන ගමනක් යාම භයානක යයිද කී ඇය තමන් විග්නේශ්වරන් දේශපාලනයට ගෙන ඒම සදහා පුද්ගලිකව කැපවු අයෙකු ලෙස විශාල අර්බුදයකට මුහුණ පා සිටින බවද එහිදී කීවාය.

536 views
Main News