ප්රභාකරන් සැමරූ ශිවාජිලිංගම් අත්අඩංගුවට ගනී…
November 26, 2018 at 12:00 pm | lanka C news
කොටි සංවිධානටයේ නායක ප්රභාකරනගේ 64 වන උපන්දිනය යාපනය වැල්වැටි තුරෙය් ප්රදේශයේ සැමරීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ හිටපු පලාත් සභා මන්ත්රී එම්.කේ සිවාජිලංගම් ඇතුලු සිව් දෙනෙකු අද (26) උදෑසන වැල්වැටිතුරේයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ප්රකාශයක් ලබාගෙන මුදාහැර ඇත.
මේ පිලිබඳව හිටලු මන්ත්රී එම්.කේ.සිවාජිලිංගම් මහතාගෙන් විමීමේදී කියා සිටියේ,
ප්රභාකරන් මහත්තයාගේ 64 වන උපන්දිනය සමරන්න අපි තුන්දෙනෙක් ගියා එතුමන්ගේ ගෙදරට ත්රීවිල් එකකින් එහෙම ගිහින් එතුමන්ගේ ගෙදරට යන කොට පොලීසියෙන් වටකරල මෙතන සමරන්න බැහැ කියලා අපි එලවගත්තා එතෙන්ට ගියේ වැල්වැටිතුරේ නගරාධිපති ගරු කරුනානන්ද රාසා මහත්තයයි ,වැල්වැටිතුරෙයි නාගරික මන්ත්රී ගරු සිවඥාන සුන්දරම් මහත්තයයි මමයි මගේ ත්රීවිල්එකේ රියදුරුයි ඊට පස්සේ අපි වැල්වැටිතුරෙයි තීරුවිල් පබ්ලික් පාර්ක් එකේ අපි කේක් කපන්න ලෑස්තිවෙන කොට පොලීසියෙන් ඇවිත් කේක් එකයි අනිත් බැනර් සහ බඩුත් එක්ක ත්රීවිල් එකයි අපිවයි පොලිස් අත්අඩංගුවට අරන් ගියා ඊට පස්සේ පොලීසියෙන් මෙහෙම සමරන්න බැහැ කියලා අවවාද කරලා මුදා හැරියා. යනුවෙනි.
සිවාජිලිංගම් මන්ත්රී වරයා කොටි නායක ප්රභාකරන්ගේ මස්සිනෙකුද වන බවට උතුරේ ආරක්ෂක අංශ කියා සිටියි.කෙසේ වෙතත් අද දිනයේදී කොටි නායකයාගේ උපන්දිනය වෙනුවෙන් නීති විරෝධී ක්රියාවන් සිදු වේද යන්න පිළිබඳව සොයා බැලීමට යාපනය දිස්ත්රීක්කයට පූරණ් ආරක්ෂාවක් යොදවා ඇති අතරම නීති විරෝධීව කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටද පියවර ගෙන ඇති බවට යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
muwa maha wiru dinaya samaranna orabakaran geyapu thanatama yauwanam ewarai na,
ai ma kalakanni gari damalawa chun karanna.apa badu walin kaka apitama kalinakan ai bolau balan inna
මුන්ට මේ විදිහට ඉඩදී පස්සේ ඉල්ලන්කන්න එපා.
uthurata dakaunata ekama neethiyakk……….?
All Drama just to Satisfy Sinhalese
හිටපු මන්ත්රී . සිවාජිලිංගම් අපේ රටේ නැවත LTTE ත්රස්තවාදය ඇතිකිරීමට උත්සාහ දරන මෙලෙච්චේද කොටි ත්රස්තවාදියෙක් ..මොහුව අත්අඩංගුවට ගැනීම ගැන පොලිසියට අපේ ස්තුතිය …මොහුට විරුද්ධව නිතිය ක්රියා කිරීමට තිබුනේ ප්රථමයෙන් ප්රමාද වී හෝ මේ ත්රස්තවාදියා අත්අඩංගුවට ගැනීම ගැන ලක් රජයට අපේ ස්තුතිය
Ona okai mahinda gei ranilgei wenasa
කෝ මේ සමනළ පැටවුන්ගේ සංහිදියාව.